නැනෝ තාක්ෂණය

විද්‍යාවේ හා තාක්ෂණයේ දියුණුවත් සමග ඉතා කුඩා අංශු යොදාගෙන විවිධ නිර්මාණ කිරීමට මිනිසාට හැකිවී ඇත.එවැනි එක් නිර්මාණයක් ලෙස නැනෝ තාක්ෂණය දැක්විය හැක.එම තාක්ෂණය යොදාගෙන විවිද රෝග වලට ප්‍රතිකාර කිරීමටද මේ වන විට පරීක්ෂණ සිදුකරයි.මෙම පරීක්ෂණ සාර්ථක වුවහොත් අනාගතයේදී පිළිකා වැනි රෝග සුව කිරීමට මෙය යොදා ගනු ඇත.එමෙන්ම දියුණු තීන්ත වර්ග සැදීමටද මෙමගින් හැකිවනු ඇත.එහෙත් මෙයින් අහිතකර බලපෑම්ද ඇතිවිය හැක.කවරකු හෝ අහිතකර ලෙස මෙම තාක්ෂණය යොදා ගතහොත් සිදුවන හානිය මෙපමණකැයි කිව නොහැක.එමනිසා එය වැළක්වීමට දැනටමත් විවිද අය විසින් සංවිධාන පිහිටුවා ගෙන ඇත.එහෙත් මෙය යහපතට යොදා ගතහොත් එමගින් මානව සංහතියට නොමැකෙන සේවයක් ඉටුවනු නොඅනුමානය.

No comments:

Post a Comment