මේ ශත වර්ෂයේ විශාලතම සරණාගත අර්බුදය සිරියාවෙන් පැන නැගෙයි

ලෝකයේ විශාලතම සරණාගත අර්බුදය සිරියානු අර්බුදයත් සමග නිර්මාණය වී ඇත.

සිරියානුවන් මිලියන දෙකක්‌ සිය රට හැර ගොස්‌ ඇති අතර, තවත් සිරියානුවන් මිලියන හතරක්‌ සිය රටේ අනාථයන් බවට පත්ව තිබේ.

ලෙබනනයට, ජෝර්දානයට හා තුර්කියට දිනපතාම සිරියානුවන් පන්දහස බැගින් ඇදී එති.

වසර දෙකහමාරක්‌ තිස්‌සේ ඇදී යන සිරියානු අර්බුදය නිසා මියගිය පිරිස ලක්‍ෂය ඉක්‌මවයි. 

ඇන්ජලිනා ජොලී පවසන්නේ සිsරියානු අර්බුදය නිසා සරණාගත ඛේදවාචකයක්‌ නිර්මාණය වී ඇති බවයි. 

සිරියාව හැර ගොස්‌ ඇති සරණාගතයන් හත්ලක්‍ෂයක්‌ ලෙබනනයේ කඳවුරුවල වෙසෙන අතර ලක්‍ෂ තුනක්‌ ජෝර්දානයේ ද හාරලක්‍ෂ හැට දහසක්‌ තුර්කියේ ද එක්‌ලක්‍ෂ හැම අට දහසක්‌ ඉරාකයේ ද තවත් ලක්‍ෂයක්‌ ඊජිප්තුවේ ද අනාත කඳවුරුවල වෙසෙති.

90 දශකය මුල් භාගයේ ඇෆ්ගනිස්‌තානයේ ඇති වූ යුද්ධය නිසා මිලියන 6.6. ක පිරිස අනාථ වූ අතර එම අර්බුදයෙන් පසුව උද්ගත වූ විශාලම සරණාගත ප්‍රශ්නය මෙයයි.

ඇමරිකාව හදිසියේ සිරියාවට ප්‍රහාර එල්ල කළහොත් මේ අර්බුදය තවත් උග්‍ර වනු ඇත.

කෙසේ නමුත් සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද් පවසන්නේ තම රටට ප්‍රහාර එල්ල කළහොත් එයින් කලාපයම යුද්ධයක පැටලෙනු ඇති බවයි

අළුත උපන් බ්‍රිතාන්‍ය කිරීටයේ උරුමකරුවා



බ්‍රිතාන්‍යයේ කේට් මිඩ්ල්ටන් කුමරිය ලන්ඩන් වේලාවෙන් 2013/07/22 වන දින සවස 4.24ට පුතකු බිහිකර තිබේ. ලන්ඩන්හි ශාන්ත මේරි රෝහල සඳහන් කරන්නේ , මවත් දරුවාත් යහපත් ශරීර සෞඛ්‍යයෙන් පසුවන බව ය. එමෙන්ම රාජකීය කුමරු බිහිවන විට රාත්තල් 8කුත් අවුන්ස 6ක බරකින් යුක්ත වූ බව ශාන්ත මේරි රෝහල උපුටා දක්වමින් බීබීසි ලෝක සේවය වාර්තා කළේ ය. දරුවා ලැබිමෙන් උද්දාමයට පත්ව සිටින විලියම් කුමරු පවසා ඇත්තේ තමන් දෙදෙනාට ලබා ගැනීමට මීට වඩා සතුටක් නැති බව ය. විලියම් කුමරු මුළු රාත්‍රියම රෝහලගේග තකර තිබෙන බවත් විදෙස් වාර්තා සඳහන් කරයි. මේ අතර එම වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ ලන්ඩන් හි ශාන්ත මේරි රෝහල ඉදිරිපිට මාධ්‍යවේදින් සහ රාජකීය පවුලට සුබ පතන්නන් විශාල පිරිසක් රැස්ව සිටින බව ය. ඔවුන් සියලුදෙනා නාම පුවරු රැගෙන ප්‍රීති ඝෝෂා කරමින් සිටින අතර රාජකීය බිලිඳා හට තැබිය යුතු නම් පිළිබඳව ද අදහස් පළ කරමින් සිටී. රාජකීය පවුලේ සියලු දෙනා ඔවුන්ගේ සතුට ප්‍රකාශ කරමින් නිවේදන නිකුත්කර තිබේ. මේ අතර චාර්ල්ස් කුමරු නිවේදනය කර තිබෙන්නේ තමන්ගේ පළමු මුණුබුරා දැකීමෙන් ප්‍රිතිය ඔද වැඩි ගිය බව ය. විලියම් කුමරුගේ බාල සොහොයුරා වන හැරී කුමරුද සුබ පැතුම් එක්කර තිබෙන අතර රාජකීය පවුල වෙනුවෙන් තමන් අතිශය ප්‍රීතියට පත්ව සිටින බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් පවසා තිබේ.

පොලොන්නරුව අරනගන්විලෙන් පිටසක්වල ජීවින් සිටින බවට ලොව ප්‍රථම සාක්ෂිය හමුවේ !

පොලොන්නරුව අරනගංවිල ප්‍රදෙශයට පසුගිය දෙසැම්බර් 29වෙනිදා(2012/12/29). අක්කරයක පමන භුමිප්‍රමානයක තැනින් තැන විසිරි තිබි හමුවු. අසාමාන්‍ය පාෂාන කොටස් දැන් තාරකා ජිව විද්‍යා ක්ෂෙත්‍රය උඩුයැටිකුරු කිරිමට සමත් වි තිබේ. එම පාෂාන සොයා ගත් ප්‍රදෙශයේ සිටින අය රාත්‍රි කාලයේ කිසියම් අත්බුත එලිද පසුගිය දවස් වල දැක තිබෙ. එම එලි වලට හෙතුව උල්කාෂ්ම බහුල ප්‍රදෙශයක් හරහා එ දවස් වල පෘතුවිය ගමන් කරමින් පැවතිම බව තාරකා විද්‍යාඥයන් විසින් පෙන්වා දෙන ලදි. එ අනුව එම පාෂාන පිටසක්වලින් පැමිනි උල්කාෂ්ම විය හැකි බවට ඔනැම කෙනෙක්ට සැකයක් පහල වේ.
එසේ සැක පහල වන විට පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරු එවා අකුනු ගැසිමකින් පස් වල සිදු වු විපරිතවිමක් නිසා හට ගත් පාෂන බව පෙන්වා දෙනලද්දෙ මෙතෙක් ලංකාවේ හමු වු විශාලතම උල්කාෂ්මය පෙන්වා දෙන ගමන්ය. මෙ ප්‍රකාශ අතරතුරදි කොලඹ වෛද්‍ය පර්යේශන ආයතනයේ වෛද්‍ය අනිල් සමර නායක ඇතුලු පිරිස අරනගංවිලෙන් හමුවු එ අසාමාන්‍ය පාෂාන වල සාම්පල ‍රැගෙන පර්යේෂන කටයුතුවලට යොමු විය. එම පාෂාන වල සාම්පළ නාසා ආයතනයේ තාරකා විද්‍යඥ මහාචාර්‍ය රිචර්ඩ් බ්‍රි හුවර් මහතාටත් මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහයන්ටත් යොමුකලෙ වැඩිදුර පර්යෙශන සදහාය. එම මුලික පර්යේශන ප්‍රථිඵල එකම වු නිසා වැඩිදුර පර්යේෂන සිදුකර මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහයන් හා වෛද්‍ය අනිල් සමරනායක මහතාගේ ප්‍රධානත්වයෙන් Journal of Cosmology හි 21 වන වෙලුමෙ පර්යෙශන ලිපියක් පළ කලොය. එම පර්යෙෂන ලිපි වලට අනුව එම උල්කාෂ්ම වල අභ්‍යන්තරයෙ ඩයටම් නැමති ඇල්ගා විශෙෂයේ ජිවින් සිටින බව හෙලිවේ. මෙය දැනට ජාත්‍යන්තරව පිලිගත් ප්‍රථම පිටසක්වල සිට පැමිනියේ යැයි සැල කරන ජිවි සාක්ෂිය බවට පත්වි තිබේ. මෙම උල්කාෂම වල අභ්‍යන්තරයේ පොසිල බවනය වු ඩයටම මෙන්ම ජිවි තත්වයේ සිටින ඩයටම සිටින බව බ්‍රිතානයෙ කාඩිෆ් විශ්ව විද්‍යාලේ ඉලෙක්ට්‍රොන අන්වික්ෂ මගින් මහාචාර්‍ය චන්ද්‍ර වික්‍රම සිංහයන් ලබාගත් ඡායාරුප වල පැහැදිලිව දක්නට ලැබේ. එමෙන් ම පසුගිය දවස් වල ඇද හැලුනු රතු වැස්සේ තිබි හමු වු ජිවි සෛල වලට සමාන සෛලද එම උල්කාෂ්ම අභ්‍යන්තායේ තිබි ඇත.එ අනුව. රතු වැසි වලටද හෙතුව පෘතුවිය මතුපිට සිට අහසට නැගුනු Trentepohlia ඇල්ගා නොව පිට සක්වල සිට උල්කාෂ්ම හරහා පැමිනි ජිවින් බව මහාචාර්‍ය චන්ද්‍ර වික්‍රම සිංහයන් පෙන්වා දෙයි. දැන් පිටසක්වල ජිවය පවතින බවට හොඳ සාක්ෂියක් ලංකාවේන් හමු වි තිබේ. මෙ පිලිබදව තව දුරටත් පර්යෙශන නාසා ආයතනයේන් මෙන්ම තාරකා ජිවි විද්‍යාඥ මහාචාර්‍ය චන්ද්‍රා වික්‍රමසිංහයන් ඇතුලු පිරිස පවත්වන බැවින් තරකා ජිවි විද්‍යාවේ නව පිබිදිමක් අනාගතයෙදි අපට අපෙක්ෂාකළ හැක. Journal of Cosmology හි 21 වන වෙලුමෙ 37වන ලිපියෙන් උපුටා ගත් පොලොන්නරුව උල්කාෂ්ම අභ්‍යන්තරයෙ තිබු ඩයටම(Diotoms)හා රතු වැස්සේ තිබු සෛල වලට සමාන සෛල වල ඉලෙක්ට්‍රොන අන්වික්ශිය ඡායාරුප කිහිපයක් පහත දැක්වේ.
පොසිල බවනය වු ඩයටම, රතුවැස්සේ සෛල වලට සමාන සෛල, ජිවි ඩයටම මෙහි දක්නට ලැබේ.
පොසිල බවනය වු ඩයටම මෙහි දක්නට ලැබේ

අරුම පුදුම වර්ණවත් වැසි

ගිරාදුරුකෝට්ටේ මහවැලි සත්ව ගොවිපළ හි කුඹුරු යායට උල්කාපාත කොටස් වැටී ඇති බවට සැක කෙරේ. කලු, දැඩි, ප්‍රමාණයට වඩා බර වැඩි පාෂාණ කැබලි කුඹුරේ තිබී සොයගෙන තිබේ. කුඹුරුයායේ ස්ථාන කිහිපයක මහියංගන පදියතලා පාරේ 48 අරාවත්තට, සේරාන හා සොරබොර වටවන ප්‍රදේශයට මෙන්ම හසලක රත්න ඇල්ලට හා තෝරපිටියටද එමෙන්ම ගිරාදුරුකෝට්ටේ ස්ථාන කිහිපයකට පසුගිය 4දා සවස කහ වැසි වැටී ඇත. අනුරාධපුර බණ්ඩාරපුලියන්කුලම ප්‍රදේශයට නිල් පැහැයෙන් යුතු වර්ෂාවක් ඇද හැළී ඇති අතර නුවරඑළියේ නානුඔයට රතු වැස්සක් සහ පොළොන්නරුවේ පලුගස්දමනට හා මැදිරිගිරියට කහ පැහැති වර්ෂාවක් පතිත වී ඇත. මේ අතර ඉකුත් දා පෙරවරුවේ මෙම ප්‍රදේශයටද පැවැති වර්ෂාවත් සමඟ, නුවරඑළියේ - නානුඔය – කිරිමැටියේ ඇවෝකා වත්තටද මෙලෙස රතු වැස්සක් පතිත වී තිබේ. මෙදින පෙරවරු 9.20 සිට පෙ. ව. 10.00 පමණ වනතෙක් මෙලෙස මෙම වත්තට රතු වැස්ස පතිත වූ බව, එහි වතු කම්කරු ජනයා සඳහන් කරයි. මෙලෙස තම ප්‍රදේශයට පතිත වූ රතු වැහි වතුර, මෙහි බොහෝ දෙනෙක් භාජනවලට එකතු කර තබා තිබෙන අතර, ඉන් සමහරක්, වතු පාලන අධිකාරිය ඔස්සේ හා නුවරඑළිය, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඔස්සේ පර්යේෂණ කටයුතු සඳහා අදාළ ආයතනවලට යොමු කිරීමට පියවර ගත් බවද වාර්තා වේ. පොළොන්නරුවේ පලුගස්දමන හා මැදිරිගිරිය අඹගස්වැව ප්‍රදේශවලට පසුගිය දා සවස ඇතිවූ ටොනාඩෝ සුළි සුළඟ පැවැති අවස්ථාවේදී කහ වර්ෂාවද පැවැතීම පිළිබඳව පර්යේෂකයන්ගේ අවධානයට යොමු වී ඇත. මෙදින පස්වරු 2.00ට පමණ සිදුවූ මෙම සුළි සුළඟ හැමීමට පෙර පැවති වර්ෂාව නව නගරයේ හා මැදිරිගිරිය ප්‍රදේශයේ ගම්වැසියන් විසින් මෙම කහ වැස්සේ ජලය එක්රැස් කරගෙන තිබේ.