ඊජිත්තුවේ ජීවන රේඛාව හෙවත් නයිල් නදිය

පැරැණි ශිෂ්ටාචාර අතරින් නයිල් නදිය සහ ඊජිප්තුව අතර පවතින්නේ ආශ්චර්යමත් සබැඳියාවකි. ඊජිප්තු වැසියන් විශ්වාස කරනුයේ ඔවුන් බුක්ති විඳින සියලු දේ සඳහා නයිල් නදියට ණයගැති බවයි.නැගෙනහිර අප‍්‍රිකාවෙන් ඇරැඹෙන නයිල් ගඟ සැතපුම් 4131ක මඟක් ගෙවා  ඊජිප්තුවේ කයිරෝ නගරය සමීපයෙන් මධ්‍යධරණී මුහුදට වැටේ.
නයිල් ගඟ පුරාණ ගංගා නිම්න ශිෂ්ටාචාර බොහොමයක තිඹිරිගෙය ලෙස සැලකේ. පැරැණි ශිෂ්ටාචාර අතරින් නයිල් නදිය සහ ඊජිප්තුව අතර පවතින්නේ ආශ්චර්යමත් සබැඳියාවකි. ඊජිප්තු වැසියන් විශ්වාස කරනුයේ ඔවුන් බුක්ති විඳින සියලු දේ සඳහා නයිල් නදියට ණයගැති බවයි.නැගෙනහිර අප‍්‍රිකාවෙන් ඇරැඹෙන නයිල් ගඟ සැතපුම් 4131ක මඟක් ගෙවා  ඊජිප්තුවේ කයිරෝ නගරය සමීපයෙන් මධ්‍යධරණී මුහුදට වැටේ. අපි‍්‍රකානු මහාද්විපයේ මුළු භූමි ප‍්‍රමාණයෙන් 1/10 ට අවශ්‍ය ජලය නයිල් ගඟෙන් සැපයේ. මෙමඟින් පෝෂණය වන මුළු භූමි ප‍්‍රමාණය වර්ග සැතපුම් 293150 කි.උගන්ඩාව ආසන්නයේ පිහිටා ඇති වික්ටෝරියා විල නයිල් ගඟට ආරම්භය ලබාදේ. බුරුන්ඩි, රුවන්ඩාව සහ ටැන්සානියාව හරහා පැමිණෙන අතු ගංගා මගින් වික්ටෝරියා විල පෝෂණය ලබයි. වික්ටෝරියා ආසන්න ප‍්‍රදේශයේදී නයිල් ගඟේ පලල අඩි 1312 පමණ වේ. මෙතැන් පටන් නයිල් ගඟ විවිධ නම් වලින් හඳුන්වයි. මධ්‍යම සුඩානයේදී වෙනත් අතු ගංගා හා එකතු වීමෙන් 'සුදු නයිල්' ගඟ ලෙස ව්‍යවහාරයට පැමිණේ. පසුව මධ්‍යම ඉතියෝපියානු කඳු වැටිවලින් ගලා බසින 'නිල් නයිල්' සමග 'සුදු නයිල්' ගංඟා දෙක එකතු වේ. මෙහි ප‍්‍රතිඵලයක් ලෙස ''ටානා" විල බිහිවේ. නයිල් ගඟේ මුළු ජල ප‍්‍රමාණයෙන් 2/3 ලැබෙන්නේ නිල් නයිල්' නදියෙනි. සෑම ගිම්හාන කාලයකදී ලැබෙන මෝසම් වැස්සෙන් සහ ඉතියෝපියාන කඳුකර ප‍්‍රදේශයේ හිම දියවීම නිසා නයිල් ගඟේ ජලය පිටාර ගැලීම සිදුවේ.ඊජිප්තුවට ළඟා වීමට පෙර නුබියන් කාන්තාර ප‍්‍රදේශයේදී නයිල් ගඟේ 'එස්' ආකාරයේ වංගුවක් දැකිය හැකිය.මිනිසා විසින් ඉදිකර ඇති විශාලම ජලාශය ඉඳි වී ඇත්තේ ද නයිල් නදියෙනි. මෙය 'නසාර්' විල ලෙස හඳුන්වයි. නයිල් නදිය හරහා මීටර් 111 ක් උස, කිලෝමීටර් 3 ක් දිග අස්වාන් වේල්ල ඉදිකර 'නසාර්' ජලාශය ගොඩනගා ඇත. නසාර් ජලාශයේ දිග ප‍්‍රමාණය කිලෝමීටර් 180 කි. එය ඊජිප්තුවේ සිට උතුරු සුඩානය දක්වා පැතිරි පවතී.නසාර් ජලාශය ඉදිකිරීම නිසා පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ප‍්‍රදේශ රාශියක් ජලය යට වී ඇත. මේ අතරින් සුප‍්‍රසිද්ධ ගල් කැටයම් සහිත අබුසිම්බල් විහාරය වෙනත් ස්ථානයක් වෙත රැගෙන ගොස් සුරක්ෂිත කර ඇත.අස්වාන් බැම්මෙන් අනතුරුව නයිල් ගඟ, නයිල් නිම්නය තුළට ගමන් ගනී. මෙම ප‍්‍රදේශයේදී පිටාර මට්ටම සැතැපුම් 8 -10 අතර පරාසයක පැතිරේ. කයිරෝ ආසන්නයේ ඇතිි ති‍්‍රකෝණාක්ෂර පහත් බිම් නයිල් ඩෙල්ටා ලෙස හඳුන්වයි. නයිල් ගඟ මෙම ඩෙල්ටාවන් හරහා ගමන් ගනී. මෙම ඩෙල්ටාවේ දිග උතුරේ සිට දකුණට සැතපුම් 99 කි.නයිල් ගඟ පසුබිම් කරගෙන මිථ්‍යා ප‍්‍රබන්ධ සහ ජනප‍්‍රවාද රාශියක්ද බිහි වී ඇත.

No comments:

Post a Comment