මේ ශත වර්ෂයේ විශාලතම සරණාගත අර්බුදය සිරියාවෙන් පැන නැගෙයි

ලෝකයේ විශාලතම සරණාගත අර්බුදය සිරියානු අර්බුදයත් සමග නිර්මාණය වී ඇත.

සිරියානුවන් මිලියන දෙකක්‌ සිය රට හැර ගොස්‌ ඇති අතර, තවත් සිරියානුවන් මිලියන හතරක්‌ සිය රටේ අනාථයන් බවට පත්ව තිබේ.

ලෙබනනයට, ජෝර්දානයට හා තුර්කියට දිනපතාම සිරියානුවන් පන්දහස බැගින් ඇදී එති.

වසර දෙකහමාරක්‌ තිස්‌සේ ඇදී යන සිරියානු අර්බුදය නිසා මියගිය පිරිස ලක්‍ෂය ඉක්‌මවයි. 

ඇන්ජලිනා ජොලී පවසන්නේ සිsරියානු අර්බුදය නිසා සරණාගත ඛේදවාචකයක්‌ නිර්මාණය වී ඇති බවයි. 

සිරියාව හැර ගොස්‌ ඇති සරණාගතයන් හත්ලක්‍ෂයක්‌ ලෙබනනයේ කඳවුරුවල වෙසෙන අතර ලක්‍ෂ තුනක්‌ ජෝර්දානයේ ද හාරලක්‍ෂ හැට දහසක්‌ තුර්කියේ ද එක්‌ලක්‍ෂ හැම අට දහසක්‌ ඉරාකයේ ද තවත් ලක්‍ෂයක්‌ ඊජිප්තුවේ ද අනාත කඳවුරුවල වෙසෙති.

90 දශකය මුල් භාගයේ ඇෆ්ගනිස්‌තානයේ ඇති වූ යුද්ධය නිසා මිලියන 6.6. ක පිරිස අනාථ වූ අතර එම අර්බුදයෙන් පසුව උද්ගත වූ විශාලම සරණාගත ප්‍රශ්නය මෙයයි.

ඇමරිකාව හදිසියේ සිරියාවට ප්‍රහාර එල්ල කළහොත් මේ අර්බුදය තවත් උග්‍ර වනු ඇත.

කෙසේ නමුත් සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද් පවසන්නේ තම රටට ප්‍රහාර එල්ල කළහොත් එයින් කලාපයම යුද්ධයක පැටලෙනු ඇති බවයි

අළුත උපන් බ්‍රිතාන්‍ය කිරීටයේ උරුමකරුවා



බ්‍රිතාන්‍යයේ කේට් මිඩ්ල්ටන් කුමරිය ලන්ඩන් වේලාවෙන් 2013/07/22 වන දින සවස 4.24ට පුතකු බිහිකර තිබේ. ලන්ඩන්හි ශාන්ත මේරි රෝහල සඳහන් කරන්නේ , මවත් දරුවාත් යහපත් ශරීර සෞඛ්‍යයෙන් පසුවන බව ය. එමෙන්ම රාජකීය කුමරු බිහිවන විට රාත්තල් 8කුත් අවුන්ස 6ක බරකින් යුක්ත වූ බව ශාන්ත මේරි රෝහල උපුටා දක්වමින් බීබීසි ලෝක සේවය වාර්තා කළේ ය. දරුවා ලැබිමෙන් උද්දාමයට පත්ව සිටින විලියම් කුමරු පවසා ඇත්තේ තමන් දෙදෙනාට ලබා ගැනීමට මීට වඩා සතුටක් නැති බව ය. විලියම් කුමරු මුළු රාත්‍රියම රෝහලගේග තකර තිබෙන බවත් විදෙස් වාර්තා සඳහන් කරයි. මේ අතර එම වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ ලන්ඩන් හි ශාන්ත මේරි රෝහල ඉදිරිපිට මාධ්‍යවේදින් සහ රාජකීය පවුලට සුබ පතන්නන් විශාල පිරිසක් රැස්ව සිටින බව ය. ඔවුන් සියලුදෙනා නාම පුවරු රැගෙන ප්‍රීති ඝෝෂා කරමින් සිටින අතර රාජකීය බිලිඳා හට තැබිය යුතු නම් පිළිබඳව ද අදහස් පළ කරමින් සිටී. රාජකීය පවුලේ සියලු දෙනා ඔවුන්ගේ සතුට ප්‍රකාශ කරමින් නිවේදන නිකුත්කර තිබේ. මේ අතර චාර්ල්ස් කුමරු නිවේදනය කර තිබෙන්නේ තමන්ගේ පළමු මුණුබුරා දැකීමෙන් ප්‍රිතිය ඔද වැඩි ගිය බව ය. විලියම් කුමරුගේ බාල සොහොයුරා වන හැරී කුමරුද සුබ පැතුම් එක්කර තිබෙන අතර රාජකීය පවුල වෙනුවෙන් තමන් අතිශය ප්‍රීතියට පත්ව සිටින බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් පවසා තිබේ.

පොලොන්නරුව අරනගන්විලෙන් පිටසක්වල ජීවින් සිටින බවට ලොව ප්‍රථම සාක්ෂිය හමුවේ !

පොලොන්නරුව අරනගංවිල ප්‍රදෙශයට පසුගිය දෙසැම්බර් 29වෙනිදා(2012/12/29). අක්කරයක පමන භුමිප්‍රමානයක තැනින් තැන විසිරි තිබි හමුවු. අසාමාන්‍ය පාෂාන කොටස් දැන් තාරකා ජිව විද්‍යා ක්ෂෙත්‍රය උඩුයැටිකුරු කිරිමට සමත් වි තිබේ. එම පාෂාන සොයා ගත් ප්‍රදෙශයේ සිටින අය රාත්‍රි කාලයේ කිසියම් අත්බුත එලිද පසුගිය දවස් වල දැක තිබෙ. එම එලි වලට හෙතුව උල්කාෂ්ම බහුල ප්‍රදෙශයක් හරහා එ දවස් වල පෘතුවිය ගමන් කරමින් පැවතිම බව තාරකා විද්‍යාඥයන් විසින් පෙන්වා දෙන ලදි. එ අනුව එම පාෂාන පිටසක්වලින් පැමිනි උල්කාෂ්ම විය හැකි බවට ඔනැම කෙනෙක්ට සැකයක් පහල වේ.
එසේ සැක පහල වන විට පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරු එවා අකුනු ගැසිමකින් පස් වල සිදු වු විපරිතවිමක් නිසා හට ගත් පාෂන බව පෙන්වා දෙනලද්දෙ මෙතෙක් ලංකාවේ හමු වු විශාලතම උල්කාෂ්මය පෙන්වා දෙන ගමන්ය. මෙ ප්‍රකාශ අතරතුරදි කොලඹ වෛද්‍ය පර්යේශන ආයතනයේ වෛද්‍ය අනිල් සමර නායක ඇතුලු පිරිස අරනගංවිලෙන් හමුවු එ අසාමාන්‍ය පාෂාන වල සාම්පල ‍රැගෙන පර්යේෂන කටයුතුවලට යොමු විය. එම පාෂාන වල සාම්පළ නාසා ආයතනයේ තාරකා විද්‍යඥ මහාචාර්‍ය රිචර්ඩ් බ්‍රි හුවර් මහතාටත් මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහයන්ටත් යොමුකලෙ වැඩිදුර පර්යෙශන සදහාය. එම මුලික පර්යේශන ප්‍රථිඵල එකම වු නිසා වැඩිදුර පර්යේෂන සිදුකර මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහයන් හා වෛද්‍ය අනිල් සමරනායක මහතාගේ ප්‍රධානත්වයෙන් Journal of Cosmology හි 21 වන වෙලුමෙ පර්යෙශන ලිපියක් පළ කලොය. එම පර්යෙෂන ලිපි වලට අනුව එම උල්කාෂ්ම වල අභ්‍යන්තරයෙ ඩයටම් නැමති ඇල්ගා විශෙෂයේ ජිවින් සිටින බව හෙලිවේ. මෙය දැනට ජාත්‍යන්තරව පිලිගත් ප්‍රථම පිටසක්වල සිට පැමිනියේ යැයි සැල කරන ජිවි සාක්ෂිය බවට පත්වි තිබේ. මෙම උල්කාෂම වල අභ්‍යන්තරයේ පොසිල බවනය වු ඩයටම මෙන්ම ජිවි තත්වයේ සිටින ඩයටම සිටින බව බ්‍රිතානයෙ කාඩිෆ් විශ්ව විද්‍යාලේ ඉලෙක්ට්‍රොන අන්වික්ෂ මගින් මහාචාර්‍ය චන්ද්‍ර වික්‍රම සිංහයන් ලබාගත් ඡායාරුප වල පැහැදිලිව දක්නට ලැබේ. එමෙන් ම පසුගිය දවස් වල ඇද හැලුනු රතු වැස්සේ තිබි හමු වු ජිවි සෛල වලට සමාන සෛලද එම උල්කාෂ්ම අභ්‍යන්තායේ තිබි ඇත.එ අනුව. රතු වැසි වලටද හෙතුව පෘතුවිය මතුපිට සිට අහසට නැගුනු Trentepohlia ඇල්ගා නොව පිට සක්වල සිට උල්කාෂ්ම හරහා පැමිනි ජිවින් බව මහාචාර්‍ය චන්ද්‍ර වික්‍රම සිංහයන් පෙන්වා දෙයි. දැන් පිටසක්වල ජිවය පවතින බවට හොඳ සාක්ෂියක් ලංකාවේන් හමු වි තිබේ. මෙ පිලිබදව තව දුරටත් පර්යෙශන නාසා ආයතනයේන් මෙන්ම තාරකා ජිවි විද්‍යාඥ මහාචාර්‍ය චන්ද්‍රා වික්‍රමසිංහයන් ඇතුලු පිරිස පවත්වන බැවින් තරකා ජිවි විද්‍යාවේ නව පිබිදිමක් අනාගතයෙදි අපට අපෙක්ෂාකළ හැක. Journal of Cosmology හි 21 වන වෙලුමෙ 37වන ලිපියෙන් උපුටා ගත් පොලොන්නරුව උල්කාෂ්ම අභ්‍යන්තරයෙ තිබු ඩයටම(Diotoms)හා රතු වැස්සේ තිබු සෛල වලට සමාන සෛල වල ඉලෙක්ට්‍රොන අන්වික්ශිය ඡායාරුප කිහිපයක් පහත දැක්වේ.
පොසිල බවනය වු ඩයටම, රතුවැස්සේ සෛල වලට සමාන සෛල, ජිවි ඩයටම මෙහි දක්නට ලැබේ.
පොසිල බවනය වු ඩයටම මෙහි දක්නට ලැබේ

අරුම පුදුම වර්ණවත් වැසි

ගිරාදුරුකෝට්ටේ මහවැලි සත්ව ගොවිපළ හි කුඹුරු යායට උල්කාපාත කොටස් වැටී ඇති බවට සැක කෙරේ. කලු, දැඩි, ප්‍රමාණයට වඩා බර වැඩි පාෂාණ කැබලි කුඹුරේ තිබී සොයගෙන තිබේ. කුඹුරුයායේ ස්ථාන කිහිපයක මහියංගන පදියතලා පාරේ 48 අරාවත්තට, සේරාන හා සොරබොර වටවන ප්‍රදේශයට මෙන්ම හසලක රත්න ඇල්ලට හා තෝරපිටියටද එමෙන්ම ගිරාදුරුකෝට්ටේ ස්ථාන කිහිපයකට පසුගිය 4දා සවස කහ වැසි වැටී ඇත. අනුරාධපුර බණ්ඩාරපුලියන්කුලම ප්‍රදේශයට නිල් පැහැයෙන් යුතු වර්ෂාවක් ඇද හැළී ඇති අතර නුවරඑළියේ නානුඔයට රතු වැස්සක් සහ පොළොන්නරුවේ පලුගස්දමනට හා මැදිරිගිරියට කහ පැහැති වර්ෂාවක් පතිත වී ඇත. මේ අතර ඉකුත් දා පෙරවරුවේ මෙම ප්‍රදේශයටද පැවැති වර්ෂාවත් සමඟ, නුවරඑළියේ - නානුඔය – කිරිමැටියේ ඇවෝකා වත්තටද මෙලෙස රතු වැස්සක් පතිත වී තිබේ. මෙදින පෙරවරු 9.20 සිට පෙ. ව. 10.00 පමණ වනතෙක් මෙලෙස මෙම වත්තට රතු වැස්ස පතිත වූ බව, එහි වතු කම්කරු ජනයා සඳහන් කරයි. මෙලෙස තම ප්‍රදේශයට පතිත වූ රතු වැහි වතුර, මෙහි බොහෝ දෙනෙක් භාජනවලට එකතු කර තබා තිබෙන අතර, ඉන් සමහරක්, වතු පාලන අධිකාරිය ඔස්සේ හා නුවරඑළිය, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඔස්සේ පර්යේෂණ කටයුතු සඳහා අදාළ ආයතනවලට යොමු කිරීමට පියවර ගත් බවද වාර්තා වේ. පොළොන්නරුවේ පලුගස්දමන හා මැදිරිගිරිය අඹගස්වැව ප්‍රදේශවලට පසුගිය දා සවස ඇතිවූ ටොනාඩෝ සුළි සුළඟ පැවැති අවස්ථාවේදී කහ වර්ෂාවද පැවැතීම පිළිබඳව පර්යේෂකයන්ගේ අවධානයට යොමු වී ඇත. මෙදින පස්වරු 2.00ට පමණ සිදුවූ මෙම සුළි සුළඟ හැමීමට පෙර පැවති වර්ෂාව නව නගරයේ හා මැදිරිගිරිය ප්‍රදේශයේ ගම්වැසියන් විසින් මෙම කහ වැස්සේ ජලය එක්රැස් කරගෙන තිබේ.

2012 වර්ෂයෙන් පසුව බුදු දහම බබලන නව යුගයක් උදාවේ !

2012 ලෝක විනාශයක් තියෙනව කියල බොහෝ දෙනෙකු කිව්වට සත්‍යය නම් ඒ නව යුගයක ඇරඹුමක් සනිටුහන් වීමක්. කුමන පැත්වලින් බැලුවත් එහි සටහන් වෙන්නෙ නව යුගයක් ඇරඹුනා කියන කාරණය. එහෙම කියන්න හේතු ගොඩක් තියෙනව. 01. මායාවරුන්ගේ දින දර්ශනයෙට අනුව දින 1,872,000 කට පසුව නැති නම් වර්ෂ 5125.37 කට පසු පෘථිවි චක්‍රයක් අවසන් වී නැවත නව චක්‍රයක් ආරම්භ වේ. 02. ක්‍රි.ව. 615 දී මායා රාජ්‍යය පාලනය කල පාකල් රජු පැවසූ අනාවැකි සතට අනුව පහක් පමණ ඉටුවී අවසන්ය. ඒ අතර මිනිසුන් පැමිනි ගමන් මග පිලිබද නැවත හැරී බැලීම, ලෝ පුරා උණුසුම වැඩිවීම ආදිය මේවන විට සත්‍ය වී ඇත. ඉතිරි දෙක වන්නේ යම් ග්‍රාහකයක් පෘථිවිය සමීපයට පැමිනියත් මිනිසා විසින් එය විනාශ කර දමන බවත් 2012න් පසු ලෝකය නව මාවතකට පිවිසෙන බවත්ය. 03. සූර්ය වංශයේ පිබිදීම නැතහොත් අප සක්විති රාවණයන්ගේ පුනරාගමනය පිලිබදව කියැවේ. රාවණයන් නැවත පැමින මේ ලොව නැවත සියතට ගන්නා බව සදහන් වන අතර ‍ඒ වෙනුවෙන් මෙතෙක් පලකල බොහෝ අනාවැකි සත්‍යය වී හමාරය. රන් නිධි කැළණියෙන් මතුවීම, මැණික් ඉල්ලම් මතුවීම, රාවණ උමං මතුවීම, පිටසක්වල යානා පෙනීම, රතුවැසි ආදිය පිලිබද කියැවුනු අනාවැකි ඒ ලෙසින්ම සත්‍යය විය. 04. කලියුගයේ දේව පාලනය ක්‍රියාත්මක වන වසර 5100 මේ වසරින් අවසන්වේ. 05. මීලගට ඇති කාරණය මිනිසා ත්‍රිමානික බවින් මිදී සිව්මානික තත්වයට පත් වීමයි. එනම් බුද්ධියෙන් වැඩකරන යුගයකට එළඹීමයි. එතුලින් ආධ්‍යාත්මික දියුණුවක් ගොඩ නැගෙන බවට අනාවැකි පලවී ඇත. 06. පෘථිවිය ඇලය තවත් අංශයකින් වැඩි‍වීම සිදුවී ඇත. එයද මේ දෙසැම්බරව‍ෙය්දී සිදුවේ. 07. නාථ යනු දේව තනතුරකි. නාථ තනතුරට මෙතෙක් කල් පත්වී සිටියේ වසවර්ති මාර පාරශවයෙනි. මින් ඉදිරියට ඒ වෙනුවෙන් පත්වන්නේ මෙත්බෝසත් පාර්ශවයෙනි. ඒ නිසා ලොව පුරා සාමකාමී ධාර්මික වාතාවරණයක් ඇතිවනු ඇත. 08. ජෝතිෂ්‍යය අනුව ගත්කල විෂ්ණු වින්සතිය ඇරඹෙන්නේ මේ කාලයෙන්ය. විෂ්ණු යනු දරුණු ධාර්මික රජකෙනෙකි. (මොහු ද්‍රවිඩ විෂ්ණු නොව රාවණ රජුගේ සේනාපතියෙක් වූ උපුල්වන් දෙවියන්යැයි විශ්වාස කෙරේ. ) ඒ නිසා වැරදි කරන්නන්ට දැඩි දඩුවම් ලබාදෙන කාලයක් ඇතිවේ. 09 බොදු සාහිත්‍යයේ කියැවෙන දියසෙන් කුමරු නැවත බුදුදහම නගාසිටුවන කාලය මෙය විය හැකිද? 10. ලෝක ජනගහනය මේ පවතින්නේ උපරිම ස්ථානයේය. මෙතැන් පටන් ජනගහනය පහල යන කාලයක් උදාවේ. මෙයට අමතරව රහතුන් ලොව සරණ කාලයක් විදිහට හැදින්වෙන අතර, ආතර් සී ක්ලාක් මහතා 2050 දී බුදුදහම පමණක් ලොව සුරක්ෂිත ආගම බවට පත්වෙන බවට අනාවැකි පලකරල තියෙනව. මේ සියලු කරුණු සැලකිල්ලට ගත් කල නව යුගයක් පිලිබද යම් අදහසක් අපට ලබාගන්න පුලුවන්. විශ්වයෙන් නිකුත්වන යහපත් කිරණ සූර්යා විසින් පෘථිවියට පරාවර්තනය කරන අතර ඉන් මිනිසුන්ගේ සිත් සතන් පිරිසිදු වී පින්බර යුගයක් උදාවෙන බවත් දරක්වෙනව. කොහොම උනත් ඔය පින්තූරයේ දකින විදිහට මුස්ලිම් , කතෝලික, මෙන්ම බටහිර ජාතීන්ගේ බලය අඩුවෙලා පෙරදිග විශේෂයෙන්ම අපේ රට බුදු දහම මූල බීජය කරගනිමින් ලෝ පුරා යහපත් කාලයක් ඇතිවනු ඇත. යලිත් රහතුන් ගගන සරනා පින්බර යුගයක් ඇරඹෙනු ඇත. ඒ යුගයට පියනගන්නෙ පංසිල් රකින සමාජයක් එක්ක. එන්න යාලුවනේ අපිත් ඒ පාරමිතා රෙහැරට එක්වෙමු.

ශ්‍රී ලංකාවට භූමිකම්පාවක අවදානමක් !

2012.12.29 දා කුමන හෝ මොහොතක ශ්‍රී ලංකාවේ පළාත් කිහිපයකට බලපාන මධ්‍යම ප්‍රමාණයේ භූමිකම්පාවක් ඇතිවිය හැකි බව විද්‍යාඥ ලලිත් විජයවර්ධන මහතා කියා සිටී. ලලිත් විජයවර්ධන මහතා ශ්‍රී ලංකාවට සුනාමියක් එන බව ඊට කලින් ප්‍රකාශයට පත් කළ විද්‍යාඥයෙකි. ලෝක විනාශය ලබන 21දා හෝ මේ මාසය තුළ හෝ සිදුවීමට ඉඩක් නැතැ’යි පෙන්වා දෙන ඒ මහතා ඉහත කී භූමිකම්පාව මඟින් ප්‍රදේශ ගණනාවකට විපත් පැමිණිය හැකි බව පෙන්වා දෙයි. ලලිත් මහතා භූමිකම්පාව පිළිබඳ ස්ථිර වශයෙන් ම කරුණු දක්වන්නේ මධ්‍යම කඳුකරයේ ප්‍රදේශ කිහිපයක පස් සාම්පල පරීක්ෂා කිරීමෙන් අනතුරුවය. ලෝකයේ ඕනෑම පළාතක ඇති කඳුවල පස් පරීක්ෂාවට ලක් කිරීමෙන් භූමිකම්පා පිළිබඳ අනාවැකි පළ කිරීමට තමන්ට හැකි බවත් ඒ පිළිබඳ තාක්ෂණය තමා සතු බවත් ලලිත් විජේවර්ධන මහතා කීය. මීට කලින් වැඩිපුර භූකම්පන ජපානය ආශ්‍රිත රටවල්වලට වුවත් නව භුකම්පන කලාපය ඉන්දියාව, ලංකාව, ඉන්දුනිසියාව හරහා වැටෙන බවද මොහු 2001 වසරේ ජනමාධ්‍යයෙන් ජනතාව දැනුවත් කර ඇති බව සාක්ෂි සහිතව පුවත්පත් උපුටා දක්වමින් පෙන්වා දෙයි. මෙයට කලින් ඉන්දියාවේ ගුජරාටි, ප්‍රාන්තයට හා අහමදාබාද් ප්‍රාන්තයට සිදුවු භූකම්පා දෙක පිළිබඳ කලින් අනාවැකි මෙම විද්‍යාඥයා විසින් පළ කළ බවටද පුවත්පත්වලින් සාක්කි උපුටා දක්වමින් සනාථ කරයි. ශ්‍රී ලංකාවේ සුනාමි ව්‍යසනය හා ඉන්දියාවේ භූමිකම්පා දෙක පිළිබඳ කලින් අනාවැකි පළ කළ ලෝකයේ පළමු විද්‍යාඥයා වන්නේ ද මොහුය. පෘථිවියට 2019 වසරේ ගලක් පතිත වනබවට 2001 වසරේදී මොහු විසින් අනාවැකි පලකර ඇති අතර මේ වනවිට එම ගල් කැබැල්ල විනාශ කිරීම සඳහා අමෙරිකාවේ විද්‍යාඥයෝ කටයුතු කරමින් සිටිති.

ශ්‍රී ලංකාවේ ඉරණවිල ප්‍රදේශයේ අහසේ අභිරහස් යානාවක් !

හලාවත ඉරණවිල අහසේ විශාල එළියක් සමඟ ගමන් කළ යානයක් ප්‍රදේශවාසින් විසින් නිරික්ෂණය කර ඇත. ඉරණවිල අමෙරිකන් හඬ ප්‍රදේශයට ආසන්නයේ ඉහළ අහසේ මේ යානය මුලින්ම දැක ඇත්තේ ඉස්සන් වගාකරුවකු වන පි. ප්‍රනාන්දු මහතායි. ඔහු ඒ සමඟ ඔහු අත ඇති විදුලි පන්දම දල්වා නිවා ඇති අතර යානය ඔහු පසු පස හඹා ආ බවද ප්‍රනාන්දු මහතා පැවසිය. මේ යානය පුද්ගලයන් කිප දෙනෙක්ම දැක ඇත. සිද්ධිය විස්තර කළ පී. ප්‍රනාන්දු මහතා අමෙරිකන් හඬට ආසන්නයේ ඉස්සන් පොකුණ මා කරගෙන යනවා. සොරුන්ගෙන් ඉස්සන් බේරා ගැනීම සඳහා නොනිදා රාත්‍රිය පහන් කරනවා. අගහරුවාදා අලුයම 3ට පමණ අහසේ විශාල තරුවක්මුලින්ම දුටුවා ලස්සන නිසා මා බලන් හිටියා ටික වේලාවකින් එය තරුවක් නොවන බව මට තේරුණා මගේ විදුලි පන්දම දල්වා එයට එල්ල කලා ඊට පසු විදුලි පන්දම දල්වලා නිවලා සංඥාවක් ලබා දුන්නා. ඔය අතරේ මට පුටුව උඩම නින්ද ගියා. එකවර මා ඇහැරිලා බලද්දි විශාල එලියක් මා ආසන්නටයම එනවා දැක්කා. මම දිවිවා. එත් එක්කම මම ඊට නුදුරටින් හිටපු ගෝලයටත් කතා කළා අපි පන එපා කියලා දිවිවා අපි දුවන පැත්තටත් අහිරහස් යානය අවා. අපි හොදටම බයවුණා. පස්සේ එතන හිටපු දෙන්නෙකුටත් යානය පෙන්නුවා. අපි හැංගුනාම පස්සේ යානය ඉහළ අහසට නැවත ගියා. .