ශ්‍රී ලංකාව 2014 විස්සයි විස්ස ලෝක කුසලානය ජයගනී !

ඉන්දියාව කඩුලු හතරක් දැවී රැස් කළ ලකුණු 130 හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාව කඩුලු හයකින් පරාජය කරමින් විස්සයි විස්ස ලෝක කුසලානය ජයග්‍රහණය කළේය.
අවසාන මහා තරඟයේදී නොදැවී ලකුණු 52ක් රැස් කළ කුමාර් සංගක්කාර තරඟයේ වීරයා ලෙස නම් කෙරිණ.
විස්සයි විස්ස ජාත්‍යන්තර පිටියෙන් සමු ගන්නා මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර ක්‍රිකට් ක්ෂේත්‍රයට කළ මෙහෙය වෙනුවෙන් එම ජයග්‍රහණය අවශ්‍යව තිබූ බවයි, කණ්ඩායමේ වැඩ බලන නායක ලසිත් මාලිංග කියා සිටියේ.
හිටපු නායක මහේල ජයවර්ධන අදහස් දක්වමින් කියා සිටියේ, ලෝක කුසලානයක් ජයග්‍රහණය කිරීම සඳහා වසර 18 ක් බලා සිටි ශ්‍රී ලංකා ක්‍රිකට්ලෝලීන්ට එම ජයග්‍රහණය පුද කරන බවයි.

ක්‍රිකට්ලෝලීන් වෙනුවෙන්

පස් වතාවක්ම අවසාන මහා තරඟයට තේරුණු ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලානයක් අවශ්‍යව තිබුණු බව පැවසූ හිටපු නායක තිලකරත්න ඩිල්ශාන්, ජයග්‍රහණයේ ප්‍රීතිය වචනයෙන් විස්තර කළ නොහැකි බව කියා සිටියේය.

ඉන්දීය කණ්ඩායමේ විරාත් කෝලි තරඟාවලියේ වීරයා ලෙස නම් කෙරිණ.
බංග්ලාදේශයේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අවසාන මහා තරඟයට වැස්සෙන් බාධා පැමිණීමෙන් අනතුරුව තරඟය ආරම්භ වූයේ ප්‍රමාද වී.
කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ලසිත් මාලිංග පන්දුවට පහර දීම ඉන්දීය කණ්ඩායමට භාර කළේය.
ශ්‍රී ලංකා කණ්ඩායමට විදේශික ක්‍රීඩාලෝලීන්ගේත් සහයෝගය
විශේෂයෙන්ම වැසිබර කාලගුණය හේතුවෙන් ඩක්වර්ත් ලුවිස් ක්‍රමය මත තරඟය තීරණය වීමට ඉඩ තිබීම පන්දුවට පහර දීම ඉන්දියාවට භාරදීමට හේතුව බවයි, ඇන්ජලෝ මැතිවුස් ඉන්දීය ඉනිමෙන් අනතුරුව කියා සිටියේ.
ඒ අනුව ඉන්දීය කණ්ඩායම නියමිත පන්දු ඕවර විස්ස අවසානයේ කඩුලු හතරක් දැවී ලකුණු 130 ක් රැස් කර ගත්තේය.
සීක්කුගේ ප්‍රසන්න වෙනුවට තිසර පෙරේරා කණ්ඩායමට කැඳවා තිබුණි.





රුසියාව G8 ලෝක කාර්මික රටවල් අටේ කණ්ඩායමේ සාමාජිකත්වය අහිමි කර ගැනීමේ අවදානමකද ?



යුක්රේනයට එරෙහිව යුද වැදීමට සැරසීම මගින් රුසියාව G8 ලෝක කාර්මික රටවල් අටේ කණ්ඩායමේ සාමාජිකත්වය අහිමි කර ගැනීමේ අවදානමට මුහුණ දී සිටින බව ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී ප්‍රකාශ කරයි.
රුසියාවේ විදේශගත වත්කම් තහනම් කිරීමටද ඉඩ තිබෙන බවටත් ඔහු අනතුරු ඇඟවීය.
මේ අතර කීව් අගනුවර බලා පිටත්ව යාමට ප්‍රථම ප්‍රකාශයක් කළ බ්‍රිතාන්‍ය විදේශ ලේකම් විලියම් හේග්, රුසියාව යුක්රේනයේ භෞමික අඛණ්ඩතාවය උල්ලංඝනය කිරීම හේතුවෙන් සෝචි නුවර පැවැත්වීමට යෝජිත G8 නායක සමුළුවට සූදානම් වීමේ ක්‍රියාවලියෙන් බ්‍රිතාන්‍යය ඉවත් වන බව කියා සිටියේය.
ලබන ජුනි මාසයේ පැවැත්වීමට නියමිත G8 නායක සමුළුවට සූදානම් වීමේ ක්‍රියාවලියෙන් ඉවත් වන බව ප්‍රංශයද කියා සිටියේය.
ජනාධිපති ඔබාමා සහ ජනාධිපති පූටීන් සෙනසුරාදා දීර්ඝ සාකච්ඡාවක නිරත විය
ක්‍රිමියානු අර්ධද්වීපයේ රුසියානු හමුදා ක්‍රියාකාරකම් සමස්ත යුරෝපයේම ආරක්ෂාවට තර්ජනයක් බවයි, නේටෝ මහ ලේකම් ඇන්ඩර්ස් ෆෝග් රස්මුසෙන් (Anders Fogh Rasmussen) සඳහන් කළේ.
යුක්රේන අර්බුදය සම්බන්ධ නේටෝ සංවිධානයේ හදිසි රැස්වීමකට පෙරාතුව ප්‍රකාශයක් කළ ඔහු, වහාම ප්‍රදේශයේ හමුදා උණුසුම අඩු කරන මෙන් රුසියාවෙන් ඉල්ලා සිටියේය.
"රුසියාව දැන් කරමින් තිබෙන දේ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය උල්ලංඝනය කිරීමක්. එමගින් යුරෝපයේ සාමයට සහ ආරක්‍ෂාවට තර්ජනයක් එල්ල වෙනවා. තමන්ගේ සියලුම මිලිටරි ක්‍රියාදාමයන් සහ තර්ජන රුසියාව වහාම නැවැත්විය යුතුයි," යනුවෙන්ද ඔහු සඳහන් කළේය.
1968 දී රුසියාව චෙකොස්ලොවැකියාව ආක්‍රමණය කිරීමෙන් අනතුරුව යුරෝපය මුහුණ දෙන භයානකම අර්බුදය ලෙසිනුයි එක් බටහිර රාජ්‍යතාන්ත්‍රිකයෙක් යුක්රේනයේ වාතාවරණය විග්‍රහ කළේ.
යුක්රේනයේ රුසියානු අවශ්‍යතා ආරක්ෂා කිරීමට තමන්ට අයිතියක් තිබෙන බවයි, තමන්ට එල්ල වන විවේචනවලට ප්‍රතිචාරය දක්වන රුසියාවේ ජනාධිපති ව්ලදිමීර් පූටීන් පවසන්නේ.

මේ ශත වර්ෂයේ විශාලතම සරණාගත අර්බුදය සිරියාවෙන් පැන නැගෙයි

ලෝකයේ විශාලතම සරණාගත අර්බුදය සිරියානු අර්බුදයත් සමග නිර්මාණය වී ඇත.

සිරියානුවන් මිලියන දෙකක්‌ සිය රට හැර ගොස්‌ ඇති අතර, තවත් සිරියානුවන් මිලියන හතරක්‌ සිය රටේ අනාථයන් බවට පත්ව තිබේ.

ලෙබනනයට, ජෝර්දානයට හා තුර්කියට දිනපතාම සිරියානුවන් පන්දහස බැගින් ඇදී එති.

වසර දෙකහමාරක්‌ තිස්‌සේ ඇදී යන සිරියානු අර්බුදය නිසා මියගිය පිරිස ලක්‍ෂය ඉක්‌මවයි. 

ඇන්ජලිනා ජොලී පවසන්නේ සිsරියානු අර්බුදය නිසා සරණාගත ඛේදවාචකයක්‌ නිර්මාණය වී ඇති බවයි. 

සිරියාව හැර ගොස්‌ ඇති සරණාගතයන් හත්ලක්‍ෂයක්‌ ලෙබනනයේ කඳවුරුවල වෙසෙන අතර ලක්‍ෂ තුනක්‌ ජෝර්දානයේ ද හාරලක්‍ෂ හැට දහසක්‌ තුර්කියේ ද එක්‌ලක්‍ෂ හැම අට දහසක්‌ ඉරාකයේ ද තවත් ලක්‍ෂයක්‌ ඊජිප්තුවේ ද අනාත කඳවුරුවල වෙසෙති.

90 දශකය මුල් භාගයේ ඇෆ්ගනිස්‌තානයේ ඇති වූ යුද්ධය නිසා මිලියන 6.6. ක පිරිස අනාථ වූ අතර එම අර්බුදයෙන් පසුව උද්ගත වූ විශාලම සරණාගත ප්‍රශ්නය මෙයයි.

ඇමරිකාව හදිසියේ සිරියාවට ප්‍රහාර එල්ල කළහොත් මේ අර්බුදය තවත් උග්‍ර වනු ඇත.

කෙසේ නමුත් සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද් පවසන්නේ තම රටට ප්‍රහාර එල්ල කළහොත් එයින් කලාපයම යුද්ධයක පැටලෙනු ඇති බවයි

අළුත උපන් බ්‍රිතාන්‍ය කිරීටයේ උරුමකරුවා



බ්‍රිතාන්‍යයේ කේට් මිඩ්ල්ටන් කුමරිය ලන්ඩන් වේලාවෙන් 2013/07/22 වන දින සවස 4.24ට පුතකු බිහිකර තිබේ. ලන්ඩන්හි ශාන්ත මේරි රෝහල සඳහන් කරන්නේ , මවත් දරුවාත් යහපත් ශරීර සෞඛ්‍යයෙන් පසුවන බව ය. එමෙන්ම රාජකීය කුමරු බිහිවන විට රාත්තල් 8කුත් අවුන්ස 6ක බරකින් යුක්ත වූ බව ශාන්ත මේරි රෝහල උපුටා දක්වමින් බීබීසි ලෝක සේවය වාර්තා කළේ ය. දරුවා ලැබිමෙන් උද්දාමයට පත්ව සිටින විලියම් කුමරු පවසා ඇත්තේ තමන් දෙදෙනාට ලබා ගැනීමට මීට වඩා සතුටක් නැති බව ය. විලියම් කුමරු මුළු රාත්‍රියම රෝහලගේග තකර තිබෙන බවත් විදෙස් වාර්තා සඳහන් කරයි. මේ අතර එම වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ ලන්ඩන් හි ශාන්ත මේරි රෝහල ඉදිරිපිට මාධ්‍යවේදින් සහ රාජකීය පවුලට සුබ පතන්නන් විශාල පිරිසක් රැස්ව සිටින බව ය. ඔවුන් සියලුදෙනා නාම පුවරු රැගෙන ප්‍රීති ඝෝෂා කරමින් සිටින අතර රාජකීය බිලිඳා හට තැබිය යුතු නම් පිළිබඳව ද අදහස් පළ කරමින් සිටී. රාජකීය පවුලේ සියලු දෙනා ඔවුන්ගේ සතුට ප්‍රකාශ කරමින් නිවේදන නිකුත්කර තිබේ. මේ අතර චාර්ල්ස් කුමරු නිවේදනය කර තිබෙන්නේ තමන්ගේ පළමු මුණුබුරා දැකීමෙන් ප්‍රිතිය ඔද වැඩි ගිය බව ය. විලියම් කුමරුගේ බාල සොහොයුරා වන හැරී කුමරුද සුබ පැතුම් එක්කර තිබෙන අතර රාජකීය පවුල වෙනුවෙන් තමන් අතිශය ප්‍රීතියට පත්ව සිටින බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් පවසා තිබේ.

පොලොන්නරුව අරනගන්විලෙන් පිටසක්වල ජීවින් සිටින බවට ලොව ප්‍රථම සාක්ෂිය හමුවේ !

පොලොන්නරුව අරනගංවිල ප්‍රදෙශයට පසුගිය දෙසැම්බර් 29වෙනිදා(2012/12/29). අක්කරයක පමන භුමිප්‍රමානයක තැනින් තැන විසිරි තිබි හමුවු. අසාමාන්‍ය පාෂාන කොටස් දැන් තාරකා ජිව විද්‍යා ක්ෂෙත්‍රය උඩුයැටිකුරු කිරිමට සමත් වි තිබේ. එම පාෂාන සොයා ගත් ප්‍රදෙශයේ සිටින අය රාත්‍රි කාලයේ කිසියම් අත්බුත එලිද පසුගිය දවස් වල දැක තිබෙ. එම එලි වලට හෙතුව උල්කාෂ්ම බහුල ප්‍රදෙශයක් හරහා එ දවස් වල පෘතුවිය ගමන් කරමින් පැවතිම බව තාරකා විද්‍යාඥයන් විසින් පෙන්වා දෙන ලදි. එ අනුව එම පාෂාන පිටසක්වලින් පැමිනි උල්කාෂ්ම විය හැකි බවට ඔනැම කෙනෙක්ට සැකයක් පහල වේ.
එසේ සැක පහල වන විට පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරු එවා අකුනු ගැසිමකින් පස් වල සිදු වු විපරිතවිමක් නිසා හට ගත් පාෂන බව පෙන්වා දෙනලද්දෙ මෙතෙක් ලංකාවේ හමු වු විශාලතම උල්කාෂ්මය පෙන්වා දෙන ගමන්ය. මෙ ප්‍රකාශ අතරතුරදි කොලඹ වෛද්‍ය පර්යේශන ආයතනයේ වෛද්‍ය අනිල් සමර නායක ඇතුලු පිරිස අරනගංවිලෙන් හමුවු එ අසාමාන්‍ය පාෂාන වල සාම්පල ‍රැගෙන පර්යේෂන කටයුතුවලට යොමු විය. එම පාෂාන වල සාම්පළ නාසා ආයතනයේ තාරකා විද්‍යඥ මහාචාර්‍ය රිචර්ඩ් බ්‍රි හුවර් මහතාටත් මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහයන්ටත් යොමුකලෙ වැඩිදුර පර්යෙශන සදහාය. එම මුලික පර්යේශන ප්‍රථිඵල එකම වු නිසා වැඩිදුර පර්යේෂන සිදුකර මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහයන් හා වෛද්‍ය අනිල් සමරනායක මහතාගේ ප්‍රධානත්වයෙන් Journal of Cosmology හි 21 වන වෙලුමෙ පර්යෙශන ලිපියක් පළ කලොය. එම පර්යෙෂන ලිපි වලට අනුව එම උල්කාෂ්ම වල අභ්‍යන්තරයෙ ඩයටම් නැමති ඇල්ගා විශෙෂයේ ජිවින් සිටින බව හෙලිවේ. මෙය දැනට ජාත්‍යන්තරව පිලිගත් ප්‍රථම පිටසක්වල සිට පැමිනියේ යැයි සැල කරන ජිවි සාක්ෂිය බවට පත්වි තිබේ. මෙම උල්කාෂම වල අභ්‍යන්තරයේ පොසිල බවනය වු ඩයටම මෙන්ම ජිවි තත්වයේ සිටින ඩයටම සිටින බව බ්‍රිතානයෙ කාඩිෆ් විශ්ව විද්‍යාලේ ඉලෙක්ට්‍රොන අන්වික්ෂ මගින් මහාචාර්‍ය චන්ද්‍ර වික්‍රම සිංහයන් ලබාගත් ඡායාරුප වල පැහැදිලිව දක්නට ලැබේ. එමෙන් ම පසුගිය දවස් වල ඇද හැලුනු රතු වැස්සේ තිබි හමු වු ජිවි සෛල වලට සමාන සෛලද එම උල්කාෂ්ම අභ්‍යන්තායේ තිබි ඇත.එ අනුව. රතු වැසි වලටද හෙතුව පෘතුවිය මතුපිට සිට අහසට නැගුනු Trentepohlia ඇල්ගා නොව පිට සක්වල සිට උල්කාෂ්ම හරහා පැමිනි ජිවින් බව මහාචාර්‍ය චන්ද්‍ර වික්‍රම සිංහයන් පෙන්වා දෙයි. දැන් පිටසක්වල ජිවය පවතින බවට හොඳ සාක්ෂියක් ලංකාවේන් හමු වි තිබේ. මෙ පිලිබදව තව දුරටත් පර්යෙශන නාසා ආයතනයේන් මෙන්ම තාරකා ජිවි විද්‍යාඥ මහාචාර්‍ය චන්ද්‍රා වික්‍රමසිංහයන් ඇතුලු පිරිස පවත්වන බැවින් තරකා ජිවි විද්‍යාවේ නව පිබිදිමක් අනාගතයෙදි අපට අපෙක්ෂාකළ හැක. Journal of Cosmology හි 21 වන වෙලුමෙ 37වන ලිපියෙන් උපුටා ගත් පොලොන්නරුව උල්කාෂ්ම අභ්‍යන්තරයෙ තිබු ඩයටම(Diotoms)හා රතු වැස්සේ තිබු සෛල වලට සමාන සෛල වල ඉලෙක්ට්‍රොන අන්වික්ශිය ඡායාරුප කිහිපයක් පහත දැක්වේ.
පොසිල බවනය වු ඩයටම, රතුවැස්සේ සෛල වලට සමාන සෛල, ජිවි ඩයටම මෙහි දක්නට ලැබේ.
පොසිල බවනය වු ඩයටම මෙහි දක්නට ලැබේ

අරුම පුදුම වර්ණවත් වැසි

ගිරාදුරුකෝට්ටේ මහවැලි සත්ව ගොවිපළ හි කුඹුරු යායට උල්කාපාත කොටස් වැටී ඇති බවට සැක කෙරේ. කලු, දැඩි, ප්‍රමාණයට වඩා බර වැඩි පාෂාණ කැබලි කුඹුරේ තිබී සොයගෙන තිබේ. කුඹුරුයායේ ස්ථාන කිහිපයක මහියංගන පදියතලා පාරේ 48 අරාවත්තට, සේරාන හා සොරබොර වටවන ප්‍රදේශයට මෙන්ම හසලක රත්න ඇල්ලට හා තෝරපිටියටද එමෙන්ම ගිරාදුරුකෝට්ටේ ස්ථාන කිහිපයකට පසුගිය 4දා සවස කහ වැසි වැටී ඇත. අනුරාධපුර බණ්ඩාරපුලියන්කුලම ප්‍රදේශයට නිල් පැහැයෙන් යුතු වර්ෂාවක් ඇද හැළී ඇති අතර නුවරඑළියේ නානුඔයට රතු වැස්සක් සහ පොළොන්නරුවේ පලුගස්දමනට හා මැදිරිගිරියට කහ පැහැති වර්ෂාවක් පතිත වී ඇත. මේ අතර ඉකුත් දා පෙරවරුවේ මෙම ප්‍රදේශයටද පැවැති වර්ෂාවත් සමඟ, නුවරඑළියේ - නානුඔය – කිරිමැටියේ ඇවෝකා වත්තටද මෙලෙස රතු වැස්සක් පතිත වී තිබේ. මෙදින පෙරවරු 9.20 සිට පෙ. ව. 10.00 පමණ වනතෙක් මෙලෙස මෙම වත්තට රතු වැස්ස පතිත වූ බව, එහි වතු කම්කරු ජනයා සඳහන් කරයි. මෙලෙස තම ප්‍රදේශයට පතිත වූ රතු වැහි වතුර, මෙහි බොහෝ දෙනෙක් භාජනවලට එකතු කර තබා තිබෙන අතර, ඉන් සමහරක්, වතු පාලන අධිකාරිය ඔස්සේ හා නුවරඑළිය, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඔස්සේ පර්යේෂණ කටයුතු සඳහා අදාළ ආයතනවලට යොමු කිරීමට පියවර ගත් බවද වාර්තා වේ. පොළොන්නරුවේ පලුගස්දමන හා මැදිරිගිරිය අඹගස්වැව ප්‍රදේශවලට පසුගිය දා සවස ඇතිවූ ටොනාඩෝ සුළි සුළඟ පැවැති අවස්ථාවේදී කහ වර්ෂාවද පැවැතීම පිළිබඳව පර්යේෂකයන්ගේ අවධානයට යොමු වී ඇත. මෙදින පස්වරු 2.00ට පමණ සිදුවූ මෙම සුළි සුළඟ හැමීමට පෙර පැවති වර්ෂාව නව නගරයේ හා මැදිරිගිරිය ප්‍රදේශයේ ගම්වැසියන් විසින් මෙම කහ වැස්සේ ජලය එක්රැස් කරගෙන තිබේ.

2012 වර්ෂයෙන් පසුව බුදු දහම බබලන නව යුගයක් උදාවේ !

2012 ලෝක විනාශයක් තියෙනව කියල බොහෝ දෙනෙකු කිව්වට සත්‍යය නම් ඒ නව යුගයක ඇරඹුමක් සනිටුහන් වීමක්. කුමන පැත්වලින් බැලුවත් එහි සටහන් වෙන්නෙ නව යුගයක් ඇරඹුනා කියන කාරණය. එහෙම කියන්න හේතු ගොඩක් තියෙනව. 01. මායාවරුන්ගේ දින දර්ශනයෙට අනුව දින 1,872,000 කට පසුව නැති නම් වර්ෂ 5125.37 කට පසු පෘථිවි චක්‍රයක් අවසන් වී නැවත නව චක්‍රයක් ආරම්භ වේ. 02. ක්‍රි.ව. 615 දී මායා රාජ්‍යය පාලනය කල පාකල් රජු පැවසූ අනාවැකි සතට අනුව පහක් පමණ ඉටුවී අවසන්ය. ඒ අතර මිනිසුන් පැමිනි ගමන් මග පිලිබද නැවත හැරී බැලීම, ලෝ පුරා උණුසුම වැඩිවීම ආදිය මේවන විට සත්‍ය වී ඇත. ඉතිරි දෙක වන්නේ යම් ග්‍රාහකයක් පෘථිවිය සමීපයට පැමිනියත් මිනිසා විසින් එය විනාශ කර දමන බවත් 2012න් පසු ලෝකය නව මාවතකට පිවිසෙන බවත්ය. 03. සූර්ය වංශයේ පිබිදීම නැතහොත් අප සක්විති රාවණයන්ගේ පුනරාගමනය පිලිබදව කියැවේ. රාවණයන් නැවත පැමින මේ ලොව නැවත සියතට ගන්නා බව සදහන් වන අතර ‍ඒ වෙනුවෙන් මෙතෙක් පලකල බොහෝ අනාවැකි සත්‍යය වී හමාරය. රන් නිධි කැළණියෙන් මතුවීම, මැණික් ඉල්ලම් මතුවීම, රාවණ උමං මතුවීම, පිටසක්වල යානා පෙනීම, රතුවැසි ආදිය පිලිබද කියැවුනු අනාවැකි ඒ ලෙසින්ම සත්‍යය විය. 04. කලියුගයේ දේව පාලනය ක්‍රියාත්මක වන වසර 5100 මේ වසරින් අවසන්වේ. 05. මීලගට ඇති කාරණය මිනිසා ත්‍රිමානික බවින් මිදී සිව්මානික තත්වයට පත් වීමයි. එනම් බුද්ධියෙන් වැඩකරන යුගයකට එළඹීමයි. එතුලින් ආධ්‍යාත්මික දියුණුවක් ගොඩ නැගෙන බවට අනාවැකි පලවී ඇත. 06. පෘථිවිය ඇලය තවත් අංශයකින් වැඩි‍වීම සිදුවී ඇත. එයද මේ දෙසැම්බරව‍ෙය්දී සිදුවේ. 07. නාථ යනු දේව තනතුරකි. නාථ තනතුරට මෙතෙක් කල් පත්වී සිටියේ වසවර්ති මාර පාරශවයෙනි. මින් ඉදිරියට ඒ වෙනුවෙන් පත්වන්නේ මෙත්බෝසත් පාර්ශවයෙනි. ඒ නිසා ලොව පුරා සාමකාමී ධාර්මික වාතාවරණයක් ඇතිවනු ඇත. 08. ජෝතිෂ්‍යය අනුව ගත්කල විෂ්ණු වින්සතිය ඇරඹෙන්නේ මේ කාලයෙන්ය. විෂ්ණු යනු දරුණු ධාර්මික රජකෙනෙකි. (මොහු ද්‍රවිඩ විෂ්ණු නොව රාවණ රජුගේ සේනාපතියෙක් වූ උපුල්වන් දෙවියන්යැයි විශ්වාස කෙරේ. ) ඒ නිසා වැරදි කරන්නන්ට දැඩි දඩුවම් ලබාදෙන කාලයක් ඇතිවේ. 09 බොදු සාහිත්‍යයේ කියැවෙන දියසෙන් කුමරු නැවත බුදුදහම නගාසිටුවන කාලය මෙය විය හැකිද? 10. ලෝක ජනගහනය මේ පවතින්නේ උපරිම ස්ථානයේය. මෙතැන් පටන් ජනගහනය පහල යන කාලයක් උදාවේ. මෙයට අමතරව රහතුන් ලොව සරණ කාලයක් විදිහට හැදින්වෙන අතර, ආතර් සී ක්ලාක් මහතා 2050 දී බුදුදහම පමණක් ලොව සුරක්ෂිත ආගම බවට පත්වෙන බවට අනාවැකි පලකරල තියෙනව. මේ සියලු කරුණු සැලකිල්ලට ගත් කල නව යුගයක් පිලිබද යම් අදහසක් අපට ලබාගන්න පුලුවන්. විශ්වයෙන් නිකුත්වන යහපත් කිරණ සූර්යා විසින් පෘථිවියට පරාවර්තනය කරන අතර ඉන් මිනිසුන්ගේ සිත් සතන් පිරිසිදු වී පින්බර යුගයක් උදාවෙන බවත් දරක්වෙනව. කොහොම උනත් ඔය පින්තූරයේ දකින විදිහට මුස්ලිම් , කතෝලික, මෙන්ම බටහිර ජාතීන්ගේ බලය අඩුවෙලා පෙරදිග විශේෂයෙන්ම අපේ රට බුදු දහම මූල බීජය කරගනිමින් ලෝ පුරා යහපත් කාලයක් ඇතිවනු ඇත. යලිත් රහතුන් ගගන සරනා පින්බර යුගයක් ඇරඹෙනු ඇත. ඒ යුගයට පියනගන්නෙ පංසිල් රකින සමාජයක් එක්ක. එන්න යාලුවනේ අපිත් ඒ පාරමිතා රෙහැරට එක්වෙමු.