තායිලන්ත අගමැතිනිය ධුරයෙන් ඉවත් විය යුතු බවට අධිකරණ නියෝගයක්

තායිලන්ත අග්‍රාමාත්‍ය යින්ග්ලක් ෂිනවත් එම ධුරයෙන් ඉවත් විය යුතු බවට එරට ව්‍යවස්ථාමය අධිකරණය නියෝගයක් නිකුත් කර තිබේ.
එම අධිකරණය මෙම නියෝගය නිකුත් කළේ, ඇය සිය බලය අයුතු ලෙස භාවිත කළ බවට ගොනු කළ නඩුවක වැරදිකාරිය බවට පත් කරමිනි.
ඇය ජාතික ආරක්ෂක ප්‍රධානියාව ස්ථාන මාරු කිරීමකට ලක් කිරීම නීති විරෝධී බව ත් එහිදී බලය අයුතු ලෙස භාවිත කර ඇති බව ත් එම අධිකරණය තහවුරු කර තිබේ.
මෙම තීන්දුවත් සමග තායිලන්තයේ දේශපාලනමය ආන්දෝලනයක් ඇති විය හැකි බවට විචාරකයෝ පවසති.
යින්ග්ලක් ෂිනවත් තායිලන්ත අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් විය යුතු බවට රාජ්‍ය විරෝධී කණ්ඩායම් විරෝධතා පළ කරනුයේ, පසුගිය වසරේ සිට ය.
මෙම වාතාවරණය තුළ යින්ග්ලක් ෂිනවත්ට එරෙහි දේශපාලන කණ්ඩායම්වලට මහත් ශක්තියක් ලැබී තිබේ.

No comments:

Post a Comment