ලොව උසම ගොඩනැගිල්ල


සියලුම ආකාරයේ ගොඩනැගිලි පිළිබදව මෙතෙක් තිබු සියලුම වාර්තා බිඳ හෙළමින් පසුගිය ජනවාරි 4 වැනිදා ලොව උසම ගොඩනැගිල්ල "බර්ජ් කලීෆා" නමින් ඩුබයි එමීර්යේදී නිල වශයෙන් විවෘත කෙරිණි. බර්ජ කලීෆා යන්නෙහි අරුත කලීෆා කුළුණ යන්නයි. මීට පෙර මෙය නම් කොට තිබුනේ බර්ජ් ඩුබායි නමිනුයි. බර්ජ් කලීෆා ගොඩනැගිල්ල ලොව උසම ගොඩනැගිල්ල, වැඩිම තට්ටු සංඛයාවකින් සමන්විත ගොඩනැගිල්ල, වඩාත් උසින් පිහිටි නිරීක්ෂණ අට්ටාලය සහිට ගොඩනැගිල්ල, වැඩිම උසකට ගමන් කරන විදුලි සෝපානය සහිත ගොඩනැගිල්ල යන සියලුම වාර්තාවන්ට හිමිකම් කියන ගොඩනැගිල්ල ලෙසත් වර්තාගත වෙනවා. මීටර් 828 හෙවත් අඩි 2717 ක උසින් යුත් බර්ජ් කලීෆා හි මිනිස් වාසය සදහා තට්ටු 160ක් පිහිටා ඇති අතර ඊට අමතරව නඩත්තු කිරීමේ උපාංග සහිත තට්ටු 46 කින් සහ බිම් මහලේ වාහන ගාල් කිරීම සදහා තට්ටු 2 කින් සමන්විත වෙනවා. මෙහි ඇති ජනෙල් සංඛයාව 24,348 ක්. ඉහළම මට්ටමේ ජනේල් පිරිසිදු කිරීම සදහා මිනිසුන් රහිත යන්ත්‍ර යොදවා ඇති අතර අනෙක් තට්ටු වල ජනෙල් පිරිසිදු කරන්නේ පිටතින් එල්ලෙන ගෝන්ඩෝලා වල නැගුණු පළපුරුදු ජනේල් පවිත්‍ර කරන්නන් විසිනුයි. මෙහි තට්ටු වල තරු පහේ හෝටලයක්, සුබෝපභෝගී නිවාස, ආයතන, අවන්හල්, නිරීක්ෂණාගාර සහ නඩත්තු කුටි පිහිටා ඇත.මෙම ගොඩනැගිල්ලේ හැඩය සදහා පාදක කොට ගැන ඇත්තේ කාන්තාරයේ පිපෙන් මලක් වන " හයිමෙනෝකෙලිස්" මලේ ස්වරූපයයි.ගොඩනැගිල්ලේ නිමාව සදහා ප්‍රධාන වශයෙන් යොදාගෙන් ඇත්තේ වීදුරු, මල නොබැදෙන වානේ සහ ඔප දැමු අඳුරු පැහැති පාෂාණයි. ගොඩනැගිල්ල තුල ගමනාගමනය සඳහා විදුලි සෝපාන 57 ක් ද, දුවන පඩි පෙළි 8 කින්ද පිහිටා තිබෙනවා. ඉහළ මාලය සදහා පිවිසෙන මෙම විදුලි සෝපානය තත්පරයකට මීටර් 10 ක වේගයකින් ගමන් කරන අතර ඒවා ලොව වේගවත්ම විදුලි සෝපානය ලෙසයි සැළකෙන්නේ. මහජනයා සඳහා විවෘත මෙම ගොඩනැගිල්ලට කලින් වෙන් කරවගත් දිනකදී නියමිත වේලාවට පිවිසීම සඳහා වැඩිහිටියකු (වයස අවුරුදු 13 න් ඉහළ ) ඩිරාම් 100 ක මුදලක් එනම් රුපියල් 3500 මුදලක් ගෙවිය යුතු අතර ළමයෙකු ( අවු: 3 සිට අවු: 12 දක්වා ) ඩිරාම් 75 ක මුදලක් එනම් රුපියල් 2625 මුදලක් යුතුයි. එසෙනින් ප්‍රවේශ වීමේ අවෂ්යතාවය ඇති අයගෙන් ඩිරාම් 400 ක මුදලක් එනම් රුපියල් 14,000 මුදලක් අය කෙරේ.අවුරුදු 3 දක්වා ළමුන් සදහා කිසිදු ගාසිතුවක් අය නොකරයි.

බර්ජ්  කලීෆා කුළුන විවෘත කිරීමේ උත්සවය

No comments:

Post a Comment