රාවණ රජු ඉතිහාසයෙන් පිටමං කිරීම
දැනුම යනු මිනිසාගේ එක් නිර්මාණයකි.ඉතිහාසයද මේ යටතට එයි.එය සොබා දහමේ නිර්මාණයක් නොවේ.එබැවින් එක් අයෙකු හෝ එක් ගුරු කුලයක් විසින් නිර්මාණය කරන ඉතිහාසය තවත් අයෙකු හෝ තවත් ගුරු කුලයක් විසින් නිර්මාණය කරන ඉතිහාසයට වඩා වෙනස්ය.මෙසේ මතභේදයක් ඇති වූ විට වැඩි දෙනා පිළිගන්නා වූ හෝ දැනුමේ ආධිපත්‍ය හිමි මතය අවසාන ලෙස පිළිගැනේ.ග්‍රාමීය මට්ටමේ දැනුම ඇත්තා සේ පිළිගැනී තිබුණේ තම ශිෂ්‍යයන් නොහොත් ගෝල පිරිසක්ද සහිතව සිටි 'දැනමිතිරාළය' ගමෙහි සිටි 'රාළලා'පස්දෙනා අතර ඔහුද එක් අයෙකි.නමුත් 1847 දී එවක අග්‍ර විනිස්චයකාර සර් ඇන්තනී ඔලිපන්ට් විසින් ගැසට් නිවේදනයක මාර්ගයෙන් දැනමිතිරාළගේ හා භික්ෂුවගේ අධ්‍යපනය ලබාදීමේ ක්‍රියාවලිය නීතියෙන් තහනම් කරන ලදී.භික්ෂුවට බෞද්ධ අධ්‍යාපනය පමණක් සාමණේර භික්ෂූන්ට ලබාදීමට අවසර තිබිණි.නීතිය වඩා හොඳට ක්‍රියාත්මක කිරීම සඳහා 1849 අවට කළකදී දැනමිතිරාළ අවමානයට ලක්කරන 'මහදැන මුත්තා කතා පන්තියද' මිෂනාරින් විසින් සමිපාදය කර පාසල් වල උගන්වන ලද අතර පුවත්පත්,සඟරා මගින්ද ප්‍රචාරය කරන ලදී.'ගුරු ගෙදර' නමින් හදුන්වන ලද දැනමිතිරාළගේ නිවසටද මිෂනාරීහු ස්ථාන මාරුවක් ලබාදුන්හ.එතැන් සිට අලුතින් ගුරු ගෙදර බවට පත්වුණේ පල්ලියේ 'කතිසේරුතැනැගේ' නිවසයි.මිෂනාරී පාසලේ ප්‍රධානාචාර්යවරයා ඔහු වීම ඊට හේතුවයි.කතිසේරුතැනට ඉන්පසු 'ගුරුන්නාන්සේ' යනුවෙන් ආමන්ත්‍රණය කිරීමටද මිෂනාරීහු පුරුදු කළහ.දැනුම ලබාදීම සම්පූර්ණයෙන්ම පාසල් පන්ති කාමරයට සීමාවුණි.මහදැනමුත්තා හා ගෝල පිරිස නමැති රසවත් විහිළුවක් පමණක් සමාජයට ශේෂ විය.දැනුමේ උල්පත මෙසේ වසා දැමීම නිසා දැනුම සිඳී ගියේය.
1954 දී සර් අයිවර් ජෙනිංස් විසින් ලියා එංගලන්තයේ පලකරන ලද අලුත ස්වාධීනත්වය ලැබූ රටවල ජාතිකත්වය (Nationalism in Newly Independent States) නමැති කෘතියෙහි මේ බව පැහැදිලිව සඳහන් වී තිබේ.ජෙනිංස්ගේ උද්දාම වාක්‍යයක්ද එහි ඇත.ලංකාව වෙනස් කිරීමේ ක්‍රියාවලිය තුළ බ්‍රිතාන්‍යයන් විසින් මෙරට'නව ශිෂ්ඨාචාරයක් හා නව බුද්ධාගමක්' ඇතිකළ බවට ප්‍රකාශ කරන ප්‍රීති වාක්‍යය එම උද්දාමයයි.ඊට නමක්ද පට බැඳීමට ඔහු සමත් වී ඇත.'ගාලු පාරේ ශිෂ්ඨාචාරය හා ගාලු පාරේ බුද්ධාගම' යනු මෙම පටබැඳි නම් දෙක වේ.(Galle Road Civilization and Galle Road Buddhism)අපගේ ලක්ෂණ සියල්ල අප විසින්ම ප්‍රතික්ෂේප කරන ලද වත්මන් සිංහල ශිෂ්ඨාචාරය හා භක්තිය පදනම් කරගත් වත්මන් බුද්ධ ශාසනය දෙස බලන විට ජෙනිංස් නිවැරදි බව පෙනේ.
විපත්තීන් හමුවේ සැඟවී සිට දැන් කළඑළි බසින මානෑවේ යක්ෂ ගෝත්‍රිකයන්ගේ 'වරිග පූර්ණිකාව'වැනි ග්‍රන්ථ නිසා දැනමිතිරාළලා විසින් සමාජයට එදා ලබාදුන් කට වචනයෙන් පවත්වාගෙන ගිය දැනුම් සම්භාරය ගැන අවබෝධයක් ලබා ගත හැක.වසර තිහ හතලිහකට පෙර අතුරුදන් වූ තොවිලයද මෙසේ 'ගුරුන්නාන්සේලා' විසින් (යකැදුරන්) අවසන් ලෙද පවත්වාගෙන ගිය දැනුම වෙයි.සංචාරකයන් පිනවිය හැකි'ගරා යකුම' පමණක් ඉන් අද 'ගාලු පාරේ' ශේෂ වී ඇත.
කීරති ශ්‍රී රාජසිංහ රජුගේ කාලයේදී පාලි මහා වංශයේ 40 වැනි පරිච්ඡේදයක් තිබී ඇත.බ්‍රිතාන්‍ය පාලන සමයේ එය අතුරුදන් වී තිබේ.එම අතුරුදන් වූ 40 වැනි පරිච්ඡේදයෙහි සීගිරිය ගැන හා රාවණා රජු ගැන සඳහන් වූ බවට තොරතුරු වර්ථමානයේ 'අන්තර් ජාලයට' ඇතුළු වී ටික දවසක් තිබී ඇත.එසේ නම් එම 40 පරිච්ඡේදය සහිත පාලි මහා වංශය බටහිර රටක තිබෙන බවට කිසිම සැකයක් නැත.
අදින් වසර සීයයකට පෙර එනම් 1912 දී එච්.ඩබ්ලිව්.කොඩ්රිංටන් නමැති බ්‍රිතාන්‍ය පාලනයේ සිවිල් සේවකයා විසින් ලියන ලද සංක්ෂිප්ත ලංකා ඉතිහාසය (Concised History of Ceylon) නමැති කෘතියේ අද දින අපගේ ඉතිහාසයේ මූල බීජයයි.කොඩ්රිංටන් පරණවිතාන ගුරුකුලය මගින් මෙය තවදුරටත් වර්ධනය කරන ලදී.රාජකීය ආසියාතික සංගමය (Royal Asiatic Society) නමැති බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය සංස්කෘතික සංවිධානය වනාහී මෙය පෝෂණය කරන ලද කිරි මව මෙන්ම මුර භටයාද විය.නමුත් 17.07.2010 දින රාජකීය ආසියාතික සංගමයේ ලංකා ශාඛාවට බරපතළ වැරදීමක් සිදුවිය.එනම් මහාචාර්යවරුන් පිරිසක් කැඳවාගෙන දේශන කිහිපයක් කිරීම මගින් රාවණා රජු හුදු මානසික සංකල්පයක් පමණක් බව පෙන්වාලීමට උත්සහ ගැනීමය.'රාවණා මිථ්‍යාව' නමැති තේමාව යටතේ මෙම සම්මන්ත්‍රණය පවත්වා රාවණ නාමයද වළලා දැමීමට ගත් උත්සහායෙන් පසු මුළු රට පිබිදී රාවණ රජු පිළිබඳ මහත් ආන්දෝලනයක් ඉන්පසු ඇති විය.අද දින තව තවත් වර්ධනය වෙමින් යන්නේ මෙම උරුමය පිළිබඳ හැඟීමයි.
19 වැනි හා 20 සියවස මුල් අර්ධය තුළ සමස්ත ලෝකයේම බල කේන්ද්‍රය බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය විය.එබැවින් 1800 සිට 1990 දක්වාම ලෝක ඉතිහාසය වුණේ බ්‍රිතාන්‍යය විසින් සකසා දුන් ඉතිහාසයයි.1950න් පසු ලෝක බල කෙන්ද්‍රය එක්සත් ජනපදයයි.ඒ සඳහා ඔවුන්ගේ යාන්ත්‍රණය එක්සත් ජාතීන්ගේ සංවිධානය නොහොත් 'ලෝක ආණ්ඩුවයි' 1990න් පසු බ්‍රිතාන්‍යයන් ගොඩ නංවා තිබූ අප්‍රිකාවේ මුල් මානවයා බිහිවීම හා බයිබල් දේශයන් ඇසුරින් සුමේරියන් ශිෂ්ඨාචාරය ලොව පැරණිම ශිෂ්ඨාචාරය වීමද,ඉන්දියාව හා ලංකාව ජනාවාස වීම දක්වා මැක්ස්මුලර්ගේ 'ආර්ය න්‍යායද'බිඳවැටී ගියේය.ඒ වෙනුවට අලුත් ඉතිහාසයක් තවම ගොඩනැගී නැත.තව දශක දෙකකදී පමණ ලොව ද්‍රව්‍ය පදාර්ථ අවසන් වී ඉලෙක්ට්‍රෝනික යුගය අවසන් වන විට සූර්ය ශක්තිය තුළින් පමණක් අවශ්‍යතා නිපදවා ගැනීමට මිනිසාට සිදුවන්නේය.එය කළ හැකි දැයි බටහිර විද්‍යාඥයෙක් අසනු ඇත.ශක්ති විද්‍යාව දන්නා වූද ලංකාවේ පාරම්පරිකව පැවතගෙන අවුත් අදත් ශේෂ වී සිටින්නා වූද අතලොස්සක් යක්ෂ ගොත්‍රිකයන්ට එය හැකිවනු ඇතැයි මා කීවොත් බොහෝදෙනා සිනාසෙනු ඇත.අද එසේ සිනාසුනද තව දශක කීපයකින් එය එසේ වන්නට පුළුවන.රා+වණ යනු හිරුගෙන් වැඩගත් හිරුගේ කණ්ඩායම යන අර්ථය දෙයි.(සූර්ය වංශය) වංශ කතාවලින් හිමාලය පාමුල නේපාලයේ උපන් (අද දින පිළිගත් පරිදි ) බුදුන් වහන්සේ සූර්ය වංශයට සදහන් කළද එය භූගෝල විද්‍යාවට අනූව සදොස්ය.හිරුගෙන් වැඩගෙන ඇත්තේ ලංකාවේ,ඊජිප්තුවේ හා මෙසපොතේමියාවේ පමණි.
බ්‍රිතාන්‍ය අධිරාජ්‍යමය ලෝක සංස්කෘතිය හැඩ ගැසෙන්නට වුණේ 19 සියවස ආරම්භයේ පටන්ය.ලෝක ඉතිහාසය සඳහා ඔවුන්ට ආලෝකය සපයා දුන්නේ බයිබලයෙනි.මැද පෙරදිග බයිබල් දේශයන් එක්කෝ බ්‍රිතාන්‍ය පෙරදිග වෙළඳ සමාගමේ අනුහස යටත හෝ නැතිනම් සෘජුව බ්‍රිතාන්‍ය ආණ්ඩුව යටත පැවතුණි.මෙනිසා කැනීම් කරමින් පුරා වස්තූන් මතු කරගනිමින් ඔවුන් රිසි පරිදි හා ඔවුන්ට වැටහුණ පරිදි ඒවාට අර්ථ නිරූපනයන් දුන්හ.ප්‍රංශ පුරාවිද්‍යාඥයන්ද බහුල ලෙස එම කාර්යයට සහාය වූ බැවින් එකී පුරාවස්තු පිරුණේ එංගලන්ත හා ප්‍රංශ කෞතුකාගාරවලය.1808දී ක්ලෝඩියස් රිච් බැග්ඩෑඩ්හි බ්‍රිතාන්‍ය පෙරදිග ඉන්දියානු වෙළඳ සමාගමේ නියෝජිතයා (Resident) ලෙස පළමුවරය ගවේෂණ කටයුතු ඇරඹීය.බැබිලන් හා නිනර්වේ නගර ඊට වැදගත්ය.
පර්ශියාවේ රෙසිඩන්ට් වූ සර් හෙන්රි රොලින්සන් එහි ගවේෂණ ඇරඹීය.සුමේරියානු කුඤ්ඤකාර අක්ෂර මුලින්ම කියවුයේද ඔහුය.19 සියවස මැද වන විට සුමේරියානු හා බැබිලෝනියානු ශිෂ්ඨාචාරයන් ගැන දැනුම පහළ විය.මෙම අදහස නිශේධ වුණේ 1998 දීය.ඒ එම වසරේ අප්‍රේල් මස කළ කැණීම් තුළින් මතුවු මැටි පුවරු නිසාය.ගුවන් යානාවලින් ආ සිංහ මිනිසුන් උපදෙස් දුන් පරිදි බැබිලෝනියා ශිෂ්ඨාචාරය ගොඩ නැංවු අයුරු 'ඉතිහාස චැනලය' (History channel)නමැති ඇමෙරිකන් රූපවාහිනිය විසින් 1998 මැයි මසදී විකාශනය කෙරුණි.කඩුව අතින් ගත් සිංහයා ලාංඡනය මෙම සිංහ මිනිසුන්ගේ බවද,බැබිලෝනියාවේ පුදුම හතෙන් එකක් වන 'එල්ලෙන උයන් වතු' එම සිංහ මිනිසුන්ගේ රටේ ඇති 'සිංහගිරි' මුදුනේ (සීගිරි) කෘතිම ලෙස සෑදු උද්‍යාන බවද එම මැටි පුවරු වල සඳහන් වුණී.බැබිලෝනියානු ලාංඡනය වන්නේද පියාපත් දෙකක් ,සිංහ ශරීරයක් හි මිනිස් මූණක් ඇති අමුතු සත්වයාය.
මේ අතර ඩේවිඩ් ලිවිංස්ටන්,සර් සිසිල් රොඩ්ස් යනාදීන් අප්‍රිකා අඳුරු මහද්වීපය සොයාගෙන ගවේෂණය කරන්නට වූහ.කැණීම්වලින් මානව පොසීල ස්ථින 30 ක් පමණ සොයා ගැනිණ.ඒ අනුව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයා විසින් තීරණය කළේ මානවයාගේ මුල් ස්ථානය අප්‍රිකාව බවය.හිතුවක්කාර කම් නිසා පියා විසින් අප්‍රිකාණු ගවේෂණ නැවක පටවා අප්‍රිකාවට යවන ලද චාල්ස් ඩාවින් එහිදි ස්වයං-මෝහනයට පත්විය.මිනිසා වඳුරාගෙන් පැවතෙන බවට න්‍යායයක්ද සහිතව පරිණාමවාදය නව මුහුණුවරකින් ඉදිර්පත් කිරීම ඩාවින් කළේය.මෙය ඉතා ඉක්මණින් ජනප්‍රිය විය.
19 සියවස අන්තිමට බලපෑ බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය ඉතිහාස මතවාදය වුණේ මැක්ස්මුලර්ගේ ආර්ය න්‍යායයි.මෙයද ඉතා කෙටි කලකදී ජනප්‍රිය විය.මේ තුළ ඇති රහසක්ද ඇත.නිකොලායි නෙටොවිච් නමැති රුසියානු පුවත්පත් කළාවේදියා විසින් ලියු 'ක්‍රිස්තුස් වහන්සේගේ සැඟවුණු ජීවිතය' නමැති ග්‍රන්ථය 1894දී කළඑළි දැක්වූ විට ඊට වතිකානු විරෝධය එල්ල විය.එම පොතට අවශ්‍ය තොරතුරු ලබාගත් කාශ්මීර හා ලඩාක් ආරාමවලට තමාද ගොස් තොරතුරු සොයා බැලු බවත්,නොටොවිච් ලියු දේ වැරදි බවත් කියමින් මැක්ස්මුලර් ඇමරිකන් හා එංගලන්ත පුවත්පත් සඟරාවලට ලිපි ලිවීය.එම නිසා මැක්ස්මුලර් මහා උගතකු ලෙස සියළු ක්‍රිස්තියානි සභාවන් විසින් උලුප්පා දක්වන ලදී.ආර්ය මතය වැදගත් වුනේ ඒ නිසාය.
මේ සියළු මතයන් ඇතුළු වූ පුළුල් ලෝක ඉතිහාසයක් බ්‍රිතාන්‍යයන් විසින් ගොඩ නංවන ලදී.ඒ තුළ ලංකාවට ඇති ඉඩකඩ සීමිතය.ආර්යයන් ඉන්දියාවට ඇතුළු වී මුළු හින්දුස්ථානය තුළ පැතිරී සොළොස් මහා ජනපද ඇතිවූ පසු බුදුන්ද පහළ වී උන්වහන්සේ පිරිනිවන් පානා දින සිදුවූ විජයාගමනයෙන් ලංකාව ජනාවාස විය.එබැවින් ඉන් පෙර සිටි රාවණා රජෙකු හෝ හෙළ ශිෂ්ඨාචාරයක් ගැන කතා කිරීමට අවසර නැත.ලංකාව බ්‍රිතාන්‍ය යටත් විජිතයකි.යටත් විජිතය එංගලන්ත අධිකාරී බලය පිළිගත යුතුය.රාවණා මිථ්‍යාවක් වුණේ එසේය.
පුදුමය නම් දේශපාලනික වශයෙන් නිදහස ලබාදී තිබියදීද ස්වේච්ඡාවෙන්ම තම වහල් මනස නොවෙනස්ව නඩත්තු කරගෙන යාමට මෙරට උගතුන් යැයි සම්මත පිරිස් දක්වන කැමැත්තය.වහලා කල්යාමේදී සිය 'වහල් බැමි වලට ඇලුම් කරයි' යනු ඒබ්‍රහම් ලින්කන්ගේ අදහස මීට ගැළපෙන ඉතා නිවැරදි පිළිතුරය.
පබ්බාජ සූත්‍රයෙහිදී (සුත්ත නිපාතයේ) බුදුන් වහන්සේ ප්‍රකාශ කළේ කාලිංග අගනුවර වන 'තෝසලිය' තමා උපන් බිම බවය.නමුත් බුදුන් වහන්සේට ආචාර්ය උපාධියක් නොමැති නිසා මෙරට උගත් ගිහි පැවිදි සියළු දෙනා බුද්ධ වචනය ප්‍රතික්ෂේප කර ඇත.ඒ වෙනුවට ආචාර්ය උපාධියක් ඇති.පුරා විද්‍යාඥයකු වන 'ඇලෝයි ඇන්ටන් ෆියුහර්' ප්‍රකාශ කළ දේ පිළිගෙන ඇත.එනම් නේපාලයේ ඇති රුම්චන්දි නමින් ෆියුහර් වැරදි ලෙස හදුනාගත් ටැම් ලිපිය ඇති ස්ථානය සිදුහත් කුමරු උපන් ලුම්බිණිය බවට ෆියුහර් මවා පෑ බොරුව පිළි ගැනීමය.එකම හේතුවක් නම් ෆියුහර් ආචාර්ය උපාධියක් සහිත සුද්දෙකු වීමය.
එංගලන්ත අධිරාජ්‍ය ආධිපත්‍ය,ලංකාවේ මහා විහාර දැනුම ආධිපත්‍ය හා අත්වැල් බැඳ ගනී.සාම්ප්‍රදායිකව කට වචනයෙන් පවත්වාගෙන ආ ඓතිහාසික තොරතුරු ඉංග්‍රීසින් විසින් ප්‍රතික්ෂේප කළේ මිථ්‍යාව(Myth) ලෙස ඊට පරිභව කරමිනි.මහා වංශය ඇතුළු මහා විහාර වංශ කතා වල ආ සාවද්‍ය තොරතුරු පිළිගැනීමට බ්‍රිතාන්‍යයෝ කැමති වූහ.එබැවින් රාවණ රජු රාමායණයට සීමා කර එය ඉතිහාස නොවන බව ප්‍රකාශ කළහ.මහා වංශය පූර්ණ ඉතිහාසය ලෙස පිළිගත්හ.
ඉංග්‍රීසීන් අනුව ගිය වහල් මනස ඇති අපේ ස්වදේශික පුරාවිද්‍යාඥයන්ට කළු හමක් හා සුදු හදවතක් විය.සෙල්ලිපිවල සඳහන් තණචොඩග (තෘණ බින්දු), විසව (විශ්‍රවස්) ,නහුත සහතික,රවණ කුබිර,ගෝතම ශමණ,සුමන(සමන්),දස බතික නවීණය උපරාජ නාග,පනිත යනාදී නම් විකෘති කර සැඟවූහ.මේ සියළු නම් විජයාවතරණයට පෙර සිටි පුද්ගලයන්ගේය.විජයාගමනයෙන් පසු එකම සෙල්ලිපියක හෝ වැරදීමක් සිදුවී නැත.සෙල්ලිපි පිළිබඳ මහා විශාරදයා වන මහාචාර්ය පරණවිතානට අකුරු වැරදීමට කොහෙත්ම පුලුවන් කමක් නැත.
රාවණ රජු ලංකා ඉතිහාසයෙන් පිටමන් කර ලියු ඉතිහාසය ඉන් වසර 100 ට පසු 2012 දී සාවද්‍ය බව එළිදරව් වේ.කොඩ්රිංටන් විසින් එම ඉතිහාස පොත ලියුවේ 1912දීය.නමුත් එම වැරදි ඉතිහාසයට අවුරුදු 100 ක් පැවතීමට නොහැකි විය.එබැවින් ඉතිහාසය නිවැරදි කර ලිවීම උගත් තරුණ පරපුරට පැවරෙන වගකීමකි.හිරන්කසුබ්,ප්‍රාලද,බලි,තාරක,රාවණ,නහුත,පනිත,හැම රජෙකුම එවිට ඉතිහාසයට ඇතුළු කිරීමට සිදුවේ.
බලශක්ති අර්බුදය විසදීමට සුදුසු කාලය එළඹ ඇත
මහ දවල් පවා විදුලි බුබුළු දල්වා තබමින් අනවශ්‍ය ලෙස විදුලි බලය පරිහරණය කරන රජයේ කාර්යාල, උසස් පෞද්ගලික ආයතන වැනි ස්‌ථානයන් අපි කොතෙකුත් දැක ඇත්තෙමු. ඇතැම් විට පළාත් පාලන ආයතන මඟින් නඩත්තු කෙරෙන මහා මාර්ගයන් හි සවිකර ඇති විදුලි බුබුළු පහන් රැය දවල් නොකඩවා දැල්වෙන අවස්‌ථා ද අපට බොහෝ විට දක්‌නට ලැබේ.
එහෙත් රජයේ කාර්යාලයක හෝ වේවා වෙනත් ආයතනයක නැත්නම් පෞද්ගලික නිවසක හෝ වේවා විදුලි බලය මෙසේ අනවශ්‍ය ලෙස පරිහරණය කිරීමෙන් නොදැනුවත්කමින් වුවද ඔබ විසින් සිදු කරනු ලබන්නේ මුළු මහත් දිවයිනේ ම අනාගතය කෙරෙහි ඉතා අහිතකර ලෙස අයහපත් අන්දමින් බලපාන බලවත් හානියක් යෑයි ඔබ මොහොතකටවත් සිතුවාද? ඇතැම් විට එය ඔබ පිළිගැනීමට පවා මැලිකමක් දැක්‌වුව ද එය සැබවින්ම සත්‍යයකි. ඔබ විසින් හේතු රහිතව අපතේ හරිනු ලබන සෑම කිලෝවොට් පැයක් නිසාම නුදුරු අනාගතයේදී ජාතියේ ප්‍රගතියට අදාළ වන අන්දමේ නිෂ්පාදන කාර්යයන් සඳහා යොදවා ගැනීමට ඇති විදුලිබල ශක්‌තිය ක්‍රමයෙන් අඩු වී යනු ඇත.
මෙම තත්ත්වය සංවර්ධනය වෙමින් පවතින රටක් වන ශ්‍රී ලංකාවට පමණක් නොව කාර්මික අතින් අංගසම්පූර්ණ බවට පත්වී ඇති ජපානය වැනි දියුණු රටවලට ද එක සේ බලපවත්වන බව අවධාරණයෙන් සඳහන් කළ යුතුය. විවිධ කර්මාන්ත බිහි කරමින් දියුණුවේ පෙරමඟට යන රටවලට ඒ සඳහා විශාල වශයෙන් බල ශක්‌තිය අවශ්‍ය වන බවද එම අවශ්‍යතාව වසරක් පාසා වැඩිවෙමින් පවතින බවද අපි දනිමු. ලංකාවේ වර්තමාන විදුලිබල වැඩිවීමේ අවශ්‍යතාවය වාර්ෂිකව වැඩිවීමේ වේගය වාර්ෂිකව මෙ. වො. 200 කි. එහෙත් රටේ කර්මාන්ත මෙන්ම සාමාජික ජීවිතයද දියුණුවන වේගය හා සමානව විදුලි බල ශක්‌තිය ඒ හා සමානව වැඩි දියුණු නොවන්නේ නම් ලංකාවට අත් වන ඉරණම කුමක් ද?
අවුරුදු 13 ක් තිස්‌සේ ලංකාව ඒ ශෝචනය ඉරණමට මුහුණදී ඇත. කාර්මික අතිනුත් බලශක්‌තිය අතිනුත් අපට වඩා සිය දහස් ගණනකින් වැඩි දියුණු මට්‌ටමක පසුවන රටවල විදුලි බලය මනා සකසුරුවම් කමකින් යුතුව පරිහරණය කරනු ලබද්දී කාර්මික අංශයෙන් පමණක් නොව බලශක්‌ති අංශයෙන් ද නොදියුණු බෙහෙවින් ම පහත් මට්‌ටමක සිටින අපේ අනාගත දියුණුවට අදාළ වන විදුලි බල ශක්‌තිය මෙසේ ප්‍රවේශමෙන් තොරව පරිහරණය කිරීමෙන් සිදු කර ගන්නේ අප විසින් අපගේ වළ කපා ගැනීමක් නොවේ ද?
දිවයිනේ විදුලිබල අවශ්‍යතාව වැඩි දියුණු වූ අන්දම පිළිබඳව කරුණු මනාව අවබෝධ කර ගැනීමට නම් ගත වූ පසුගිය දසක හතර තුළ ඒ පිළිබඳ විස්‌තර සොයා බැලීම යෝග්‍ය වේ. 1939 දී දිවයිනේ උපරිම විදුලි බල අවශ්‍යතාව මෙ. වො. 35 කි. (1977 මෙ. වො. 402, 1980 - මෙ. වො. 422, 1982 මෙ. වො. 522, 1985 - මෙ. වො. 949, 1986 මෙ. වො. 1065, 1990 මෙ. වො. 1208..............2007 මෙ. වො. 1758, පෞද්ගලික විදුලි බලාගාර මෙ. වො. 886).
1950 සිට 1990 දක්‌වා දශක හතරක කාලය තුළ විදුලි උත්පාදනය කිසිදු අර්බුදයකින් තොරව පවත්වාගෙන යැමට හැකි වූයේ ප්‍රමාණවත් ලෙස ජල විදුලි බලය තිබූ නිසාය. විවිධ කම්හල්, ව්‍යාපාර, නිවාස ආදිය අලුතින් බිහිවීමත් සාමාජික ජීවිතයේ එදිනෙදා අවශ්‍යතාවන් වැඩි වීමත් සමඟම වසරක් පාසා ඉල්ලුම ඉහළ ගියේය. එහෙත් මෙම විදුලිබල අවශ්‍යතාව සඳහා අපේ ජල විදුලිය ශක්‌ති ප්‍රමාණය වැඩි දියුණු වූයේ බෙහෙවින් ම අඩු වේගයකිනි. ජල විදුලි උත්පාදනය කරන බලාගාරයක් ඉදිකර එය ක්‍රියාත්මක තත්ත්වයට පත් කිරීම සඳහා අඩුම වශයෙන් වර්ෂ පහක පමණ කාලයක් ගතවීමත් එය ක්‍රියාත්මක වීමෙන් පසුව වුවද ඉඩෝර කාලයන්හි දී ජලය සිඳී යැමෙන් බලාපොරොත්තු වන විදුලිය බල ශක්‌තිය නිපදවා ගැනීමට නොහැකි වීමෙන් මෙම බලශක්‌ති වර්ධනයේ වේගය හීන වීමට හේතු වූ බව සඳහන් කළ හැක.
මහවැලි යෝජනා ක්‍රමයට අයත් ජලවිදුලි බලාගාරවල වැඩකටයුතු අවසන් වූ පසු එයින් ජනනය කරන ජලවිදුලිය දිවයිනේ අවශ්‍යතාවටත් වඩා වැඩිවනු ඇතැයිද ඇතැම් විට ඉන්දියාව වැනි අසල්වැසි රටවලට පවා විදුලිය සැපයීමට හැකිවනු ඇතැයි ද මතයක් කලකට ඉහත ජනතාව අතර පැතිර තිබූ බව අපට තවමත් මතක තිබේ. එම බලාගාර කටයුතු නිමවන විට නිදහස් වෙළෙඳ කලාප වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනු ලැබීමෙන් පසු කර්මාන්තශාලාවල යන්ත්‍රෝපකරණ ක්‍රියාත්මක කිරීම සඳහා විදුලි බලය ප්‍රයෝජනයට ගත්තේය. එමෙන් ම වසරක් පාසා විදුලි බල අවශ්‍යතාවයේ සිදු වන ක්‍රමික වැඩිවීමත් එකතු වූ විට නුදුරු අනාගතයේදී අප සතුව තිබිය හැකි බලශක්‌ති ප්‍රමාණය යන්තමින් පිරිමසා ගැනීමට පමණක් සෑහුනි.
විදුලි අර්බුදයේ පළමු වැනි ගැටළු සහගත තත්ත්වය ඇති වූයේ මහවැලි විදුලි බලාගාරය නිර්මාණය කරන අවස්‌ථාවේ දීය. එවකට රජයට ලබාදුන් විශේෂඥ උපදෙස් වූයේ විදුලිබල මණ්‌ඩලයේ විදුලි පද්ධතිය යහපත් ලෙස ක්‍රියාත්මක වීම සඳහා ජලවිදුලි බලාගාර සහ ගල් අඟුරු විදුලි බලාගාර ඒකාබද්ධ විය යුතු බවය. ජලවිදුලි බලාගාරවල වියළි කාලවලදී ඇති වන බලශක්‌ති හිඟයට ප්‍රතිකර්මයක් ලෙස සහ වර්ෂා කාලවල ඇතිවන ද්විතීයික බලශක්‌ති උපයෝගි කර ගැනීම සඳහා මෙය නොවරදින පිළියමක් විය. මහවැලි ව්‍යාපාරය යටතේ වික්‌ටෝරියා බලාගාරය සැලසුම් කළේ මෙ. වො. 300 ක ගල් අඟුරු බලාගාරයක් මඟිනි. එතෙක් අපතේ යමින් තිබෙන ද්විතීයික ජලවිදුලි බලය උපයෝගි කර ගනිමින් මෙ. ගා. ඒකක 3000 ක් වූ ශක්‌තිය මෙ. ගා. ඒකක 4200 ක් වැඩි කර ගැනීමටය. (වික්‌ටෝරියා ව්‍යාපෘති උපදේශක වාර්තාව - පිටු අංක 22) කඩිනම් මහවැලිය ක්‍රියාත්මක කිරීමට එවකට ජනාධිපති ධුරය හෙබවූ විදුලි බල හා බලශක්‌ති ඇමැති ඡේ. ආර්. ජයවර්ධන මැතිතුමා දැරූ උත්සාහයම ගල් අඟුරු බලාගාරය ඉදිකිරීම පිණිස නොයෙදීම නිසා (වික්‌ටෝරිය) බලාගාරය මෙ. වො. 140 1980 වර්ෂයේ ද 1985 මෙ. වො. 75 වශයෙන් ස්‌ථාපිත විය. මෙහිදී මහවැලි විදුලි බලාගාර පිහිටුවීම සම්බන්ධව ඡේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ උදාර උත්සාහය අවතක්‌සේරු නොකෙරේ) අධික පිරිවැය යටතේ විදුලිබල නිෂ්පාදනය කිරීමේ නැඹුරුව ඇතිවිණි.
ආසියානු සංවර්ධන බැංකුව පසු අවස්‌ථාවක මහවැලි සැපයීමට අනුව ඉදිවෙන අවසාන විදුලි බලාගාරය වූ රන්ටැඹේ විදුලි බලාගාරයට ද (1990 මෙ. වො. 49 ස්‌ථාපිත විය) සමනලවැව විදුලි බලාගාරයට ද (1992 මෙ. වො. 120 ස්‌ථාපිත විය.) පෙර ගල් අඟුරු බලාගාරයක් ඉදිකළ යුතු බවට අනතුරු අඟවා තිබුණේ මෙම ජලාශ දෙකම බොහෝ අවස්‌ථාවල ජල හිඟය නිසා ක්‍රියාත්මක කිරීමේ නොහැකියාව වැඩි නිසයි. යෝජනා කළ පරිදි ගල් අඟුරු බලාගාරයක් ඉදිකළා නම් අඩු වියදමකින් ගල් අඟුරු ආනයනය කරගෙන විදුලි ඌණතා කැපීම් අවමකර ගත හැකිව තිබිණි. මීට අමතරව මාවනැල්ලේ සහ ත්‍රිකුණාමලයේ ගල් අඟුරු බලාගාරයක් ඉදිකිරීමට යෝජනා වුවත් දේශපාලන නායකත්වය නිසි පරිදි තීරණ නොගැනීම නිසා එම යෝජනා ද ක්‍රියාත්මක නොවීය. මේ හේතුව නිසා 1996 - 1997 වන විට අනිවාර්යයෙන්ම ඉදිවිය යුතුව තිබූ ගල් අඟුරු බලාගාරය නිසි කලට ස්‌ථාපිත නොවීය.
මේ හේතුව නිසා 1997-1998 යුගයේ දී විදුලිය පැය කිහිපයක් කපා අඳුරේ තැබීමට හේතු වූයේ ඒ නිසාය. අපේක්‍ෂා සහගත නොවූ ආකාරයෙන් බලපවත්වන ලද නියඟය මඟින් නිර්මාණය කරන ලද අභියෝගාත්මක තත්ත්වයට මුහුණදීමේ යථාර්ථය ජීවමාන විය. මේ හේතුව නිසා විදුලිබල මණ්‌ඩලය කබලෙන් ලිපට වැටුණේය. විදුලිය කපා රටම අඳුරේ තැබෙන තත්ත්වය හමුවේ ඒ සතු වූ අර්බුදයකට පිළියමක් වශයෙන් රජය ගත් ක්‍රියාමාර්ග වූයේ පෞද්ගලික අංශයෙන් අධික මිල ගණන්වලට මිලදී ගෙන පාරිභෝගිකයන්ට විදුලිය සැපයීමයි. මීට අමතරව අයෝග්‍ය තෙල් විදුලිබලාගාර භාවිත කිරීමට මංපෙත් පෑදුණේය. 1995 - 2005 කාලය තුළ එවැනි විදුලි බලාගාර 11 ක් ඉදිකරන ලද අතර ඉන් 09 ක් ම ලංවීම සැලසුමෙහි නොතිබූ ඒවාය. පෞද්ගලික විදුලි සමාගම් 08 කින් ඉන්ධන භාවිතා කොට විදුලිය නිපදවා ජාතික විදුලි පද්ධතියට අධික මිලකට විකිණීමට කටයුතු කිරීමයි. පෞද්ගලික අංශයෙන් විදුලිය මිලදී ගැනීමේ ක්‍රියාදාමයේ කැපී පෙනෙන ලක්‍ෂණය වන්නේ එකී සමාගම් හි අකාරුණික දුෂ්කර හා අහිතකර කොන්දේසිවලට වග විභාගයකින් තොරව එවක පාලකයින් එකඟතාව පළ කිරීමය. මෙහි ප්‍රතඵලය වූයේ ඇති ආදායමට වඩා ඉන්ධන ගැනීමත් (දේශීය වෙළඳපොළේ ඩීසල් අවශ්‍යතාවය මෙටි්‍රක් ටොන් 4100 ත් 4300 ත් අතරය. මෙටි්‍රක් ටොන් 1100 ක් ඛනිජ තෙල් සංස්‌ථාව නල මඟින් ලබා දෙන්නේ විදුලිබල මණ්‌ඩලයටයි.) නැති ආදායම (2010 ලං.වි.ම පාඩුව බිලියන 40) සංඛ්‍යාලේඛන මඟින් පෙන්වා හිත හදා ගැනීමටත් විදුලිබල මණ්‌ඩලයට සිදු විය. නොලැබෙන ආදායම වෙනුවෙන් වැය කළ අවසානයේ දී ණය (බිලියන 66) ගනිමින් පෙරළා පොළිය ගෙවමින් ජන ජීවිතයට ආලෝකය දෙන ලංකා විදුලිබල මණ්‌ඩලයේ පාරිභෝගිකයෝ අපි වූවෙමු. (2010 විදුලි බල මණ්‌ඩලයේ අපේක්‍ෂිත වියදම් බිලියන 160 යි. ආදායම බිලියන 120 යි. පාඩුව බිලියන 40 යි) 75% ක් ම වැය වෙන්නේ (බිලියන 90) පෞද්ගලික සමාගම්වලට ගෙවීමටයි. මෙසේ වන පාඩුව නිසා සෑම ලාංකිකයෙකුට ම රු. 2000 ක් බැගින් ගෙවීමට සිදුවන බව ඔබ දන්නවා ද?
දිවයිනේ මහා පරිමාණයේ විදුලි යෝජනා ක්‍රම ඇරඹිය හැකි ජල සම්පත් 60% ටත් වඩා ඇත්තේ මහවැලි ගඟ ආශ්‍රිතවය. කැලණි ගඟ ආශ්‍රිතවද ඉදිකළ හැකි විදුලි බලාගාර ද 95% ට වඩා නිමකර ඇත. ඒ අනුව අප රටේ ප්‍රධාන මට්‌ටමේ බලාගාර උපරියට ඒ අශ්‍රිතවම ඉදිකර තිබේ. මධ්‍යම පරිමාණ විදුලි බලාගාර ලෙස හඳුනාගෙන ඇති කැලණි ගඟ ආශ්‍රිත බ්‍රෝඩ්ලන් බලාගාරය ද නිල්වලා ගඟ, ගිං ගඟ, මොරගොල්ල, උමා ඔය ආදි ගංගාවන්හි ඉදිරියේ දී බලාගාර ඉදිකිරීමට නියමිතය. එහෙත් වාර්ෂිකව ඉහළ යන විදුලි ඉල්ලුමට සාපේක්‍ෂව ජනන හැකියාවක් නිර්මාණය කළ නොහැක.
කුඩා විදුලි බල ව්‍යාපෘති 90 ක් පමණ දැන් ක්‍රියාත්මකය. ඉන් මෙගා. වො. 200 ක් පමණ ලැබේ. මීට අමතරව වතු ආශ්‍රිතව ඉතා කුඩා ජල ව්‍යාපෘති 40 ක් පමණ ගණන් බලා ඇත. එහි ධාරිතාව මෙ. වො. 1 ට වැඩි නොවේ. ජල විදුලිය පැත්තෙන් ඊට වඩා බලාපොරොත්තු තැබිය නොහැක.
ලංකා විදුලිබල මණ්‌ඩලයේ තක්‌සේරුවට අනුව ඉදිරි 20 අවුරුද්ද තුළ ශ්‍රී ලංකාවේ විදුලිබල ඉල්ලුම් 7% - 10% ප්‍රමාණයෙන් ඉහළ යනු ඇත. ඒ අනුව සෑම වසර 10 කට වරක් වත් ඉල්ලුම තෙගුණ වෙයි. මෙම වැඩිවන ඉල්ලුමට ප්‍රමාණවත් ලෙස ඔරොත්තු දෙන මිලකට (වර්තමානයේ මිල පාලනය කරන්නේ මහජන උපයෝගිතා කොමිෂන් සභාවයි) විදුලි සැපයුම ඉහළ නැංවීම රජයේ වගකීම සහ යුතුකමයි. 2020 වන විට ඛනිජ තෙල් විදුලි බලාගාර වලින් මෙ. වො. 935 ක්‌ද කොත්මලේ මෙ. වො. 150 ක් ද ගල් අඟුරු තාප බලාගාර වලින් මෙ. වො. 3300 ක්‌ද අළුතින් විදුලි පද්ධතියට එකතු විය යුතුය.
මුල් කාලයේ දී ඉතා ලාභදායී ලෙස තිබූ ඛනිජ තෙල් මිල පසුව ඇති වූ ලෝක අර්බුද හමුවේ වරින් වර කම්පනයට භාජන වූ නිසා ඊට පිළියමක් ලෙස අඩු මුදලකට මිලදී ගත හැකි බලශක්‌ති සම්භවයක් ලෙස ගල් අඟුරු හඳුනාගත්තේය. මෙම බලශක්‌තිය ද ඛනිජ තෙල් ද නුදුරු අනාගතයේදී භාවිත කළ හැක්‌කේ උපරිම වශයෙන් ක්‍රි. ව. 2200 දක්‌වා බව විශේෂඥ මතයයි. ඒ අනුව ක්‍රි. ව. 2200 වන විට ලෝකයේ විදුලි පරිභෝජන රටාවේ පූර්ණ වෙනසක් දැකිය හැකි වනු ඇත. ත්‍රිකුණාමලය සාම්පූර් ගල් අඟුරු බලාගාරය නිර්මාණය කළ පසු ගල් අඟුරු සංකල්පයෙන් ඉවත් වීම අපට වඩාත් හිතකරය (ගල් අඟුරු මිලද ක්‍රමයෙන් ඉහළ යයි. පාරිසරික ප්‍රශ්න ද ඇති වේ.) තෙල් අවසන් වෙමින් පවතින නිසා ලෝකය වර්තමානයේ දී මුහුණ දී ඇති බලශක්‌ති අර්බුදය ජනතාවගෙන් වසන් කළ නොහැක. කවුරු බලයේ සිටියත් මෙම අර්බුදයට මුහුණ දීමට සිදු වේ.
ඒ වෙනුවට වෙනත් විකල්ප බල ශක්‌ති හඳුනාගෙන අනාගතයේදී නිසැකවම ඇතිවන අර්බුදයට මුහුණදීමට අවශ්‍ය නව මං සෙවීමට කාලය එළඹ ඇත. අප වැනි සංවර්ධනය වෙමින් පවතින රටක විකල්ප බලශක්‌තීන් සෙවීම හා උපයෝගී කරගැනීම ඉතා විමසිල්ලෙන් යුතුව කළ යුතුය. දියුණු රටවලට උචිත බලශක්‌තීන් අන්ධානුකරණයෙන් අප පිට පටවා ගැනීම නොකළ යුත්තකි. අපට ඔරොත්තු දෙන අප වටා බහුලව ඇති බලශක්‌ති ප්‍රභව ගැන අප උනන්දු විය යුතුය. එහෙයින් බලන කල සූර්ය බල ශක්‌තිය. සුළං බලය, සාගර රළ, භූගත බලශක්‌තිය හා ජීව වායුව උපයෝගී කරගන්නා බලශක්‌තිය. ෙඩ්‍රන්ෙඩ්‍ර` තාක්‌ෂණය වැදගත් වේ. න්‍යෂ්ටික බලාගාර අපට කොතෙක් ඔරොත්තු දේ දැයි දෙවරක් සිතා බැලිය යුත්තේ ඒ සඳහා අවශ්‍ය න්‍යෂ්ටික ඉන්ධන ලබා ගැනීම සඳහා වෙනත් බලවත් රටවලට ගැති වීමටත් ඒ සඳහා අධික මූලික පිරිවැයක් යෙදීමටත්, බොහෝවිට හානිකර අනතුරුවලට ඉඩ තිබීමත් නිසාය. මහ බැංකුව විසින් පෙන්වා දෙන නැනෝ තාක්‌ෂණය සම්බන්ධව අත්හදා බැලීමක් කරන්නේ නම් වැදගත්ය.
එහෙයින් ඉදිරියේ දී නිසැකයෙන්ම මුහුණ දීමට සිදුවන මෙම බලශක්‌ති අර්බුදයට සාර්ථකව මුහුණපෑමට නම් ගත යුතු පියවර පිළිබඳව ද අපගේ පූර්ණ අවධානය යොමු විය යුතුය. මෙම තත්ත්වය මඟහැරීම සඳහා පළමු කොට අප කළ යුත්තේ ඉහත සඳහන් කර ඇති පරිදි දැනට අප සතුව තිබෙන බලශක්‌තිය හැකි තරම් සකසුරුවමින් යුතුව පරිහරණය කිරීමයි. රටේ නිෂ්පාදනය කරන විදුලියෙන් 14% ක් සම්ප්‍රේෂණයේ දී පද්ධතිවල දෝෂ නිසා අපතේ යයි. දල ගණන් බැලීම අනුව මෙසේ අපතේ යන විදුලි ප්‍රමාණය මෙ වො. 150 කි. එය විදුලි බලාගාරයක නිෂ්පාදනය කෙරෙන විදුලිය ප්‍රමාණයට සමානය. ලංකා විදුලිබල මණ්‌ඩලයේ නිලධාරීන් මෙම අපතේ යැම කඩිනමින් අඩු කරගැනීම සඳහා අවශ්‍ය පිළියම් ගත යුතුය. පෞද්ගලික නිවාස වල විදුලිය මඟින් කරන ඉවුම් පිහුම් අත්‍යවශ්‍ය නොවන සෑම කාර්යයක්‌ම බොහෝදුරට සීමා කර ගත යුතු වේ. අප සැමදා කියන සකසුරුවම හා සරල චාම් දිවි පෙවෙත මෙම ප්‍රශ්නයට විසඳුම් සපයයි. එහි ඕනෑකම. වැදගත්කම ජාතියේ හදවතට කිඳා නොබසින්නේ නම් වඩ වඩා සුඛෝපභෝගී වීමට යත්න දරන්නේ නම් එම වරදට වන්දි ගෙවන්නට අප අනාගත පරපුරට සිදු වනු ඇත.
බුදුන් වන්දනා කිරීමේ වරදට සෞදි අරාබියේ සිංහලයෙකුට මරණය නියම වේ !
ඔහු නමින් ප්‍රේමනාත් පෙරේරලාගේ තුංගසිරිය. පදියතලාව කැලේලිඳ වතුයායේ අංක 164/A නිවසේ පදිංචි දෙදරු පියෙක් වන ඔහු කලක් හමුදා සේවයේ යෙදී සිටි විශ්‍රාමික හමුදා සෙබලෙකි. ජීවිතයේ මුහුණ දෙන්නට සිදු වූ අපමණ ආර්ථික ගැටලු වලට යම් පමණක හෝ විසදුමක් පතා විදේස් ගත වන්නට තීරණය කල ඔහු 2009/06/26 දින දි සෞදි අරාබියාවට පා තබන
්නේ විදෙස් ගමන් බලපත්‍ර 2353715 යටතේය. ඒ මොහොමඩ් එස් අල් කාතීම් නැමැත්තාගේ රියදුරු සේවය සදහාය. අවුරුදු 3ක පමණ සේවා කාලය නිමවා නැවත වරක් මව් රට ඒමට නියමිතව සිටි ඔහු අනපේක්ෂිත ලෙස "අමුල්මහාම් පොලීසිය" විසින් මීට මාස දෙකකට පමණ පෙර අත්අංඩගුවට ගෙන සිරගත කරන්නේ එරට ක්‍රියාත්මක වන "මනුශ්‍යත්වය තුට්ටුවකට මායිම් නොකරන අමු ග්‍රෝත්‍රික ඉස්ලාම් ශරියා නීතිය" අනුව ඉස්ලාම් හැර වෙනත් ආගමක් ඇදහීමේ බරපතල වරදටය. බුදු දහම පිළිබද අචල ශුද්ධාවකින් යුත් බෞද්ධයෙකු වූ තුංගසිරි මහතා වෙසක් කාඩ් එකකින් සකසා ගත් බුදු රුවකට වැදුම් පිදුම් කිරීම නිසා ඔහු නවාතැන් ගෙන සිටි කාමරයේදී අත්අඩංගුවට පත්වී ඇති අතර මේ වන විටත් සිටින්නේ කොයි මොහොතක හෝ හිස ගැසුම් කෑමේ අවදානමකය.
මේ සම්බන්ධයෙන් පසුගිය මාස දෙක තුලදීම තුංගසිරි මහතාගේ ඥාතීන් විසින් විදේශසේවා නියුක්ති කාර්යංශයට පැමිණිළි කරත් ඔවුන්ගෙන් සෑහීමකට පත් විය හැකි පිළිතුරක් ලැබී නොමැති අතර, මේ පැමිණිල්ල භාරව සිටි කාමර අංක 17 සිටින ඒ.එච්.එම්.ශිබ්වි නැමති මුස්ලිම් නිළධාරි අමනයා විසින් කිහිප වතාවමක්ම ඔවුන්ට බැනවදී පළවාහැර ඇත.(ජනාතාවගේම මුදල්වලින් පඩි කමින් ජනතාවටම කෙළ ගසන මේ වැනි තුප්පහි කාළකණ්නීන් වගකිව යුතු තැන් වලින් කනෙන් ඇද එලියට දමන තුරු මේ රටටනම් සෙතක් වන්නේ නැත) බලධාරීන්ගේ ක්‍රියාකලාපය මෙසේ වෙද්දී මේ සම්බන්ධයෙන් අවධානය යොමු කල "බොදු බල සේනා සංවිධානය" අසාධාරණයට පත් තුංගසිරි මහතාගේ මව හා බිරිදද සහභාගි කරවාගනිමින් මධ්‍ය සාකච්ඡාවක් පැවත් වූ අතර මේ පිළබදව මුලු රටම දැන් දැනුවත් වී ඇත. එමෙන්ම පසුගිය කාලයේදී මිනීමැරුම් චෝදනාවකට වරදකරු වී මෙවැනිම අණතුරකට මුහුන දී ඇති රිසානා නෆීක් නම් මුස්ලිම් තරුණිය වෙනුවෙන් කෑ මොර දුන් ඇතැම් මූලධර්මවාදීන් තුංගසිරි මහාතාට දුන් දඩුවම සෞදීයේ නීතියට අනුගතව සාධාරණීකරනය කරන ආකාරයනම් අතීශයින්ම පිළිකුල් සහගතය. එහිදී ඇයගේ නිදහස වෙනුවෙන් සිංහල බෞද්ධයන්ද හඩ නැගුවේ ඇය අපේම රටේ අපේම දැරියක් ලෙස සිතාගෙනය. එසේ වුවත් බුදුන් වැඳීමේ වරදට ප්‍රේමනාත් මහතාව අමානුෂික ලෙස මරා දැමීම ඇතැම් මුස්ලිම් අන්තවාදීන් විසින් සාධාරණීකරණය කිරීමෙන් පෙනෙන්නේ ඔවුන්ගේ පහත් මානසිකත්වය නොවේද?
"අප විස්වාශ නොකරන්නවුන් ගේ හදවතට ත්‍රස්තය ඇතුලු කරන්නෙමු. අල්ලා දෙවියන් තහනම් කළාවු දේ, එනම්, ඔවුන් අල්ලා දෙවියන් සමඟ තවත් දේ සම කළාහුය. ඔවුන් ගේ වාසස්ථානය ගින්න වන්නේය. පව්කාරයින්ට නරකාදිය අයිතිය - කුරානය: 3:151. http://quran.com/3/151"
ඉස්ලාම් මූලධර්මවාදය මත පදනම් ශරියා නීති පද්ධතිය අතීශයින්ම මිලේච්ඡ වූවකි. එය දැඩි අන්ධ භක්තිය විසින් මෙල්ල කරන ලද තවමත් ගෝත්‍රිකව සිතන අරාබීන්ට ම ගැලෙපෙන ශිෂ්ඨසම්පන්න ලෝකයට කිසිසේතම නොගැලපෙන නින්දාසහගත තිරිසන් නීතියකි. ශාරියාවේ නීති අකුරටම පිළිපදිමින් තම සහජාත දරුවන් පවා ගල්ගසා මරන්නට පසුබට නොවන මෙවැනි මිලේච්ඡ ගෝත්‍රිකයන් පිරිසක් වෙසෙන රටකදී අන්‍යාගම් ඇදහීමේ නිදහස බලාපොරොත්තු වීම එක අතකට විහිලු සහගතය. එසේ හෙයින් ඉස්ලාම් නොවන ආගමක් ඇදහීමේ සංවේදී අයිතිය පවා ගෙල කපා මරා දැමීමට තරම් බරපතල වරදක් බව සිතන මේ නීචයින්ගෙන් තුංගසිරි සොයුරා නිදහස් කර ගැනීමට ඇත්තේ ඉතාම සුලු ඉඩකඩකි. අපේ වැටහීම අනුව රාජ්‍යතාන්ත්‍රිකව ඒ සදහා මැදිහත් වන්නේ නම් යම් කිසි තරමක බලාපොරොත්තුවක් තැබි හැකි අතර ඒ වෙනුවෙන් ඉදිරිපත් වන ලෙස සෘජුවම ජනාධිපති තුමාටම බල කිරීම සදහා අපි සියල්ලෝම ඉදිරිපත් විය යුතුය.
විශේෂයෙන් සදහන් කල යුතු අනෙක් කරුණ නම්, ලැබෙන සොච්චමක් වෙනුවෙන් මුන්ගේ බැලමෙහෙවරකම් කරන්නට යෑම ගැන ජාතියක් වශයෙන් අපි ලැජ්ජා විය යුතුය.මොවුන්ගේ ගති සිරිත් කොතරම් අශිෂ්ඨ වුවත් අපට එවා නැවැත්විය නොහැක.අද අප කලයුතුව ඇත්තේ වහල් මෙහෙය සදහා අරාබි රටවලට අපේ පුරවැසියන් නොයැවීමේ ප්‍රතිපත්තිමය තීරණයකට එළඹීමයි. එහි වගකීම් ඇත්තේ රට කරවන මහ උන් අත වුවත් හිතාමතාම ඔවුන් වගකීම් පැහැර හරිනවානම් තනි තනිවම හෝ අරාබි වහල් මෙහෙයට එරෙහිව ආකල්පමය වශයෙන් සිංහල සමාජය සන්නද්ධ කිරීම අපේ කාලීන යුතුකමය.
ඉන්දීය සාගර පතුලේ නව භූ තැටියක් නිර්මාණය වන සේයාවක් !
ඉන්දීය සාගර පත්ලේ නව භූ තල මායිමක් නිර්මාණය වන බවට විද්‍යාඥ කණ්ඩායමක් අනුමාන කරයි. ඔවුන් පෙන්වා දෙන්නේ, පසුගිය අප්‍රේල් මාසයේ සුමාත්‍රා දූපත් ආශ්‍රිතව හටගත් ප්‍රබල භූ - චලනය එවැන්නක් පිළිබඳ පැහැදිලි සංඥාවක් බවයි. මේ සමග ඉන්දු - ඕස්ට්‍රේයානු භූ තලය කොටස් දෙකකට වෙනුවනු ඇතැයි, ද අනුමාන කෙරෙයි. කෙසේ වෙතත් මේ සඳහා තවත් වසර මිලියන ගණනක් ගතවනු ඇතැයි, යන්න එම විද්‍යාඥ කණ්ඩායමේ අදහස වේ. එම ක්‍රියාවලිය මිට වසර මිලියන 8ත් 10ත් අතර කායලකට පෙර ආරම්භ වන්නට ඇතැයි, ද ඔවුන් විශ්වාස කරයි.
සද ගමන ප්‍රෝඩාවක්ද ?
1969 ජුලි 16 වැනිදා ලෝකයා විශ්මයට පත් කරමින් සඳ මතුපිට ප්‍රථමවරට මිනිසුන් ඇවිද ගියා. ඒ තමා ඇපොලෝ 11 ව්‍යාපෘතියේ ගමන් ගත් නීල් අම්ස්ට්‍රොන්ග්,එඩ්වින් ඔල්ඩ්රින් හා මයිකල් කොලින්ස්. එය
සජීවීව රූපවාහිනිය ඔස්සේ ලොව පුරා විකාශය කෙරුනා.මෙය මිනිස් ඉතිහාසයේ විශාල සන්ධිස්තානයක්.නමුත් මෙය සිදුවී දැනට වසර හතළිහකටත් වඩා කාලයක් ගතවී ඇතිමුත් දැනටත් ලොවපුරා විවිධ
පුද්ගලයෝ,විද්‍යාඥයින් මේ සම්බන්දයෙන් විවිධ අදහස් පල කරනවා. විද්‍යාත්මක කරුණු හා සඳ ගමනේදී ලබාගත් චායාරූප ඇසුරින් ඔවුන් පවසන්නේ මේ ඇපොලෝ 11 සඳ ගමනක් සත්‍යවශයෙන් සිදුවී
නොමැති බවයි. ඔවුන් පවසන්නේ ඇපොලෝ 11 සඳ ගමන, සෝවියට් රුසියාව ප්‍රථම වරට කෘතීම චන්ද්‍රිකාවක් (ස්පුට්නික්) අබ්යාවකාශ ගත් කිරීමත් සමගම තමන්ගේ මහන්තත්තකම රැකගැනීමට වියරුවෙන්
ඇමරිකාව විසින් චිත්‍රගාරයකදී පටිගතකල චිත්රපටයක් බවයි. ඔවුන් මේ සඳහා විවිධ සාක්ෂි ඉදිරිපත් කරමින් එය තහවුරු කිරීමට උත්සහ දරනවා. මම මෙතැන පටන් එම කරුණු හා නාසා ආයතනය ඒවාට ලබාදුන්
ප්‍රති උත්තර,පැහැදිලි කිරීම් එකින් එක ඉදිරිපත් කරන්නම්.
1.පහතින් දැක්වෙන්නේ ඇපොලෝ 16 මගින් සඳ මතුපිට සිට ලබාගත් පෘතුවියේ චායාරූපයක් හා ඇපොලෝ 11 මගින් ලබාගත් චායාරූපයකුයි. ඇපොලෝ 16 මගින් අධෝරක්ත කැමරාවෙන් ලබාගත්
චායාරූපයේත් පෘතුවිය වටා පසුබිමේ තරු හොදින් දිස්වෙන මුත් ඇපොලෝ 11 මගින් ලබාගත් චායාරූපයේ පෘතුවිය සහිත පසුබිමේ එකදු තරුවක් වත් දක්නට නැත.
ඇපොලෝ 16 යානය සඳ මතුපිට සිට ලබාගත චායා රූපයක්
ඇපොලෝ 11 යානයෙන් ලබාගත්ත යයි කියන චායාරූපය
2. පහත දැක්වෙන්නේ සඳ මතුපිටින් ලබාගත් පාශානයක චායාරූපයකුයි. හොදින් නිරීක්ෂණය කිරීමේදී ඔබට දක්නට ලැබෙයි එම පාශානය මතුපිට හා එය අසලම පොලවේ කුඩාවට "C" හැඩයට යෙදු
සලකුණක්. ඉතින් මේ චායාරූපය ගැන බොහෝ දෙනා දරන මතයක් වන්නේ මෙවැනි නම් කිරීම් හොලිවුඩ් සිනමාවේ විවිධ රංග උපකරණ වල දක්නට ලැබෙන බවයි. මෙලෙස නම් කිරීම් කරන්නේ රූපගතකිරීම්
වලධි අදාළ වස්තුව වඩාත් හොදින් ස්තානගත කිරීමට බවයි ඔවුන්ගේ මතය. එම නිසා ඔවුන් පවසන්නේ apollo 11 සද ගමන හොලිවුඩ් චිත්රාගරයක කල රූපගත කිරීමක් බවයි.
3. මෙම චායාරූපයේ සිටින ගගන ගාමීන් දෙදෙනාගේ සෙවනැලි දෙස හොදින් බලන්න. ඔවුන් දෙදෙනා අතර ඇත්තේ මීටර් 2 ක පමණ පරතරයකි. නමුත් ඔවුන් දෙදෙනාගේ සෙවනැලි වල ප්‍රමානය අතර වෙනසක් ඇත. කොඩියට පිටුපසින් සිටින්නාගේ සෙවනැල්ල ඉදිරියෙන් සිටින්නාගේ සෙවනැල්ලට වඩා දිගුය. මෙය ප්‍රකාශ විද්‍යාත්මකව වියහැකිද?මේ පිලිබඳ විද්‍යාඥ මතය වන්නේ මෙය කෘතීම ආලෝකකරණයක් යටතේ සිදුකල ක්‍රියාකාරකමක් බවයි. සූර්යාගෙන් පමණක් ආලෝකය ලැබෙනවා (එක ආලෝක ප්‍රබවයක් පමණක් ඇති නම්)නම් මෙලෙස සෙවනැල්ලේ දිග වෙනස් වියනොහැකි බවයි ඔවුන්ගේ මතය.
4.ඉහත කී කරුණ ඔබට මෙම රූපයෙන් වඩාත් හොදින් පැහැදිලි වේවි. මෙම රූපයෙන් දැක්වෙන්නේ එඩ්වින් ඔල්ඩ්රින් ඊගල් යානයට නගින අන්දමයි. ඔහු සිටින්නේ යානයේ තද අඳුරු සෙවනැල්ල තුල වූවත් ඔහුව හොදින් දර්ශනය වනවා . වෙන කිසිවක් පමණක් නොව ඔහුගේ කළු පැහැති සපත්තු දෙක පවා හොදින් දර්ශනය වනවා. මෙයිනුත් ඔප්පු වන්නේ සූර්යාලෝකයට අමතරව වෙනත් කෘතීම ආලෝකයක් මෙහි යොදාගන ඇති බවයි.
5.ඔබ දන්නවා සඳ ගමනට තිදෙනෙක් සහබාගි වූවාට ඔවුන් දෙදෙනාගෙන් සඳ මතුපිට ඇවිද ගියේ දෙදෙනෙක් බව. ඒ නීල් අම්ස්ට්‍රොන්ග් හා ඔල්ඩ්රිනුයි. මයිකල් කොලින්ස් යානයේ පාලක මැදිරියේ සිට පෘතුවිය සමග සම්බන්දතා පැවැත්වුවා. ඉතින් පහත රූපයේ සිටින්නේ එඩ්වින් ඔල්ඩ්රින්. ඔබට පෙනෙනවා ඇති ඔහුගේ ව්යිසරයෙන් ඉදිරියෙන් සිටින නීල් අම්ස්ට්‍රොන්ග් හා ඊගල්ස් ලුනාර් යානය දිස්වෙන ආකාරය. .නමුත් එහි කොහෙවත් කැමරාවක සලකුණක් වත් නැහැ. එසේනම් චායාරූපය ගත්තේ කවුරුන්ද?
6.පහතින් දැක්වෙන රූපයේ දැක්වෙන්නේ එඩ්වින් ඔල්ඩ්රින් සඳ මතුපිට ඇවිදීමේදී ලබාගත් පාසටහනක් .එය දෙස හොදින් බලන්න. ඒක හරියට නිකං තෙත පොළවක හිටපු පා සලකුණක් වගේ හොදින් තදින් හිටලා තියනවා නේද.වායුගෝලයක් වත් නැති සඳ මතුපිට පෘෂ්ටය තෙත් උනේ කොහොමද?
ඇපොලෝ 16 යානය සඳ මතුපිට සිට ලබාගත චායා රූපයක්
ඇපොලෝ 11 යානයෙන් ලබාගත්ත යයි කියන චායාරූපය
3. මෙම චායාරූපයේ සිටින ගගන ගාමීන් දෙදෙනාගේ සෙවනැලි දෙස හොදින් බලන්න. ඔවුන් දෙදෙනා අතර ඇත්තේ මීටර් 2 ක පමණ පරතරයකි. නමුත් ඔවුන් දෙදෙනාගේ සෙවනැලි වල ප්‍රමානය අතර වෙනසක් ඇත. කොඩියට පිටුපසින් සිටින්නාගේ සෙවනැල්ල ඉදිරියෙන් සිටින්නාගේ සෙවනැල්ලට වඩා දිගුය. මෙය ප්‍රකාශ විද්‍යාත්මකව වියහැකිද?මේ පිලිබඳ විද්‍යාඥ මතය වන්නේ මෙය කෘතීම ආලෝකකරණයක් යටතේ සිදුකල ක්‍රියාකාරකමක් බවයි. සූර්යාගෙන් පමණක් ආලෝකය ලැබෙනවා (එක ආලෝක ප්‍රබවයක් පමණක් ඇති නම්)නම් මෙලෙස සෙවනැල්ලේ දිග වෙනස් වියනොහැකි බවයි ඔවුන්ගේ මතය.
4.ඉහත කී කරුණ ඔබට මෙම රූපයෙන් වඩාත් හොදින් පැහැදිලි වේවි. මෙම රූපයෙන් දැක්වෙන්නේ එඩ්වින් ඔල්ඩ්රින් ඊගල් යානයට නගින අන්දමයි. ඔහු සිටින්නේ යානයේ තද අඳුරු සෙවනැල්ල තුල වූවත් ඔහුව හොදින් දර්ශනය වනවා . වෙන කිසිවක් පමණක් නොව ඔහුගේ කළු පැහැති සපත්තු දෙක පවා හොදින් දර්ශනය වනවා. මෙයිනුත් ඔප්පු වන්නේ සූර්යාලෝකයට අමතරව වෙනත් කෘතීම ආලෝකයක් මෙහි යොදාගන ඇති බවයි.
5.ඔබ දන්නවා සඳ ගමනට තිදෙනෙක් සහබාගි වූවාට ඔවුන් දෙදෙනාගෙන් සඳ මතුපිට ඇවිද ගියේ දෙදෙනෙක් බව. ඒ නීල් අම්ස්ට්‍රොන්ග් හා ඔල්ඩ්රිනුයි. මයිකල් කොලින්ස් යානයේ පාලක මැදිරියේ සිට පෘතුවිය සමග සම්බන්දතා පැවැත්වුවා. ඉතින් පහත රූපයේ සිටින්නේ එඩ්වින් ඔල්ඩ්රින්. ඔබට පෙනෙනවා ඇති ඔහුගේ ව්යිසරයෙන් ඉදිරියෙන් සිටින නීල් අම්ස්ට්‍රොන්ග් හා ඊගල්ස් ලුනාර් යානය දිස්වෙන ආකාරය. .නමුත් එහි කොහෙවත් කැමරාවක සලකුණක් වත් නැහැ. එසේනම් චායාරූපය ගත්තේ කවුරුන්ද?
6.පහතින් දැක්වෙන රූපයේ දැක්වෙන්නේ එඩ්වින් ඔල්ඩ්රින් සඳ මතුපිට ඇවිදීමේදී ලබාගත් පාසටහනක් .එය දෙස හොදින් බලන්න. ඒක හරියට නිකං තෙත පොළවක හිටපු පා සලකුණක් වගේ හොදින් තදින් හිටලා තියනවා නේද.වායුගෝලයක් වත් නැති සඳ මතුපිට පෘෂ්ටය තෙත් උනේ කොහොමද?
ගෝලීය උණුසුම් වීම වෙනස් මගක් ගනී ! ග්ලැසියර දියවීම වෙනුවට වර්ධනයක් !
මෙතෙක් කලක් අප දැන සිටියේ ගෝලීය උණුසුම් වීම නිසා උතුරු ධ්රුවයේ ග්ලැසියර දිය වී යන බවයි. එහෙත් දැන් හිමාලයේ දී එය වෙනස් මඟක් ගෙන තියෙනවා. විද්‍යාඥයන්ගේ අලූත් ම සොයා ගැනීම වන්නේ ගෝලීය උණුසුම හේතුවෙන් ග්ලැසියර දිය වීම වෙනුවට ලියලීමක් හෙවත් වැඞීමක් සිදු වන බවයි!
ප‍්‍රංශ චන්ද්‍රිකාවකින් ගත් ඡායාරූපවලින් මේ බව හෙළි වී තියෙනවා. හිමාලයේ බටහිර කඳුවළල්ලේ ග්ලැසියර මෙසේ පසුගිය දශකයක කාලය තුළ දිය වීම වෙනුවට වර්ධණය වී ඇති බව හෙළි වෙනවා.
ගෝලීය සිසිල් වීමක්! කේ 2 නම් කරාකෝරම් කඳුවැටියේ ග්ලැසියරවල වර්ධනයක්! ලෝකයේ උස ම ශිඛර අතරින් දෙ වන තැන් ගන්නා කේ 2 ශිඛරය, එනම් කරාකෝරම් කඳු වැටියේ ඇති ග්ලැසියර මෙසේ වර්ධනය වන ඒවා ලෙස දැන් හඳුනා ගෙන තියෙනවා. මේ විස්මිත සොයා ගැනීමෙන් විද්‍යාඥයන් දැන් අන්දුන්කුන්දුන් වී ගිහින්. ලෝකයේ අනෙක් පෙදෙස්වල ග්ලැසියර ගෝලීය උණුසුම් වීම හේතුවෙන් දිය වී, ක්ෂය වී, හැකිළී යද්දී මේ හිමාලයේ ග්ලැසියර පමණක් මෙසේ වර්ධනය වීම ඔවුන්ගේ පුදුමයට හේතුවක් වී තියෙනවා. ප‍්‍රංශයේ ග්රෙනෝබල් විශ්ව විද්‍යාලයේ හා විද්‍යා පර්යේෂණ පිළිබඳ ජාතික මධ්‍යස්ථානයේ ප‍්‍රංශ විද්‍යාඥයන් තමයි, මේ චන්ද්‍රිකා ඡායාරූප විමසුමට ලක් කරල තියෙන්නෙ. මේ කරාකෝරම් කඳු වැටියට යාම හා එහි මැනීම් කිරීම දුෂ්කර එකක්. පහසුම ක‍්‍රමය මෙවැනි ඡායාරූපවලින් ඒවා විමර්ශනය කිරීමයි. දැනට ඔවුන් සතුව ඇත්තේ 1999 වසරේත්, 2008 වසරේත් ගන්නා ලද එම ප‍්‍රදේශයේ චන්ද්‍රිකා ඡායාරූපයි. ඒවා සසඳා බලන විට ඒ ග්ලැසියරවල සුළු වර්ධනයක් දක්නට ලැබෙනවා. ඔවුන්ගේ ඇස්තමේන්තු අනුව සෑම වසරක දී මීටර 0.11කත් 0.22කත් අතර ප‍්‍රමාණයක් මෙම ග්ලැසියරවල වර්ධනය වීමක් සිදු වී තිබෙනවා. ගෝලීය ප‍්‍රවණතාව වෙනස් ආකාරයට මෙසේ සිදු වන්නේ කුමක් නිසා ද යන්න පර්යේෂකයන්ට තවමත් ප‍්‍රශ්නයක්. එහෙත් ඔවුන් දන්නවා, කරාකෝරම් කඳු වැටිය හා සමාන ලොව පුරා වෙනත් ශීතලාධික ප‍්‍රදේශවල කළ අධ්‍යයනයන්ගෙන් අධික ශීතල සහිත දේශගුණයත් සමග වැඩිපුර වර්ෂණයක් ඇති වුවහොත් ඒවා ඝන වී ප‍්‍රසාරණයක් සිදු විය හැකි බව. ඒ පර්යේෂකයන්ගේ ප‍්‍රධානියා වූ යූලී ගාඩෙලේ මේ පිළිබඳව බීබීසියට ප‍්‍රකාශයක් කරමින් කීවේ, ”අපි මේකට හේතුව හරියට ම දන්නේ නෑ. දැනට අප විශ්වාස කරන්නේ කරාකෝරම් ඉහළ අහසේ ඇති ඉතා විශේෂ වූ කලාපීය දේශගුණය නිසා වන්නට ඇති කියායි. කාලගුණ විද්‍යා ගණනයන් අනුව මේ ප‍්‍රදේශයේ ශීත කාලයේ වැඩි වර්ෂණයක් පෙන්නුම් කරනවා. ඒත් ඒක තාම අනුමානයක් විතරයි” කියායි.
හැරිසන් කියන්නේ ඒ හිම කඳු ලියලන ස්කන්ධයෙන් වැඩි කොටසක් උස් ශිඛරවල සිදු වන හිමධාවයන්ගෙන් ලැබෙන බවයි. එක්සත් රාජධානියේ එක්සෙටර් විශ්ව විද්‍යාලයේ සම මහාචාර්ය ස්ටීවන් හැරිසන් කියන්නේ නව පර්යේෂණ අනුව ගෝලීය දේශගුණයේ සැලකිය යුතු විචල්‍යයක් ඇති වී තිබෙන බවයි. ඔහුගේ අදහස ඒ ග්ලැසියර ඊට ප‍්‍රතිචාර දක්වන ආකාරය කියායි. කරාකෝරම් ග්ලැසියර අසාමාන්‍යයි. ඒවා වසා ගෙන ඇති තට්ටු යටින් ඇත්තේ පාෂාණමය ජීර්ණාවශේෂ ඝන ස්තරයක්. ඒ නිසා එහි ඝන වීමේ හා දිය වීමේ කි‍්‍රයාවලියට ඒ ජීර්ණාවශේෂවල හා කාලගුණයේ වෙනස්කම් දෙක ම බලපානවා. ”ග්ලැසියර දිය වීම නිසා සමස්ත මුහුදු මට්ටමට සිදු වන බලපෑම ගණන් ගතයුතු තරමේ එකක් නෙවෙයි. ඒක ඉතා සුළුයි. එහෙත් එයින් අදහස් කෙරෙන්නේ නැහැ, නොකඩවා සිදු වන ගෝලීය උණුසුම් වීම නිසා ලෝකයේ ග්ලැසියරවලට ඇති වන බලපෑම ගැන ඉගෙන ගැනීමට තරම් දෙයක් ඇත්තේ නැතැයි කියා.” ලොව පුරා ග්ලැසියර ඉතා වේගයෙන් දිය වී යන මේ කාලයේ මෙවැනි නව සොයා ගැනීම්වලින් යම් ආකාරයක සහනයක් ලැබෙනවා. 2011 දී හිමාලය ගැන කළ අධ්‍යයනයකින් හෙළි වී තියෙනවා, ග්ලැසියරවල හිම දිය වී යාමේ වේගය අනුව 1980 ගණන්වලට වඩා දෙගුණයක් වී ඇති බව. එයින් අවට රටවල බිලියන 1.3ක් වන ජනතාවකට පිරිසිදු ජලය ලැබෙන බවත් සඳහන් වෙනවා.
ගෝලීය සිසිල් වීමක්! කේ 2 නම් කරාකෝරම් කඳුවැටියේ ග්ලැසියරවල වර්ධනයක්! ලෝකයේ උස ම ශිඛර අතරින් දෙ වන තැන් ගන්නා කේ 2 ශිඛරය, එනම් කරාකෝරම් කඳු වැටියේ ඇති ග්ලැසියර මෙසේ වර්ධනය වන ඒවා ලෙස දැන් හඳුනා ගෙන තියෙනවා. මේ විස්මිත සොයා ගැනීමෙන් විද්‍යාඥයන් දැන් අන්දුන්කුන්දුන් වී ගිහින්. ලෝකයේ අනෙක් පෙදෙස්වල ග්ලැසියර ගෝලීය උණුසුම් වීම හේතුවෙන් දිය වී, ක්ෂය වී, හැකිළී යද්දී මේ හිමාලයේ ග්ලැසියර පමණක් මෙසේ වර්ධනය වීම ඔවුන්ගේ පුදුමයට හේතුවක් වී තියෙනවා. ප‍්‍රංශයේ ග්රෙනෝබල් විශ්ව විද්‍යාලයේ හා විද්‍යා පර්යේෂණ පිළිබඳ ජාතික මධ්‍යස්ථානයේ ප‍්‍රංශ විද්‍යාඥයන් තමයි, මේ චන්ද්‍රිකා ඡායාරූප විමසුමට ලක් කරල තියෙන්නෙ. මේ කරාකෝරම් කඳු වැටියට යාම හා එහි මැනීම් කිරීම දුෂ්කර එකක්. පහසුම ක‍්‍රමය මෙවැනි ඡායාරූපවලින් ඒවා විමර්ශනය කිරීමයි. දැනට ඔවුන් සතුව ඇත්තේ 1999 වසරේත්, 2008 වසරේත් ගන්නා ලද එම ප‍්‍රදේශයේ චන්ද්‍රිකා ඡායාරූපයි. ඒවා සසඳා බලන විට ඒ ග්ලැසියරවල සුළු වර්ධනයක් දක්නට ලැබෙනවා. ඔවුන්ගේ ඇස්තමේන්තු අනුව සෑම වසරක දී මීටර 0.11කත් 0.22කත් අතර ප‍්‍රමාණයක් මෙම ග්ලැසියරවල වර්ධනය වීමක් සිදු වී තිබෙනවා. ගෝලීය ප‍්‍රවණතාව වෙනස් ආකාරයට මෙසේ සිදු වන්නේ කුමක් නිසා ද යන්න පර්යේෂකයන්ට තවමත් ප‍්‍රශ්නයක්. එහෙත් ඔවුන් දන්නවා, කරාකෝරම් කඳු වැටිය හා සමාන ලොව පුරා වෙනත් ශීතලාධික ප‍්‍රදේශවල කළ අධ්‍යයනයන්ගෙන් අධික ශීතල සහිත දේශගුණයත් සමග වැඩිපුර වර්ෂණයක් ඇති වුවහොත් ඒවා ඝන වී ප‍්‍රසාරණයක් සිදු විය හැකි බව. ඒ පර්යේෂකයන්ගේ ප‍්‍රධානියා වූ යූලී ගාඩෙලේ මේ පිළිබඳව බීබීසියට ප‍්‍රකාශයක් කරමින් කීවේ, ”අපි මේකට හේතුව හරියට ම දන්නේ නෑ. දැනට අප විශ්වාස කරන්නේ කරාකෝරම් ඉහළ අහසේ ඇති ඉතා විශේෂ වූ කලාපීය දේශගුණය නිසා වන්නට ඇති කියායි. කාලගුණ විද්‍යා ගණනයන් අනුව මේ ප‍්‍රදේශයේ ශීත කාලයේ වැඩි වර්ෂණයක් පෙන්නුම් කරනවා. ඒත් ඒක තාම අනුමානයක් විතරයි” කියායි.
හැරිසන් කියන්නේ ඒ හිම කඳු ලියලන ස්කන්ධයෙන් වැඩි කොටසක් උස් ශිඛරවල සිදු වන හිමධාවයන්ගෙන් ලැබෙන බවයි. එක්සත් රාජධානියේ එක්සෙටර් විශ්ව විද්‍යාලයේ සම මහාචාර්ය ස්ටීවන් හැරිසන් කියන්නේ නව පර්යේෂණ අනුව ගෝලීය දේශගුණයේ සැලකිය යුතු විචල්‍යයක් ඇති වී තිබෙන බවයි. ඔහුගේ අදහස ඒ ග්ලැසියර ඊට ප‍්‍රතිචාර දක්වන ආකාරය කියායි. කරාකෝරම් ග්ලැසියර අසාමාන්‍යයි. ඒවා වසා ගෙන ඇති තට්ටු යටින් ඇත්තේ පාෂාණමය ජීර්ණාවශේෂ ඝන ස්තරයක්. ඒ නිසා එහි ඝන වීමේ හා දිය වීමේ කි‍්‍රයාවලියට ඒ ජීර්ණාවශේෂවල හා කාලගුණයේ වෙනස්කම් දෙක ම බලපානවා. ”ග්ලැසියර දිය වීම නිසා සමස්ත මුහුදු මට්ටමට සිදු වන බලපෑම ගණන් ගතයුතු තරමේ එකක් නෙවෙයි. ඒක ඉතා සුළුයි. එහෙත් එයින් අදහස් කෙරෙන්නේ නැහැ, නොකඩවා සිදු වන ගෝලීය උණුසුම් වීම නිසා ලෝකයේ ග්ලැසියරවලට ඇති වන බලපෑම ගැන ඉගෙන ගැනීමට තරම් දෙයක් ඇත්තේ නැතැයි කියා.” ලොව පුරා ග්ලැසියර ඉතා වේගයෙන් දිය වී යන මේ කාලයේ මෙවැනි නව සොයා ගැනීම්වලින් යම් ආකාරයක සහනයක් ලැබෙනවා. 2011 දී හිමාලය ගැන කළ අධ්‍යයනයකින් හෙළි වී තියෙනවා, ග්ලැසියරවල හිම දිය වී යාමේ වේගය අනුව 1980 ගණන්වලට වඩා දෙගුණයක් වී ඇති බව. එයින් අවට රටවල බිලියන 1.3ක් වන ජනතාවකට පිරිසිදු ජලය ලැබෙන බවත් සඳහන් වෙනවා.
මේ වසරේ එනම් 2012 වසරේ පිටසක්වල යානා 3ක් පෘථිවියට එන ලකුණු
2012 වසර අවසානයේදී දැවැන්ත අභ්‍යවකාශ යානා තුනකින් පෘථිවියට ප්‍රහාරයක් එල්ල වේ. මේ අබිරහස් තොරතුරු හෙළිකරන්නේ හාස් නමැති විමර්ශන පද්ධතියයි. හාස් විමර්ශන පද්ධතිය ඇත්තේ ඇලස්‌කාවේය. පිටසක්‌වල ජීවීන්ගේ ආගමනය විමර්ශනය කිරීම සඳහා වූ මේ පද්ධතිය ස්‌ථාපිත කර ඇත. පෘථිවිය වෙත ඇදී එන මේ දැවැන්ත පිටසක්‌වල යානා තුනින් එකක් කිලෝමීටර් 240 ක් තරම් විශාලය. අනිත් දෙක ඊට වඩා කුඩාය. මෙය ඇදහිය නොහැකි පුවතකි. එහෙත් හාස් පද්ධතිය පවසන්නේ මේ යෝධ පිටසක්‌වල යානා තුන දැන් ප්ලූටෝ ග්‍රහයා, සමීපයේ ඇති බවයි. මේ යානා අඟහරු ග්‍රහයා සමීපයට ළංවෙත්ම ඒවා පෘථිවියේ දුර දක්‌නවලට පෙනෙන බවද හාස් පද්ධතියේ පරීක්‍ෂකයෝ පවසති.
මේ අනතුරුදායක තත්ත්වය ගැන ඇමරිකානු රජයට දන්වා ඇති බවද රුසියානු ප්‍රවෘත්ති සේවය කියා සිටියි.
මේ යානා පෘථිවිය වෙත සමීප වෙන්නේ 2012 දෙසැම්බර් මාසයේදීය. 2009 මාර්තු 15 වැනිදා නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත පුවතක් ප්‍රකාශයට පත් කරමින් පැවසුවේ මැච්නාන් නමැති චීන නිලධාරියා විසින් "නාසා" ආයතනයේ රහස් ඡායාරූප 1000 ක් විමර්ශනයට පත්කළ බවත් එම ඡායාරූපවල මිනිස් පා සටහන් පමණක් නොව මිනිස් සිරුරක් පවා තිබූ බවයි. මෙම මිනිස් සිරුර පිටසක්‌වල යානාවකින් සඳ මතට විසිකරනු ලැබුවක් බවද පවසන එම චීන නිලධාරියා "ලුනා" යානාවකින් එකී ඡායාරූප ගත් බවද හෙළිකර ඇත.
මෙයට සමාන තොරතුරු හෙළි කළ නාසා ආයතනයේ ඡායාරූප ඒකකයේ නියමු ප්‍රධානියා වූ ආචාර්ය කෙන් ගොන්ස්‌ටන් පැවසුවේ ඇමරිකානු අභ්‍යවකාශගාමින් සාදවා තිබූ කෘත්‍රිම නෂ්ටාවශේෂයෙන් හා නොහඳුනන යන්ත්‍ර රැසක් සොයාගත් බවයි. එහෙත් මේ තොරතුරු ඇමරිකානු රජය විසින් රහසිගතයි යනුවෙන් දක්‌වා ඒ ගැන මහජනතාවට හෙළිකර නැත. 1969 අගෝස්‌තු 3 වැනිදා සඳ මත තත්ත්වය පිළිබඳව ගත් මෙම ඡායාරූප සම්බන්ධව තොරතුරු වසන් කිරීමට "නාසා" ආයතනයද ක්‍රියා කර ඇත. මේ ඡායාරූප ඉතාම පැහැදිලියි. මිනිස් සිරුරක් සඳ මත තිබුණා යෑයි එම චීන නිලධාරියා විසින් හෙළිකර තිබේ.
මේ අතර සෙම් නමැති ආයතනයද මේ රහස් හෙළිකර ඇත. ඔවුන්ද පැවසුවේ පිටසක්‌වල යානා තුනකින් ප්‍රහාරයක් එල්ල වන බවයි.
මායාවරුන්ගේ දින දර්ශනය 2012 දෙසැම්බර් 21 වැනිදා අවසන් වේ. මායාවරුන්ගේ දින දර්ශනය හා පිටසක්‌වල යානා තුන අතර සබඳතාවක් තිබේද?
2012 ලෝක විනාශය සන්නිවේදනයේ නිර්මාණයක්ද ?
එදින වෙනදා මෙන් ම හොඳින් හිරු පෑයූ දිනයකි. සොබාදහමේ පැහැයෙන් මුළු ලොවම බබළමින් තිබේ. මිනිස් වර්ගයා ද තම එදිනෙදා වැඩකටයුතුවල සාමාන්‍ය අන්දමින් නිරත වෙමින් සිටිති. එහෙත් එක් වරම සිදුවන්නේ මහා විපතකි.
එමෙන් ම එය අදහා ගත නොහැකි තරම් ය. මහ පොළව ගුගුරා කඩා හැලේ. එහි අඩුව පිරවීමට මෙන් සුනාමි ලෙස වියරු වැටුණු මහා සාගරය ගොඩබිමට ගලා එයි. පණ බේරා ගැනීමට එහා මෙහා දිව යන මිනිස්සු පවසන්නේ මේ ලෝක විනාශය බවයි. දිනය 2012 දෙසැම්බර් මස 21 වැනිදා ය.
තිරය දෙස බලා සිටි මට සිතුණේ මේ මොන විකාරයක් ද යන්නයි. මිනිසුන් බය කරන්නට මේ තරම් දේවල් කළ යුතු නැත. අනෙක් අතට පිටසක්වල ජීවීන්ගේ ආක්‍රමණ මෙන් ම ස්වභාවික විපත් කැටි කොට ගනිමින් නිපදවුණ හොඳ සිනමා පට අපි රස විඳ ඇත්තෙමු. 2012 සිනමා පටය ප්‍රේක්ෂක ආකර්ශණයට ලක් වූයේ විශේෂයෙන් ම ඒ සඳහා ලබා දුන් ප්‍රචාරණය හේතුවෙනි.
සිනමා පටය සිනමාහල් කරා ඒමට මාස 3 කට පමණ පෙර අතීතයේ විසූ මායාවරුන් ගේ දින දසුනකට අනුව 2012 දී ලෝක විනාශය සිදුවන බව පැවසෙන විද්‍යුත් තැපැල් පත් බොහෝ විද්‍යුත් ලිපින වෙත ලැබී තිබුණි. මා වෙත ලැබුණ මෙම විද්‍යුත් තැපැල් පත කියවා බැලූ මට වැටහී ගියේ එය තවත් එක් විහිළුවක් බවයි. එහෙත් එය බොහෝ දෙනා අතර සාකච්ඡාවට බඳුන් වී තිබිණි.
ඉන් පසුව පැමිණියේ සිනමා පටයයි. බටහිරට සමගාමීව ශ්‍රී ලංකාවේ ද ප්‍රදර්ශනය වූ 2012 නම් වූ මෙම සිනමා පටය විශාල ලෙස ප්‍රේක්ෂක ආකර්ෂණයට ලක් විය. එහෙත් අර්බුදය මතු වන්නේ ඉන්පසුව ය. 2012 වසරේදී ලෝක විනාශයක් වීමට බොහෝ ඉඩකඩ ඇති බවත් ස්වභාවික ව්‍යසනයක් මේ පෙන්නුම් කරන්නේ එහි පෙරමග ලකුණු බවත් යනුවෙන් පැවසෙන මතවාද සමාජය පුරා විසිරී පැතිරී යන්නට විය. මෙය බොහෝ ජනමාධ්‍යයන්හි ද සාකච්ඡාවට බඳුන් විය.
ඒ සමගම අයිස්ලන්තයේ ගිනිකන්දක් පුපුරා ගිය අතර ඒ සමඟ නැඟුණු දූලි අළු වළාවෙන් යුරෝපයේ ගුවන් ගමන් අඩාල විය. ලෝකයේ ප්‍රදේශ කිහිපයකින් ම භූමි කම්පා සහ ජල ගැලීම් ද වාර්තා වූයේ ය. බොහෝ දෙනා මේ සියල්ල දුටුවේ 2012 දී සිදුවන ලෝක විනාශයේ මුල් අධියර ලෙසිනි. ඒ සමඟම පැවසෙන්නට වූයේ ලෝකය පුරා ස්වභාවික විපත් වල කිසියම් වර්ධනයක් සිදුවී ඇති බවයි.
සැබවින් ම මෙම තොරතුරුවල සත්‍යතාවක් තිබේ ද? විමසා බැලිය යුත්තේ එයයි. ජනතාව අතර පැතිර යන මතය පරිද්දෙන් ම ස්වභාවික විපත්වල කිසියම් වර්ධනයක් සිදුවෙමින් පවතී ද? අයිස්ලන්තයේ එජාෆ්ජාල්ලාජෝකුල් ගිනිකන්ද පුපුරා යාම ආරම්භ වූයේ අප්‍රේල් මාසයේ මුල් කාලයේදී ය. ඒ සමඟ ම අප්‍රිකාවේ නැඟෙනහිර ඉවුරට සමීපයේ පවතින එන්ගොරොන්ගෝරෝ ගිනි කන්ද ද පුපුරා ගියේ ය. එහෙත් එහි විදාරණය එජාෆ්ජාල්ලාජෝකුල් හි විදාරණය තරම් ලෝක අවධානයට පාත්‍ර වූයේ නැත.
ඊට හේතුව වූයේ එම ගිනි කන්දේ විදාරණය එජාෆ්ජාල්ලාජෝකුල් මෙන් නොව මිනිසාගේ එදිනෙදා ජීවිතයට අවම හානියක් ගෙන දීමයි. අයිස්ලන්තයේ ගිනිකන්ද යුරෝපයේ ජන ජීවිතය අඩාල කළ අතර එබැවින් ම එය ජනමාධ්‍යයන්ගේ ද ප්‍රබල අවධානයට ලක් විය. ගිනිකඳු පුපුරා යාමේ වර්ධනයක් සිදුවී ඇති බවක් ද කියවෙන්නට විය. එහෙත් තොරතුරු සොයා බලන විට පෙනී යන්නේ එහි කිසිදු සත්‍යතාවක් නොමැති බවයි. අයිස්ලන්තයේ පමණක් ඇති ගිනි කඳු සංඛ්‍යාව 42 කි.
මෙහි ගිනි කඳු 42 ම වරින් වර සක්‍රිය වෙමින් අක්‍රිය වෙමින් පවතී. මෙවර සක්‍රිය වූ එජාෆ්ජාල්ලාජෝකුල් ගිනිකන්ද අසල ඇති වඩා ප්‍රබලත්වයෙන් සහ විශාලත්වයෙන් වැඩි කැට්ලා ගිනිකන්ද ඒ සමඟම විදාරණය වනු ඇති බවට මතයක් එකළ ප්‍රකාශ විය. මීට පෙර මේ ගිනි කඳු දෙකම බොහෝ දුරට එකවර සක්‍රීය වූ බවට ද වාර්තා පැවතුනි. එමෙන් ම කැට්ලා ගිනි කන්දේ නිවුන් සහෝදරිය ලෙස හඳුන්වන හෙක්ලා ගිනිකන්ද ද ඒ සමඟ විදාරණය වීමට ඉඩකඩ පවතින බව ක් ද ප්‍රකාශ විය.
එහෙත් ඒ ප්‍රකාශ නිශ්ප්‍රභ කරමින් කැට්ලා හෝ හෙක්ලා විදාරණය වූයේ නැත. අයිස්ලන්තය පමණක් උදාහරණ වශයෙන් ගෙන විමසා බලන විට පෙනී යන්නේ පසුගිය වසරේ මෙන් ම අදින් වසර 500 කට ඉහත අතීතයේදී ද ගිනිකඳු පිපිරීම වාර්තා වී ඇති බවයි. එහෙත් ඒ තත්ත්වයෙ කිසිදු අඩුවීමක් හෝ වැඩි වීමක් සිදුවී ඇති බවක් නිශ්චිතව ප්‍රකාශ කළ නොහැක.
එක්සත් ජනපදයේ භූ විද්‍යා සමීක්ෂණ මධ්‍යස්ථානයේ වෙබ් අඩවිය පෙන්වා දෙන අන්දමට පසුගිය 05 වැනිදා උදෑසන දහය වන විට ලොව පුරා සිදුවූ භූමි කම්පාවල විස්තරයක් මෙලෙස දැක්විය හැකි ය. එම දිනයෙන් සම්පූර්ණ වූ ගත වූ සතියේ පමණක් සිදුවී ඇති භූමි කම්පා සංඛ්‍යාව 320 ක් විය. ගත වූ පැය 24 තුළ භූමි කම්පා 11 ක් සිදු වී ඇතැයි වාර්තා වී තිබූ අතර මාර්තු පස් වැනි බදාදා උදේ 9.00 - 10.00 අතර කාලයේදී එක් භූමි කම්පාවක් වාර්තා වී තිබුණි. චිලී දේශයේ වල්පරයිසෝ නගරය ආශ්‍රිතව වාර්තා වී තිබූ එහි ප්‍රබලත්වනය රික්තර් මාපක 4.8 ක් විය.
මේ තොරතුරු අනුව පැහැදිලි වන්නේ ගත වන සෑම පැයකදීම හෝ ඊට ආසන්න කාලයකදී ලෝකයේ කිනම් හෝ භූ තැටියක් චලනයට ලක් වන බවයි. එහෙත් මේ දත්තය මේ වනවිට භූමි කම්පාවල වැඩි වීමක් හෝ අඩු වීමක් සිදුවී ඇති බව පවසන්නේ නැත. ඒ අනුව මෙම තොරතුරු විමසා බැලීමෙන් සාක්ෂාත් කර ගත යුතු වැදගත්ම කරුණ නම් පෘථිවියේ භූමි කම්පාවල වැඩිවීමක් සිදුවී ඇතැයි යන මිත්‍යා මතයෙන් බැහැරවීමයි.
ගෙවී ගිය සියවසේ එනම් 1900 සිට 1999 දක්වා පෘථිවිය මත එක් මිනිසකු හෝ මරණයට පත් කරමින් සිදුවී ඇති භූමි කම්පා සංඛ්‍යාව 1307 කි. අවධානයට ගත යුතු කරුණ වන්නේ මෙම සංඛ්‍යාව ගත වූ සියවසේ සිදුවූ සමස්ත භූමි කම්පා සංඛ්‍යාව නොවන බවයි. ඒ අතුරින් 1900 සිට 1909 දක්වා වන දශකය තුළ සිදුවී එක් පුද්ගලයකු හෝ මරණයට පත් කළ භූමි කම්පා සංඛ්‍යාව 49 කි.
2000 සිට 2009 දක්වා දශකයේදී මේ සංඛ්‍යාව 219 ක් වේ. එහෙත් 1990 සිට 1999 දක්වා වන වසර දහයේදී මේ සංඛ්‍යාව 239 ක් ලෙස දැක්වේ. මෙම දත්ත දෙස මතුපිටින් බලන අයකු මෙම දශකය ආරම්භයේදී නම් කම්පාවල අඩුවීමක් වාර්තා වී ඇතැයි පැවසිය හැකි ය. එහෙත් එවන් අදහසකට පැමිණීමට පෙර සැලකිය යුතු කරුණු කිහිපයක් වේ.
ඉන් පළමුවැන්න නම් ගත වූ සියවස ආරම්භයේදී පෘථිවිය මත විසූ ජනගහනයයි. එදිනට සාපේක්ෂව මේ වනවිට ජනගහනයේ අති ශීඝ්‍ර වර්ධනයක් සිදුවී ඇති බව සැවොම දන්නා කරුණකි. එමෙන් ම මේ භූමි කම්පා ගණනය කොට ඇත්තේ ‘එක් පුද්ගලයකු හෝ මිය ගිය’ යන නිර්ණායකයට අදාළව ය.
එබැවින් සියවසේ ආරම්භක දශකයේ දී පුද්ගල මරණ සිදුවූ භූමි කම්පාවල අඩුවීමක් තිබී ඇත. දෙවනුව සියවස අවසාන වන විට විද්‍යා හා තාක්ෂණ අංශ ලබා තිබූ ප්‍රගතිය සැලකිල්ලට ගත යුතු ය. මේ හේතුවෙන් දත්ත වාර්තා වීම සියවස ආරම්භයට වඩා සියවස අවසානයේදී වඩා සාර්ථක ලෙස ක්‍රියාත්මක වන්නට ඇත.
මෙවැනි හේතු සාධක මගින් පෙනී යන්නේ භූමි කම්පා හෝ ගිනි කඳු වැනි ස්වභාවික විපත්වල වැඩිවීමක් පවතින බවට නිගමනයකට එලඹීමට නොහැකි බවයි. එහෙත් ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම මිනිසාගේ ක්‍රියාකාරකම් හේතුවෙන් ම සිදුවන දෙයක් වන අතර එහි අතුරු ප්‍රතිඵල රාශියකි. ධ්‍රැව කලාපවල අයිස් දිය වීම ඒ අතුරින් ප්‍රධානය. අවාසනාවන්ත ලෙස ගෝලීය උණුසුමේ ඉහළ යාම දිනෙන් දින වර්ධනය වන තත්ත්වයක් බව පැවසිය යුතු ය. ඒ අනුව ගෝලීය උණුසුම ඉහළ යාම හා බැඳුණු සෙසු අතුරු ප්‍රතිඵලයන්ගේ බලපෑම ද වර්ධන වන බව නිශ්චිතය.
එමෙන් ම මේ තත්ත්වයන් යටතේ ජනමාධ්‍යයන්ගේ භූමිකාව කෙරෙහි ද අවධානය යොමු කළ යුතු ය. සාමාන්‍යයෙන් සිදුවන ඕනෑම සිදුවීමක තත්ත්වය අවම කර පෙන්වීමට ද උපරිම කර පෙන්වීමට ද හැකියාවක් ජනමාධ්‍ය සතු ය. එමෙන් ම ජනමාධ්‍ය ආකර්ශනය වන්නේ තමා වෙත පාඨකයා, ශ්‍රාවකයා හෝ ප්‍රේක්ෂකයා ආකර්ශනය කර ගත හැකි දේ වෙත ය. මිනිස් වර්ගයා ස්වභාවයෙන් ම තම පැවැත්ම තීරණය කරන දේ සම්බන්ධව සංවේදී වෙයි.
එබැවින් ම ස්වභාවික ව්‍යසන, පෘථිවියේ අනාගතය හෝ ලෝක විනාශය වැනි මාතෘකා ජනමාධ්‍ය වෙත ග්‍රාහකයා බෙහෙවින් ආකර්ෂණය කරන්නේ වෙයි. මේ තත්ත්වය යටතේ ස්වභාවික විපත් වාර්තා වීම වැඩි වන අතරම ව්‍යසනයන්ගේ ව්‍යසනකාරී බව වාර්තාවීම ද වැඩිවේ.
මේ සිදුවීම් දාමයේ අවසාන ප්‍රතිඵලය වන්නේ ලෝක අවසානය අත ළඟ බවත්, මිනිස් වර්ගයා මේ ගෙවා දමන්නේ පෘථිවිය මත වෙසෙන අවසන් වර්ෂ කිහිපය බවත් යනාදී වශයෙන් අසත්‍ය එහෙත් ආකර්ෂණීය මත ජනතාව අතර පැතිර යාමය. එපමණක් ද නොව ජනතාව අතර මෙවන් මත ප්‍රචාරය කරමින්, ඔවුන් බිය වද්දමින් තම නිර්මාණය විකුණා ගැනීමට ශූර චිත්‍රපට අධ්‍යක්ෂවරුන් සමත් වීම ය.
උසේන් බෝල්ට්ගේ ඉටි රුපයක් එංගලන්තයේදී එළිදැක්වෙයි
ඊජිත්තුවේ ජීවන රේඛාව හෙවත් නයිල් නදිය
පැරැණි ශිෂ්ටාචාර අතරින් නයිල් නදිය සහ ඊජිප්තුව අතර
පවතින්නේ ආශ්චර්යමත් සබැඳියාවකි. ඊජිප්තු වැසියන් විශ්වාස කරනුයේ ඔවුන්
බුක්ති විඳින සියලු දේ සඳහා නයිල් නදියට ණයගැති බවයි.නැගෙනහිර
අප‍්‍රිකාවෙන් ඇරැඹෙන නයිල් ගඟ සැතපුම් 4131ක මඟක් ගෙවා ඊජිප්තුවේ කයිරෝ
නගරය සමීපයෙන් මධ්‍යධරණී මුහුදට වැටේ.
නයිල් ගඟ පුරාණ ගංගා නිම්න ශිෂ්ටාචාර බොහොමයක තිඹිරිගෙය
ලෙස සැලකේ. පැරැණි ශිෂ්ටාචාර අතරින් නයිල් නදිය සහ ඊජිප්තුව අතර පවතින්නේ
ආශ්චර්යමත් සබැඳියාවකි. ඊජිප්තු වැසියන් විශ්වාස කරනුයේ ඔවුන් බුක්ති විඳින
සියලු දේ සඳහා නයිල් නදියට ණයගැති බවයි.නැගෙනහිර අප‍්‍රිකාවෙන් ඇරැඹෙන
නයිල් ගඟ සැතපුම් 4131ක මඟක් ගෙවා ඊජිප්තුවේ කයිරෝ නගරය සමීපයෙන්
මධ්‍යධරණී මුහුදට වැටේ. අපි‍්‍රකානු මහාද්විපයේ මුළු භූමි ප‍්‍රමාණයෙන්
1/10 ට අවශ්‍ය ජලය නයිල් ගඟෙන් සැපයේ. මෙමඟින් පෝෂණය වන මුළු භූමි
ප‍්‍රමාණය වර්ග සැතපුම් 293150 කි.උගන්ඩාව ආසන්නයේ පිහිටා ඇති වික්ටෝරියා
විල නයිල් ගඟට ආරම්භය ලබාදේ. බුරුන්ඩි, රුවන්ඩාව සහ ටැන්සානියාව හරහා
පැමිණෙන අතු ගංගා මගින් වික්ටෝරියා විල පෝෂණය ලබයි. වික්ටෝරියා ආසන්න
ප‍්‍රදේශයේදී නයිල් ගඟේ පලල අඩි 1312 පමණ වේ. මෙතැන් පටන් නයිල් ගඟ විවිධ
නම් වලින් හඳුන්වයි. මධ්‍යම සුඩානයේදී වෙනත් අතු ගංගා හා එකතු වීමෙන් 'සුදු
නයිල්' ගඟ ලෙස ව්‍යවහාරයට පැමිණේ. පසුව මධ්‍යම ඉතියෝපියානු කඳු වැටිවලින්
ගලා බසින 'නිල් නයිල්' සමග 'සුදු නයිල්' ගංඟා දෙක එකතු වේ. මෙහි
ප‍්‍රතිඵලයක් ලෙස ''ටානා" විල බිහිවේ. නයිල් ගඟේ මුළු ජල ප‍්‍රමාණයෙන් 2/3
ලැබෙන්නේ නිල් නයිල්' නදියෙනි. සෑම ගිම්හාන කාලයකදී ලැබෙන මෝසම් වැස්සෙන්
සහ ඉතියෝපියාන කඳුකර ප‍්‍රදේශයේ හිම දියවීම නිසා නයිල් ගඟේ ජලය පිටාර ගැලීම
සිදුවේ.ඊජිප්තුවට ළඟා වීමට පෙර නුබියන් කාන්තාර ප‍්‍රදේශයේදී නයිල් ගඟේ
'එස්' ආකාරයේ වංගුවක් දැකිය හැකිය.මිනිසා විසින් ඉදිකර ඇති විශාලම ජලාශය
ඉඳි වී ඇත්තේ ද නයිල් නදියෙනි. මෙය 'නසාර්' විල ලෙස හඳුන්වයි. නයිල් නදිය
හරහා මීටර් 111 ක් උස, කිලෝමීටර් 3 ක් දිග අස්වාන් වේල්ල ඉදිකර 'නසාර්'
ජලාශය ගොඩනගා ඇත. නසාර් ජලාශයේ දිග ප‍්‍රමාණය කිලෝමීටර් 180 කි. එය
ඊජිප්තුවේ සිට උතුරු සුඩානය දක්වා පැතිරි පවතී.නසාර් ජලාශය ඉදිකිරීම නිසා
පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ප‍්‍රදේශ රාශියක් ජලය යට වී ඇත. මේ අතරින්
සුප‍්‍රසිද්ධ ගල් කැටයම් සහිත අබුසිම්බල් විහාරය වෙනත් ස්ථානයක් වෙත රැගෙන
ගොස් සුරක්ෂිත කර ඇත.අස්වාන් බැම්මෙන් අනතුරුව නයිල් ගඟ, නයිල් නිම්නය තුළට
ගමන් ගනී. මෙම ප‍්‍රදේශයේදී පිටාර මට්ටම සැතැපුම් 8 -10 අතර පරාසයක
පැතිරේ. කයිරෝ ආසන්නයේ ඇතිි ති‍්‍රකෝණාක්ෂර පහත් බිම් නයිල් ඩෙල්ටා ලෙස
හඳුන්වයි. නයිල් ගඟ මෙම ඩෙල්ටාවන් හරහා ගමන් ගනී. මෙම ඩෙල්ටාවේ දිග උතුරේ
සිට දකුණට සැතපුම් 99 කි.නයිල් ගඟ පසුබිම් කරගෙන මිථ්‍යා ප‍්‍රබන්ධ සහ
ජනප‍්‍රවාද රාශියක්ද බිහි වී ඇත.
පැන්නත් ගිලෙන්නෙ නැති මළ මුහුද
මහා සයුරට බැස්සොත් පිහිනීමට නොදනී නම් ඔබ සැඩ රළ පහර මැද
ගිලී යාවි. නමුත් නොගිලී ජලය මත සිටිය හැකි එමෙන්ම කිමිදීමට ද නොහැකි අරුම
පුදුම මුහුදක් ගැන ඔබ අසා තිබෙන්නට පුළුවන. ඒ ජෝර්දානයත් ඊශ‍්‍රාලයත් අතර
පිහිටි මළ මුහුදයි. අක්ෂාංශගත පිහිටීම ගතහොත් උත්තර අක්ෂාංශ 100 - 300 අතර
ද නැගෙනහිර දේශාංශ 300 - 450 අතරද මළ මුහුද පිහිටා ඇත.සාමාන්‍ය මුහුදකට
වඩා මළ මුහුදෙහි ජලයෙහි විශේෂත්වයට හේතුව එහි ඇති අධික ලුණු
සාන්ද්‍රණතාවයයි. මෙම ලවණතාවය සාමාන්‍ය මුහුදු ජලයෙහි මෙන් අට ගුණයකි.මෙයට
හේතු දෙකකි. ප‍්‍රධාන හේතුව මළ මුහුද වෙනත් සාගරයක් හෝ මුහුදක් සමග සම්බන්ධ
නොවීමයි. අනෙක් හේතුව නම් නුබියන්, සිරියන් වැනි විශාල කාන්තාර
ප‍්‍රදේශවලට මැදිව පිහිටීම නිසා අධික වාෂ්පීකරණයකින් යුක්තවීමයි. මෙම
විශේෂිත ලවණ සාන්ද්‍රණතාවය නිසා සාමාන්‍ය මුහුදක දැකිය හැකි මසුන්,
දැල්ලන්, ඉස්සන් වැනි ජීවීන් හෝ මුහුදු ශාඛ මළ මුහුදෙහි දැකිය නොහැක. අධික
ලවණතාවයට ඔරොත්තු දෙන, දම් පැහැති ජීවීන් විශේෂයක් මළ මුහුදෙහි වෙසෙන බව
සාගර විද්‍යාඥයන් විසින් මෑතකදී සොයා ගෙන ඇත.
මළ මුහුද පිහිටා ඇති ආකාරය පිළිබඳව විමසීමේදී එය පියවි
ඇසින් දැක බලා ගත හැකි මුහුදු මට්ටමින් පහත්ම ස්ථානය ද වේ. මෙහි ජල මට්ටම
මීටර් 405 ක් ගුඹුරින් පිහිටා තිබෙන අතර ගොඩබිමේ සිට පහළට යත්ම අධික ලෙස
උෂ්ණත්වයද වැඩි වේ. මෙම විශේෂිත පිහිටීමට හේතු වී ඇත්තේ පෘථිවිය නිර්මාණය
වීමේදී ඇති වූ ගිලාබැසීමක් හෙවත් සුවිභේද නිම්නයක් වීමයි. අධික උෂ්ණත්වයක්
පැවතීම නිසා ශීත සෘතුවේ වුවද මෙම ප‍්‍රදේශය සෑහෙන උෂ්ණත්වයකින් යුක්තය.
විශාල ගැඹුරක පිහිටා තිබුණද, මුහුදු වෙරළට වාහනයකින් යාමට හැකිවීම මළ
මුහුදු වෙරළෙහි තවත් විශේෂ ලක්‍ෂණයකි.මළ මුහුදෙහි ඇති කරදිය මිදී සෑදී ඇති
රෝස සහ සුදු පැහැයට හුරු විශාල ලුණු කඳු සහ ටැම් ස්වභාවධර්මයේ තවත්
අපූර්වතම නිර්මාණයකි. ඊශ‍්‍රායලයත් ජෝර්දානයත් මෙම ලුණු උපයෝගී කර ගනිමින්
ඖෂධ වර්ග, විවිධ රසායනික ද්‍රව්‍ය, තීන්ත වර්ග සහ රසායනිත පොහොර නිෂ්පාදනය
කරයි. පොටෑෂ්, බ්‍රෝමයිට් මැග්නීසියම් වැනි ඛනිජ වර්ග ද මෙම ලුණුවල
අන්තර්ගතව ඇත.මළ මුහුද මෙම රටවල සංචාරක කර්මාන්තයටද විශාල වාසියක් ව ඇත.
වසරක් පාසා විශාල සංචාරකයින් සංඛ්‍යාවක් මෙම ප‍්‍රදේශයට පැමිණෙන අතර මළ
මුහුදෙහි නෑමට ප‍්‍රියකරති.මෙම ජලයෙහි සමේ රෝග, ස්වශන රෝග, වාතරෝග, සෙම්
රෝග සහ විවිධ හන්දිපත් රෝග සුව කිරීමේ බලයක් ඇත. එමෙන්ම ලවණ මිශ‍්‍රිත
මඩෙහි බැස සිටීමද විවිධ රෝග සඳහා ප‍්‍රතිකාර ක‍්‍රමයකි. ජෝර්දානයේ සහ
ඊශ‍්‍රායලයේ හෝටල් කර්මාන්තයට මෙම සංචාරකයන් නිසා විශාල ආදායමක්
ලැබේ.විශ්මිත මළ මුහුද කාන්තාරයෙහි බිහිවූ අමිල සම්පතක් බව දැන් ඔබට
වැටහෙනු ඇත.
ලොව උසම ගොඩනැගිල්ල
බර්ජ් කලීෆා කුළුන විවෘත කිරීමේ උත්සවය
ලොව විශිෂ්ඨතම පිරමීඩය සිරි පා පහස ලද සමනළ කන්දයි
හෙළ ජාතිය පිටසක්වලින් පැමිණි ජාතියක් විය හැකි යැයි සිතූ ඇමරිකාවේ නාසා ආයතනය පිටසක්වල ජීවින්ට යැවූ සාම පණිවිඩයේ දෙවැන්නට සිංහල බස ඇතුළු කළේය. හෙළයා පිළිබඳ එලෙස සිතන්නට හේතු වූ කාරණාද නැතුවා නොවෙයි. එයට බලපෑ ප්‍රධානතම කාරණය වූයේ ලාංකිකයන් ලෙස අප පිළිනොගත් රාවණ තාක්‍ෂණය ඇමරිකානු 51 වැනි ජනපදය පර්යේෂණ තුළින් සනාථ කර ගැනීමයි.
අපට රාවණ යුගය මිත්‍යාවක් වුවත් එය දිනෙන් දින නව තාක්‍ෂණය සොයා යන පංච මහා බලවතුන්ට නම් මිත්‍යාවක් වූයේ නැත. විශ්වය පුරා දියුණු ජීව වර්ග හය දහසකටත් අධික සංඛ්‍යාවක් ජීවත් වන බව මේ වනවිට සොයාගෙන හමාරය. රාවණ පරපුර නැතහොත් සූර්යයාගේ සිට පැමිණි පරපුර පෘථිවියට පැමිණියේ ඇල්නිලම් යන තාරකාවේ සිට බවට විශ්වාසයක් පවතී. ඇල්නිලම් තාරකාව යනු ක්‍ෂිතිජය පුරා විසිර ඇති තරු රටා අතර පිහිටි දඩයක්කාරයා නැතහොත් ඔරායන්ගේ බඳ පටියේ මධ්‍යයේ ඇති තාරකාවයි.
අදින් වසර දසදහස් ගණනකට පෙරදී මෙම බඳ පටියේ පිහිටි තරු නැතහොත් ග්‍රහලෝක තුන ත්‍රිකෝණයක අයුරින් පිහිටා තිබුණි. අද වනවිට ඇල්නිලම් ග්‍රහලොව දෙපසින් පිහිටි ග්‍රහලෝක දෙකේ චුම්භක බලය මත එක පෙළකට පිහිටා ඇති බව විද්‍යාඥයන් සොයාගෙන ඇත.
මෙම ත්‍රිත්ව ග්‍රහලෝක තුළ එකම ජීවී විශේෂයක ජනපද පිහිටි අතර එක්වරම ප්‍රබල පිටසක්වළ ආක්‍රමණයකට ඔවුනට මුහුණ දීමට සිදුවිය. දිගින් දිගට පැවති මෙම ආක්‍රමණකාරී තත්ත්වයන් මත එම ග්‍රහලෝකවල පරිසර පද්ධතිය බොහෝසෙයින් බිඳවැටුණි. ඇල්නිලම් ග්‍රහලොවේ පරිසර පද්ධතිය පෘථිවි පරිසරයට වඩා වසර හැටකින් පමණ ඉදිරියෙන් පවතී. එසේම එය මියදෙමින් පවතින ග්‍රහලෝකයක් බවට පත්ව ඇත.
ඇල්නිලම් ග්‍රහලෝක වැසියෝ(බුදු බණට අනුව ආහස්වර දෙව්ලොව) තම බිඳ වැටෙන ග්‍රහලොව රැකගැනීම උදෙසා නව ක්‍රමවේද සෙවූහ. හෙළ රාවණ පරපුර බිහිවන්නේ එලෙසය. පෘථිවිය යනු ජීවී ග්‍රහලොවක් වුවත් දියුණු ජීවී පරපුරක් සිටියේ නැත. ඩයිනෝසර් වැනි මාංශ භක්‍ෂක අති විශාල ජීවීන් විනාශ කර දැමීමට ඇල්නිලම් නම් පිටසක්වල ජීවීහු කටයුතු කලේ දැවැන්ත න්‍යෂ්ඨික පිපිරීමක් සිදු කිරීමෙනි. මෙම පිපිරීමෙන් ජීවී විශේෂ බහුතරයක් විනාශ වී ගිය අතර ඉන් වත්මන් ඇමර්සන් ප්‍රදේශය අශ්‍රිතව වෙසෙන සත්ත්ව විශේෂ බොහොමයක් සුරක්‍ෂිත විය.
මෙම ඉතිරි වූ ජීවීන්ගෙන් තෝරාගත් සත්ත්ව විශේෂයක ජාන මඟින් නව මිනිස් විශේෂයක් බිහිවිය. ඒ අද අප කතා කරන පෘථිවිවාසීහුය. ඇල්නිලම් පිටසක්වල ජීවිහූ තම පෘථිවි ශිෂ්ඨාචාර ගොඩනැගීමේ ක්‍රියාන්විතයේ මූලස්ථානය ලෙසින් පවත්වාගෙන ගියේ හෙළ දීපයයි. එයට බලපෑ ප්‍රධානතම හේතුව වූයේ එකළ භූමි පිහිටීම අනුව පෘථිවියේ මධ්‍යය ලක්‍ෂය හෙළ දේශය තුළ පිහිටීමයි.
අනෙක් කරුණ වූයේ හෙළ ද්වීපය තුළ ඉහළට හා පහළට ශක්තිය ගමන් කරනා විශ්ව බල කේන්ද්‍ර දෙකක් පැවතීමයි. මේ හරහා විශ්වයේ සිට පැමිණෙන යානා වලට ලේසියෙන් පැමිණීමට හැකි වීමත්, පිටව යනවිට ලෙහෙසියෙන් පිටව යාමට හැකියාව පැවති බවටත් විශ්වාස කෙරේ.
හෙළ රාවණ පරපුර යනු එලෙස බලන කල ඇල්නිලම් ග්‍රහලොවේ සිට පැමිණි ජීවීන්ගේ ව්‍යාප්තියකි.
හෙළ අසුර අධිරාජ්‍යයේ ව්‍යාප්තිය හරහා ලොව පුරා ශිෂ්ඨාචාර ගොඩනැඟුණු බව පෙර රාවණ ලිපි වලින් අප කතා කලෙමු. පෘථිවිය ජනාවාස වීම හා මිනිස් පරිණාමවාදය පිළිබඳ මෙතෙක් පැවති මතවාදයන් බිඳ වැටී වෙනස්ම කතාන්තරයක් කරළියට පිවිස ඇත.
මේ කතාවට පදනම සැකසෙනුයේ ලොව බලවත් රටවල් පහ එක්ව හොරරහසේ පවත්වාගෙන යන පිටසක්වල ජීවින්ගේ සබඳතා පිළිබඳ තොරතුරු සාමාන්‍යය මිනිසුන් වෙත ගලා ඒමත් සමඟය.
පිටසලක්වල ජීවින් පිළිබඳ පරීක්‍ෂණ පැවැත්වුනු මුල් කාල වකවානු වල විශ්වයට පණිවුඩ යවමින් ඔවුන් හා සබඳතා ගොඩනැඟීම්ට උත්සහ ගත් ඇමරිකාවේ ඒරියා 51 පරීක්‍ෂක කණ්ඩායම් අවදානමක්ද අතට ගෙන කටයුතු කළහ. ඒ විනාශකාරී පිටසක්වල ජීවී කාණ්ඩයක් පැමිණියහොත් යන ගැටලුවය. ඒ සඳහා පරමාණු අවි භාවිතා කල හැකි වේ යැයි සිතා පෘථිවි කක්‍ෂයට ඔවුන් පිවිසෙන අවස්ථාවේදීම පුපුරුවා හැරීම ඒරියා 51 කණ්ඩායම් වල ඉලක්කය විය. එහෙත් එය මහා විහිළුවක් බව ඔවුනටම පසක් වූයේ ආලෝක වර්‍ෂ ගණනක් පැමිණීමට තරම් දියුණු තාක්‍ෂණයක් සහිත ජීවී විශේෂයකට පරමාණු ශක්තිය යනු රතිඤ්ඤාවක් තරම්වත් වැදගත් නොවන දෙයක් බව පසක් වීමත් සමඟය.
මිනිසා යනු කෘතීමව නිපදවූ ජීවියකු බව අද විද්‍යාව විසින් පිළිගෙන හමාරය. එයට බලපෑ ප්‍රධානතම හේතුව වූයේ විද්‍යාවේ සාමාන්‍යය නියමයන්ට අනුව එකකට එකක් සම්බන්ධ වෙමින් ජීවින් තුළ පරිවර්තනය සිදු වුවත් මිනිස් පරිණාමය තුළ අවස්ථා දෙකක් අතුරුදන්ව පැවතීමය. එසේනම් යම් සත්ත්ව විශේෂයක පරිණාමය යම් දියුණු ජීවීන් පිරිසක් විසින් වෙනස් කර පැවතිය යුතුය. මෙම හේතුව මත ඇමරිකාවේ ඒරියා 51 කණ්ඩායම් හා පිටසක්වල ජීවීන් සමඟ කළ සංවාද හරහා මෙතෙක් ගැටලුවක්ව පැවති බොහෝ තොරතුරු ටිකෙන් ටික එළිවන්නටද විය.
හෙළ අධිරාජ්‍යය මුල් කර ගනිමින් ලොව පුරා ජනපද හතක් ගොඩ නැංවීය. මෙම ගොඩ නැංවූ ජනපද වල පාලනය ගෙනයාම සිදුවූයේ ඇල්නිලම් ග්‍රහලෝකවාසීන්ගේ මුල්වීමෙනි. අප දෙවිවරු ලෙස පිළිගත්තේ ඔවුන්වය. ඔවුනට පහළින් තම රාජ්‍යය ව්‍යාප්තිය සහ ඇල්නිලම් ග්‍රහලොවේ ජීවත්වන පිටසක්වල ජීවින්ගෙන් දීර්ඝායුෂ වෙනුවෙන් නිපදවන ලද මිනිසුන් නම් සත්තව විශේෂය විය. මිනිසුන් නිර්මාණය කිරීමේදී ඔවුන් තුළ ඇති ඇති කරන ලද වේගවත් ව්‍යාප්තියට අදාල හෝ(ර්)මෝන වෙනස්කම් හේතුවෙන් අති වේගයෙන් ලොව පුරා මිනිසුන් ව්‍යාප්ත විය.
රාවණ පරපුරට අයත් ප්‍රබල බලගතු ආයුධයක් මෙන්ම රාජ්‍යය සංකේතය ලෙසින් සැලකූ දම් පැහැ ආලෝකයක් නිකුත් කරන කුඩා ප්‍රමාණයේ චන්ද්‍රහාස් ලෙසෙන් හැඳින්වෙන කඩුවද මෙම ප්‍රධාන ජනපද හත උදෙසා ලබාදුන් රාජ්‍යය සංකේත හතයි. පෘථිවිය ඇල්නිලම් ග්‍රහලොව යටතේ පාලනය වූ ග්‍රහලොවක් බැවින් මෙහි පාලන ඒකක ගෙන ගියේ එම ග්‍රහලොවේ නියෝජිතයින් මඟිනි. මායා, මිසර, පේරු ආදී ශිෂ්ඨාචාරවල මෙන්ම බොස්නියා ශිෂ්ඨාචාරවලින් හමුවූ පිරමීඩ වලද මෙම කඩුවල රූප සටහන් දැකගත හැකිවෙයි.
සෑම ශිෂ්ඨාචාරයක් තුළම ඔවුන් විශේෂිත පිරමීඩ 3ක් ගොඩ නැඟූහ. ගීසා පිරමීඩ මෙලෙස ඉදිකළ පිරමීඩ වලින් ලොව ජනප්‍රියතම පිරමීඩ ත්‍රිත්වයයි. මෙම පිරමීඩ වල පිහිටීමත් ඔරායන් බඳපටියේ ග්‍රහලෝකවල පිහිටීමත් එකිනෙකාට සමාන වේ. (තරු තුනේ ඡායාරූපයක් පිරමීඩ මත තැබූ විට පිරමීඩ වල මධ්‍යය ලක්‍ෂය මත පිහිටයි.) ගීසා පිරමීඩ මෙන්ම බැබිලෝනියානු ශිෂ්ඨාචාරය ගුවනින් ආ හෙළයෝ විසින් නිර්මාණය කරන ලද බව මේ වනවිටත් තහවරු කරගෙන හමාරය. ගීසා පිරමීඩ ලොව ජනප්‍රිය වූයේ එය පොළොව මතුපිට පැහැදිළිවම දැකගත හැකිවීම නිසාය.
නවතම සොයාගැනීම් හරහා ප්‍රධාන ශිෂ්ඨාචාර හත තුළම ඉදිකර ඇති පිරමීඩ පිළිබඳ රහස් එළිවෙමින් පවතී. මේ අතර ඉන්දියාව, බොස්නියාව ආදී රටවල පිරමීඩ පිළිබඳ තොරතුරු හෙළිවෙමින් පවතියි. මෙම රටවල් අතරට ලංකාවත් එක් වෙතැයි පැවසුවහොත් ඔබ පුදුමයට පත්වනු ඇත. ස්වාභාවික කඳු, පිරමීඩ බවට පත් කිරීම මුලින්ම ක්‍රියාවට නැඟුණේ හෙළ පොළොවෙනි. ලොව ප්‍රථම ස්වාභාවික පිරමීඩය සමණල ගිරයි. මේ තුළ ප්‍රබල ක්‍රියාකාරීත්වයකින් යුත් ස්වාභාවික පිරමීඩයක් පවතී. ඉන්පසු ක්‍රියාකාරී මට්ටමේ ඇති පිරමීඩ ත්‍රිත්වය ඇත්තේ බොස්නියාවේය. එහි හිරු, සඳු සහ පොළොව ලෙස නම්කළ ස්වාභාවික පිරමීඩ තුනක් පවතියි. එලෙසම පේරු රාජ්‍යය තුළ ස්වාභාවික වැලි පිරමීඩයක් දැකගත හැකි වෙයි. ඉන්පසු චීනයේ සුප්‍රසිද්ධ සුදු පිරමීඩයද ස්වාභාවික පිරමීඩයකි. ඉන්දියාවේ කෛලාෂකූඨයද ස්වාභාවික පිරමීඩයක් බව මේ වනවිට විද්‍යාඥයන් තහවරු කර අවසානය.
ගිසා පිරමීඩ, බොස්නියා පිරමීඩ මෙන්ම අප රටේ රාවණ යුගයටත් කලියෙන් ඔරායන් බඳ පටියේ ග්‍රහලෝක ඉලක්ක කර ඉදිකළ විශේෂිත පිරමීඩ තුනක් පැවතුණි. ඒ රුවන්වැලි සෑය, ජේතවනය හා මිරිසවැටියයි. එහෙත් මෙම දාගැබ් වලට ඇත්තේ වසර දෙදහස් ගණනක ඉතිහාසයක් යැයි ඔබ කියනු ඇත. නමුත් එය එසේ නොවේ. මෙම ස්ථානවලම පසු කාලීනව විශාල දාගැබ් ඉදිවූවා මිසක හෝ නොමැති නම් පිරමීඩ සඟවා දැමුවා මිසක අලුතින් ඉදිවූයේ නැත. මෙම දාගැබ් හා ගීසා පිරමීඩ තවමත් ක්‍රියාකාරීත්වයෙන් පවතී.
පිරමීඩ යනු ශක්තිය ගබඩා කොට එම ශක්තිය තම මවු ලොවට ලබාදෙන මධ්‍යස්ථානයන්‍ය. මෙහිදී දාගැබ් හරහා එම ග්‍රහලෝක තුනට අවශ්‍යය ජලය ගමන් කිරීම සිදුවන අතර ගීසා පිරමීඩ හරහා එම ලොවට අවශ්‍යය අග්නි කදම්භ සම්ප්‍රේශනය වීම ස්වාභාවිකව සිදුවේ.
සමනළ ගිර මෙම පිරමීඩ වල මධ්‍යස්ථානය ලෙසින් ස්වාභාවිකවම ක්‍රියා කරයි. බුදු බණට අනුවද දෙවියන් ජීවත් වනුයේ මිනිසුන්ගේ චිත්ත ශක්තිය මත යැපෙමිනි. අපි පිංදීම යනු අපේ චිත්ත ශක්තිය ඔවුන් ආරෝපණය කරගැනීමයි. සමනළ ගිර යනු අති බහුතර ලෙස චිත්ත ශක්තිය ආරෝපණය කර ගනිමින් ක්‍රියාත්මක වන ශක්ති ගබඩාවකි. එනම් ඇල්නිලම් නැතහොත් ආහස්වර වාසී දෙවියන්ගේ දේව ශක්තිය වර්ධනය කිරීම උදෙසා චිත්ත ශක්තිය සපයන පිරමීඩයකි. මේ සියල්ල අදටත් ක්‍රියාත්මක වෙමින් පවතී. අපට මෙය අරුමයක් වුවත් ඇමරිකාවට හෝ චීනයට මෙය අරුමයක් නොවේ.
ඒ ඔවුන් විශ්ව ජීවීන්ගෙන් සියලු රහස් දැනගෙන සිටින නිසාය. රාවණ පරපුර නැතහොත් පෘථිවිය ජනාවාස කළ මුල් පරපුර පිටසක්වල ජීවීන් වූවත් අප සහ ඔවුන් අතර ලේ සබඳතා තිබේ. සත්‍යය වශයෙන්ම මෙය අපට ආඩම්බරයකි.
හෙළයන් ලෙස අපට කළ නොහැක්කක්ද නොමැත්තේ එබැවිනි.
විදුලි ආදා
බැලු බැල්මට ආදකු මෙන් පෙනුනත් විදුලි අදායැයි නම් ලැබුවත් මෙම සත්වයා සැබෑ ආදෙකු නොවෙ.ඌ මිටර් 2.5 තරම් දිගක් දක්වා වැඩෙන දකූණු ඇමරිකානු මිරිදිය මත්ස්‍යයෙක්වෙ.මෙම සතාගේ ශරිරයෙන් පහෙන් හතරක් පමණම වලිගයයි.මෙම වලිගය සමාන්‍ය මත්ස්‍යයෙකුගේ මෙන් නොව සුවිශේෂි විලිගයක් වෙ.ඒ මගින් වොල්ට් 600 ක් පමණ අධික වොල්ටියතාවයක් යුත් ධාරාවක් නිකුත් කිරිමට ඌ සමත්ය.විදුලි ආදා නමින් හදන් වන්නේ ඒ නිසාය විදුලි සැර නිකුත් කිරිමට ගත වනකාලය තත්පරයකින් දෙදහසින් පංගුවක් වේ.
අන්තර්ජාලය
අන්තර්ජාලය තවත් මිනිසාගේ පුදුම සහගත නිර්මාණයකි.මෙය හරහා ලොව ඕනෑම තැනකට සම්බන්ධ විය හැක.සත්‍ය වශයෙන්ම අන්තර්ජාලය යනු පරිගණක මිලියන ගණනකින් සැදුම්ලත් පරිගණක ජාලයකි.අනාගතයේදී මෙය හරහා බොහෝ වැඩ කර ගැනීමට හැකිවනු ඇත.මුදල් ගනුදෙනු,සන්නිවේදන ආදී කටයුතුද මේ හරහා පහසු වේ.වර්තමානයේ ජංගම දුරකථන වල පවා අන්තර්ජාල පහසුකම් ඇත.අන්තර්ජාල පහසුකම් ඇති නවීන උපාංග නිසා අනාගතයේ අන්තර්ජාලය මිනිස් ජීවිතයේම කොටසක් වනු ඇත.
නැනෝ තාක්ෂණය
විද්‍යාවේ හා තාක්ෂණයේ දියුණුවත් සමග ඉතා කුඩා අංශු යොදාගෙන විවිධ නිර්මාණ කිරීමට මිනිසාට හැකිවී ඇත.එවැනි එක් නිර්මාණයක් ලෙස නැනෝ තාක්ෂණය දැක්විය හැක.එම තාක්ෂණය යොදාගෙන විවිද රෝග වලට ප්‍රතිකාර කිරීමටද මේ වන විට පරීක්ෂණ සිදුකරයි.මෙම පරීක්ෂණ සාර්ථක වුවහොත් අනාගතයේදී පිළිකා වැනි රෝග සුව කිරීමට මෙය යොදා ගනු ඇත.එමෙන්ම දියුණු තීන්ත වර්ග සැදීමටද මෙමගින් හැකිවනු ඇත.එහෙත් මෙයින් අහිතකර බලපෑම්ද ඇතිවිය හැක.කවරකු හෝ අහිතකර ලෙස මෙම තාක්ෂණය යොදා ගතහොත් සිදුවන හානිය මෙපමණකැයි කිව නොහැක.එමනිසා එය වැළක්වීමට දැනටමත් විවිද අය විසින් සංවිධාන පිහිටුවා ගෙන ඇත.එහෙත් මෙය යහපතට යොදා ගතහොත් එමගින් මානව සංහතියට නොමැකෙන සේවයක් ඉටුවනු නොඅනුමානය.
විනිවිද පෙනෙන ජංගම දුරකතනයක් එළිදකී
අප දැනට භාවිතා කරන ජංගම දුරකථන වලට වඩා මෙය බොහෝ සෙයින් වෙනස් වූ ජංගම දුරකථනයකි.ඒ කුමක් නිසාවත් නොව එහි ඇති විනිවිද පෙනෙන ලක්ෂණය නිසාය.මෙය දැනට එතරම් භාවිතයේ නොමැත.එහෙත් අනාගතයේදී නම් මෙය බොහෝ සෙයින් ජනප්‍රිය වනු ඇත.මිනිසා විසින් නිපදවනු ලබන මෙවැනි නිර්මාණ දිනෙන් දින වෙනස් වනවා පමණක් නොව ඒවායේ තාක්ෂණයද අප මවිත කරවයි.
චීන මහා ප්‍රාකාරය
නැගෙනහිර චීනයේ කහ මුහුදු බොක්කේ සිට මොන්ගෝලියාවේ බටහිර සීමාව දක්වා විහිදී ඇති චීන මහා ප්‍රාකාරය මිනිස් දෑතින් ඉදි වු විස්මය දනවන දැවැන්ත නිර්මානයකි. මෙහි ඉදිකිරීම් ක්‍රිස්තු පූර්ව 6 වන සියවසේදී පමන ආරම්භ වී ඇති අතර ක්‍රිස්තු පූර්ව 16 වන සියවස දක්වා ඉදිකිරීම්, ප්‍රතිසංස්කරණ හා සංරක්ෂණ කටයුතු සිදු වී ඇත. චීන අධිරාජ්‍යයේ උතුරැ සීමාවට නිරන්තරයෙන් එල්ල වූ මොන්ගෝලියන් ආක්‍රමණවලින් ආරක්ෂා වීම සඳහා මේ මහා ප්‍රාකාරය ඉදිකර ඇතැයි සැලකේ. මෙම ප්‍රකාරයේ දිග කි:මී: 6400ක් පමණ වේ. මෙහි බැම්ම කළුගල් අඩිතාලමක මීටර් 12ක් උසට ගඩොලින් නිර්මානය කර ඇත. ප්‍රකාරය මුදුනේ මීටර් 4.5ක් පළල පාරකි. ප්‍රකාරය දිගේ මීටර එකසිය අසූවෙන් එකසිය අසූවට මුර කුළුණු සාදා ඇත. අතීතයේදී මිලියනයකට අධික පිරිසක් මුර සේවයේ යොදවා තිබූ බව සඳහන් වේ. චන්ද්‍රයාගේ සිට පෘථිවිය දෙස බැලූ කළ දිස්වන මිනිසා විසින් ඉදිකළ එකම නිර්මාණය මෙය ලෙස සැලකේ.
Subscribe to:
Posts (Atom)