අරුම පුදුම වර්ණවත් වැසි

ගිරාදුරුකෝට්ටේ මහවැලි සත්ව ගොවිපළ හි කුඹුරු යායට උල්කාපාත කොටස් වැටී ඇති බවට සැක කෙරේ. කලු, දැඩි, ප්‍රමාණයට වඩා බර වැඩි පාෂාණ කැබලි කුඹුරේ තිබී සොයගෙන තිබේ. කුඹුරුයායේ ස්ථාන කිහිපයක මහියංගන පදියතලා පාරේ 48 අරාවත්තට, සේරාන හා සොරබොර වටවන ප්‍රදේශයට මෙන්ම හසලක රත්න ඇල්ලට හා තෝරපිටියටද එමෙන්ම ගිරාදුරුකෝට්ටේ ස්ථාන කිහිපයකට පසුගිය 4දා සවස කහ වැසි වැටී ඇත. අනුරාධපුර බණ්ඩාරපුලියන්කුලම ප්‍රදේශයට නිල් පැහැයෙන් යුතු වර්ෂාවක් ඇද හැළී ඇති අතර නුවරඑළියේ නානුඔයට රතු වැස්සක් සහ පොළොන්නරුවේ පලුගස්දමනට හා මැදිරිගිරියට කහ පැහැති වර්ෂාවක් පතිත වී ඇත. මේ අතර ඉකුත් දා පෙරවරුවේ මෙම ප්‍රදේශයටද පැවැති වර්ෂාවත් සමඟ, නුවරඑළියේ - නානුඔය – කිරිමැටියේ ඇවෝකා වත්තටද මෙලෙස රතු වැස්සක් පතිත වී තිබේ. මෙදින පෙරවරු 9.20 සිට පෙ. ව. 10.00 පමණ වනතෙක් මෙලෙස මෙම වත්තට රතු වැස්ස පතිත වූ බව, එහි වතු කම්කරු ජනයා සඳහන් කරයි. මෙලෙස තම ප්‍රදේශයට පතිත වූ රතු වැහි වතුර, මෙහි බොහෝ දෙනෙක් භාජනවලට එකතු කර තබා තිබෙන අතර, ඉන් සමහරක්, වතු පාලන අධිකාරිය ඔස්සේ හා නුවරඑළිය, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඔස්සේ පර්යේෂණ කටයුතු සඳහා අදාළ ආයතනවලට යොමු කිරීමට පියවර ගත් බවද වාර්තා වේ. පොළොන්නරුවේ පලුගස්දමන හා මැදිරිගිරිය අඹගස්වැව ප්‍රදේශවලට පසුගිය දා සවස ඇතිවූ ටොනාඩෝ සුළි සුළඟ පැවැති අවස්ථාවේදී කහ වර්ෂාවද පැවැතීම පිළිබඳව පර්යේෂකයන්ගේ අවධානයට යොමු වී ඇත. මෙදින පස්වරු 2.00ට පමණ සිදුවූ මෙම සුළි සුළඟ හැමීමට පෙර පැවති වර්ෂාව නව නගරයේ හා මැදිරිගිරිය ප්‍රදේශයේ ගම්වැසියන් විසින් මෙම කහ වැස්සේ ජලය එක්රැස් කරගෙන තිබේ.

No comments:

Post a Comment