ශ්‍රී ලංකාවේ ඉරණවිල ප්‍රදේශයේ අහසේ අභිරහස් යානාවක් !

හලාවත ඉරණවිල අහසේ විශාල එළියක් සමඟ ගමන් කළ යානයක් ප්‍රදේශවාසින් විසින් නිරික්ෂණය කර ඇත. ඉරණවිල අමෙරිකන් හඬ ප්‍රදේශයට ආසන්නයේ ඉහළ අහසේ මේ යානය මුලින්ම දැක ඇත්තේ ඉස්සන් වගාකරුවකු වන පි. ප්‍රනාන්දු මහතායි. ඔහු ඒ සමඟ ඔහු අත ඇති විදුලි පන්දම දල්වා නිවා ඇති අතර යානය ඔහු පසු පස හඹා ආ බවද ප්‍රනාන්දු මහතා පැවසිය. මේ යානය පුද්ගලයන් කිප දෙනෙක්ම දැක ඇත. සිද්ධිය විස්තර කළ පී. ප්‍රනාන්දු මහතා අමෙරිකන් හඬට ආසන්නයේ ඉස්සන් පොකුණ මා කරගෙන යනවා. සොරුන්ගෙන් ඉස්සන් බේරා ගැනීම සඳහා නොනිදා රාත්‍රිය පහන් කරනවා. අගහරුවාදා අලුයම 3ට පමණ අහසේ විශාල තරුවක්මුලින්ම දුටුවා ලස්සන නිසා මා බලන් හිටියා ටික වේලාවකින් එය තරුවක් නොවන බව මට තේරුණා මගේ විදුලි පන්දම දල්වා එයට එල්ල කලා ඊට පසු විදුලි පන්දම දල්වලා නිවලා සංඥාවක් ලබා දුන්නා. ඔය අතරේ මට පුටුව උඩම නින්ද ගියා. එකවර මා ඇහැරිලා බලද්දි විශාල එලියක් මා ආසන්නටයම එනවා දැක්කා. මම දිවිවා. එත් එක්කම මම ඊට නුදුරටින් හිටපු ගෝලයටත් කතා කළා අපි පන එපා කියලා දිවිවා අපි දුවන පැත්තටත් අහිරහස් යානය අවා. අපි හොදටම බයවුණා. පස්සේ එතන හිටපු දෙන්නෙකුටත් යානය පෙන්නුවා. අපි හැංගුනාම පස්සේ යානය ඉහළ අහසට නැවත ගියා. .

No comments:

Post a Comment